IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ලොකුම ගුවන් යානය ගමන් අරඹයි

ඇන්ටනොව් 225 ම්රියා නම් ලොව විශාලතම ගුවන් යානය ඩුබායි හරහා ඉතාලිය බලා ගමන් ආරම්භ කර තිබේ.

එය ඉරිදා ඕස්ට්‍රේලියාවේ පර්ත් ගුවන්තොටුපලට ළගා වූ අතර එය දැක බලාගැනීමට විසි දහසකට ආසන්න පිරිසක් පැමිණ සිටියහ.  

දිගින් මීටර 84ක් වූ එම යානය යුක්රේනයේ නිෂ්පාදිත ගුවන් යානයකි.

ම්රියා යනු යුක්රේනියා  භාෂාවෙන් සිහිනය යන තේරුම දෙයි. එන්ජින් 06කින් සමන්විත එම යානයට ටොන් 640ක් දරාගෙන ගුවන්ගත විය හැක.



අදහස් (0)

ලොකුම ගුවන් යානය ගමන් අරඹයි

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Thursday, 19 May 2016 08:39 AM

මහී දන්නේ නැතුව ඇති ලෝකයේ තිබෙන විශාලතම මගී ගුවන් යානය බටහිර යුරෝපියන්ගේ නිෂ්පාදනයක් බව. (නි)

:       0       0

මහී Wednesday, 18 May 2016 10:06 AM

රුසියානුවන්ගේ වැඩ තමි.බටහිර යුරෝපියන්ට ඔය වගේ වැඩක් කරන්න බැහැ. බොරුවට පුරාජේරු කියනවා විතරයි.(අ)

:       0       0

මේරි Thursday, 19 May 2016 08:45 AM

දැන් ඉතින් ඇමරිකාවත් මීටවඩා ලොකු ගුවන් යානාවක් හදාවි. (නි)

:       0       0

අප්පුහාමි Friday, 20 May 2016 01:34 AM

නලින් හරි. මමත් එකඟයි (නි)

:       0       0

ශාන්ත - කටාර් Wednesday, 18 May 2016 03:57 AM

පින්තූරයක් දාන්න පුලුවන් නම් ලොකු උදව්වක් (නි)

:       0       0

ධනුෂ්ක Thursday, 19 May 2016 10:18 AM

ඔබලාට සුබ ගමන්. (ර)

:       0       0

විජිත් Friday, 27 May 2016 12:44 AM

ක්‍රිෂාණිටයි ශාන්තටයි මාව මතක්වීම ගැන ස්තුතියි. මේ අැන්ටෝනොව් 225 කියන්නේ වසර 20 කට අාසන්න කාලයක්ම ලොව විශාලම, බරින් අධිකම සහ දිගෙන් වැඩිම වාර්තා කිහිපයක් තියාගෙන සිටින යුක්රේනයේ අැන්ටෝනොව් ගුවන්යානා ආයතනයේ නිෂ්පාදිත අද්විතීය ගුවන් යානයක්. මෙය පණගැන්වෙන්නේ ඩී 18 ටර්බෝ ෆෑන් එන්ජින් 6කිනි. කිලෝ නිවුටන් 229.5 ක බලයක් මේ එක එන්ජිමක් සතුයි. (නි)

:       0       0

සුරංග Saturday, 28 May 2016 06:36 PM

මෙය නිපදවූ කෙනාට මම සුබ පතනවා! (නි)

:       0       0

වනිගසේකර Thursday, 19 May 2016 05:42 AM

මෙන්න පින්තූරය http://www.thenational.ae/storyimage/AB/20160518/STORYGALLERY/160519066/AR/0/ (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Friday, 20 May 2016 07:37 AM

මෙය මගී ගුවන් යානයක් නොවෙයි. සමහරු මෙයට කියන්නේ "පියාඹන ලොරියක්" කියලයි. ඒ උනත් මෙහි වරකට ටොන් ගණනක් ප්‍රවාහනය කිරීමේ හැකියාව තිබෙන නිසා එය ඉතාම ප්‍රයෝජනවත් යානයක් හැටියට මුළු ලොවම පිලිගන්නවා. (ර)

:       0       0

නලින් යහම්පත් Wednesday, 18 May 2016 06:02 PM

මෙම ගුවන් යානය සෝවියට් දේශය කාලයේ යුක්රේනය ප්‍රාන්තයේ, දැන් වෙනම රටක් 1980 කාලයේ නිෂ්පාදිත යානාවක් (නි)

:       0       0

කරුණාජීව Thursday, 19 May 2016 06:21 AM

කිෂානි බණ්ඩාරනායක, මම ශාන්ත -කටාර්ට කියපු වෙබ් අඩවියට පිවිසෙන්න. එවිට ඔබට දැකගැනීමට පුළුවන් මෙහි තාක්ෂණික අංශය ගැන. (නි)

:       0       0

ලෙස්ලි Wednesday, 18 May 2016 07:07 PM

වැදගත් පුවත් ගෙනඑන ලංකාදීපයට ස්තුතියි! (නි)

:       0       0

සමන්ත Wednesday, 18 May 2016 06:40 AM

මැයි 10 දා යුක්රේනයේ කීව් අගනුවර සිට චෙක් ජනරජයේ අගනුවර වන ප්‍රාග් වෙත පියාසර කරන ලද මේ යානය එහි සිට ටොන් 130 ක් බරැති විදුලි උත්පාදක යන්ත්‍ර පටවාගෙන ඔස්ට්‍රේලියාව වෙත පියාසර කළේය. එය මෙම යෝධ ගුවන් යානයේ පළමු වාණිජ ගුවන් ගමන විය. ප්‍රාග් සිට ඕස්ට්රේලියාව යන අතරමඟදී එය තුර්ක් මෙනිස්තානය, ඉන්දියාව සහ මැලේසියාව යන රටවල තාක්ෂණික ගොඩ බැස්සවීම් සිදු කළේය. යුක්රේනයේ ඇන්ටනෝව් සමාගමේ නිපදවන ලද AN-225 ම්රියා - ගුවන් යානය ලොව විශාලතම හා වඩාත්ම බරැති ප්‍රවාහන ගුවන් යානාව වේ. සෝවියට් දේශය පැවති සමයේ 1988දී ප්‍රථම වරට නිපදවන ලද මේ යානය එකල සෝවියට් දේශය නිපදවූ බුරාන් (හිම කුණාටුව) නම් අභ්‍යවකාශ යානය සිය පිට මත තබාගෙන පියාසර කළේය. (ර)

:       0       0

ශ්‍රීනාත් Wednesday, 25 May 2016 11:07 AM

හැදුවේ එකයි 1988 වැඩේ පාඩුයි ඒ නිසා තව හැදුවේ නෑ (බ)

:       0       0

ශාන්ත පීරිස් Friday, 20 May 2016 12:06 PM

ඇත්තටම කෝ අපේ විජිත් මහත්මයා..? (ර)

:       0       0

කිෂානි බණ්ඩාරනායක Thursday, 19 May 2016 01:00 AM

අනේ විජිත්, මේ ගුවන්යානාවේ තාක්ෂණික අංශය ගැන ටිකක් අපිට කියා දෙනවාද..? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 424 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16817 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 649 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site