IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


‘රස්නෙට හොඳම බෙහෙත ඇල්වතුරයි‘

මේ දිනවල හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද පවතින අධික රශ්නය හා වියළි කාලගුණය සමග දූවිලි පරිසරය පුරා පැතිර යන හෙයින් කුඩා දරුවන්ගේ ඇඟේ සම මත කුඩා බිබිලි වැනි සමේ රෝග ඇති විය හැකි හෙයින් ඔවුන් ගැන සැලකිළිමත් විය යුතු බව හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා කීය.

දැනටමත් අම්බලන්තොට සහ හම්බන්තොට  ඇතැම්  ප්‍රදේශවල දරුවන්ට මෙවැනි සමේ රෝග තත්ත්වයන් ඇති වි තිබෙන බවට වාර්තා වී ඇති හෙයින් එයට එතරම් බිය නොවිය යුතු බවද, තද රශ්නය හා පරිසරයේ වියළි භාවය  හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයක් හෙයින් තද අව්වට, දූවිලි ඇති පරිසරයට , දරුවන් යොමු නොකර හොඳින් ජලය පානය කිරීමට ලබා දිය යුතු බවද කිය.

මේ දිනවල විශේෂයෙන්ම වැඩිහිටි අය සාමන්‍යයෙන් දිනකට පිරිසිදු පානීය ජලය ලීටර් තුන හමාරක් පමණ පානය කළ යුතු බවත්, බර අනුව ළමයින් දිනකට ජලය ලීටර් එකක් වත් පානය කිරිමට යොමු කිරීමට දෙමාපියන් වග බලාගත යුතු වේ.

පානීය ජලය සැපයෙන ජලශවල ද ජලය අඩුවීම නිසා පානීය ජලයේ ගුණාත්මක භාවයේ යම් ගැටළුවක් ඇති වන්නට ඉඩ තිබෙන හෙයින්  නල ජලයද උණුකර නිවා පානය කිරීම සිදු කළ යුතුබවද චමල් සංජීව මහතා කීය.

දියවැඩියාව, අධික රුධිර පිඩනය, වැනි රෝග ඇති අයට ද මේ දිනවල විවිධ සංකූලතා ඇතිවිය හැකි බැවින් ජලය හොඳින් පානය කිරීම නිතරම සිදු කලයුතු බවද වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා කීය.

පාසල්යන දරුවන් විවේක කාලයේ දී අධික ලෙස දහඩිය දැමිම දක්වා මේ දිනවල සෙල්ලම් කිරීම පවා සිමා කිරිමද සුදුසු බවත්, පාසල් කාලයතුල පිරිසිදු පානීය ජලය පානය කිරීමට දරුවන් යොමු කිරිම ඉතා වැදගත් බව සඳහන් කළේය.   

Dr-chamal-sanjeewa2016323



අදහස් (0)

‘රස්නෙට හොඳම බෙහෙත ඇල්වතුරයි‘

ආරුන් Wednesday, 23 March 2016 11:00 AM

මගේ අම්මෝ දොස්තර මහත්තයාගේ ඔලුව පිටිපස්සේ තියෙන පොත් කන්දරාව !(අ)

:       0       0

අමල් Thursday, 24 March 2016 04:54 AM

මාර රස්නයක් මේ දවස්වල තියෙන්නේ. (ර)

:       0       0

ඉමේශ් Wednesday, 20 April 2016 04:42 PM

ඉතා හොඳ ලිපියක් (නි)

:       0       0

විරංජන් Thursday, 24 March 2016 04:56 AM

ඇයි තැඹිලි හොඳ නැද්ද? (ර)

:       0       0

ඩිල්ෂාන් Friday, 01 April 2016 08:03 AM

තැඹිලි බොන්න සල්ලි තිබෙන කට්ටියට වායු සමීකරණය කළ ගෙවල් තියෙනවනේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1775 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1457 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site