මේ දිනවල හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද පවතින අධික රශ්නය හා වියළි කාලගුණය සමග දූවිලි පරිසරය පුරා පැතිර යන හෙයින් කුඩා දරුවන්ගේ ඇඟේ සම මත කුඩා බිබිලි වැනි සමේ රෝග ඇති විය හැකි හෙයින් ඔවුන් ගැන සැලකිළිමත් විය යුතු බව හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා කීය.
දැනටමත් අම්බලන්තොට සහ හම්බන්තොට ඇතැම් ප්‍රදේශවල දරුවන්ට මෙවැනි සමේ රෝග තත්ත්වයන් ඇති වි තිබෙන බවට වාර්තා වී ඇති හෙයින් එයට එතරම් බිය නොවිය යුතු බවද, තද රශ්නය හා පරිසරයේ වියළි භාවය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයක් හෙයින් තද අව්වට, දූවිලි ඇති පරිසරයට , දරුවන් යොමු නොකර හොඳින් ජලය පානය කිරීමට ලබා දිය යුතු බවද කිය.
මේ දිනවල විශේෂයෙන්ම වැඩිහිටි අය සාමන්‍යයෙන් දිනකට පිරිසිදු පානීය ජලය ලීටර් තුන හමාරක් පමණ පානය කළ යුතු බවත්, බර අනුව ළමයින් දිනකට ජලය ලීටර් එකක් වත් පානය කිරිමට යොමු කිරීමට දෙමාපියන් වග බලාගත යුතු වේ.
පානීය ජලය සැපයෙන ජලශවල ද ජලය අඩුවීම නිසා පානීය ජලයේ ගුණාත්මක භාවයේ යම් ගැටළුවක් ඇති වන්නට ඉඩ තිබෙන හෙයින් නල ජලයද උණුකර නිවා පානය කිරීම සිදු කළ යුතුබවද චමල් සංජීව මහතා කීය.
දියවැඩියාව, අධික රුධිර පිඩනය, වැනි රෝග ඇති අයට ද මේ දිනවල විවිධ සංකූලතා ඇතිවිය හැකි බැවින් ජලය හොඳින් පානය කිරීම නිතරම සිදු කලයුතු බවද වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා කීය.
පාසල්යන දරුවන් විවේක කාලයේ දී අධික ලෙස දහඩිය දැමිම දක්වා මේ දිනවල සෙල්ලම් කිරීම පවා සිමා කිරිමද සුදුසු බවත්, පාසල් කාලයතුල පිරිසිදු පානීය ජලය පානය කිරීමට දරුවන් යොමු කිරිම ඉතා වැදගත් බව සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ අම්මෝ දොස්තර මහත්තයාගේ ඔලුව පිටිපස්සේ තියෙන පොත් කන්දරාව !(අ)
මාර රස්නයක් මේ දවස්වල තියෙන්නේ. (ර)
ඉතා හොඳ ලිපියක් (නි)
ඇයි තැඹිලි හොඳ නැද්ද? (ර)
තැඹිලි බොන්න සල්ලි තිබෙන කට්ටියට වායු සමීකරණය කළ ගෙවල් තියෙනවනේ. (බ)