පුරාණ රෝම ශිෂ්ඨාචාරයේ ද විවිධ පෙදෙස් වලින් සංක්‍ර‍මණය වූවන් සිටින බව පර්යේෂණයකින් හෙළි වී ඇත.

ඔවුන් මේ මතය ඉදිරිපත් කරන්නේ රෝමයෙන් හමුවූ පැරණි මිනිස් ඇට සැකිළි 105ක් අධ්‍යයනය කරමිනි. ඔවුන් පෙන්වා දෙන්නේ රෝම ශිෂ්ඨාචාරය බිහිවීමට වසර 2,000ට පමණ පෙර උතුරු අප්‍රිකාවේ දැඩි වියළි කාලගුණික ප්‍රදේශයක සිට හා ඇල්ප්ස් සිට පැමිණි මිනිසුන් දෙකොටසක් සම්මිශ්‍ර‍ණයෙන් බිහිවූ පරපුරක් විසින් රෝමය ගොඩනන්නට ඇති බවයි.

මේ මතය ඉදිරිපත් කිරීම සදහා මානව විද්‍යාඥයන් ඇටසැකිලිවල දත් විශ්ලේෂණය කර ඇති අතර ඒවායේ රසායනික පිළිබව ද අධ්‍යයනය කර ඇත.

නූතනයේ සංක්‍ර‍මණිකයන් පැමිණීම මහත් විවාදශීලී මාතෘකාවක් වුව ද පැරණි රෝමයට එය වාසනාවක් වී ඇති බවත් පර්යේෂකයන්ගේ මතයයි.

මේ අතර දරු පවුල් සමග සිටි සංක්‍ර‍මණිකයන් ද ඇතැයි රෝමයේ හමුවන සරල සොහොන් පිටි දෙකක විශ්ලේෂණයෙන් පර්යේෂකයෝ කියති. ඇතැම් විට රෝම අධිරාජ්‍යයන් විසින් වහලුන් ලෙස ගෙන ආ අය විය හැකි බව ද නැතිනම් තම දරුවන් ද සමග සාර්ථකත්වය සොයා රෝම නගරයට පැමිණි පිරිස් විය හැකියැයි ද පර්යේෂකයෝ මත පලකරති.

සුසාන භූමියකින් සොයාගත් ඇටසැකිළි අධ්‍යයනයේ දී නව යොවුන් වියේ පිරිමි ළමයකු, ගැහැණු ළමයකු සහ තවත් දෙදෙනකුගේ සැකිළි උතුරු අප්‍රිකාවේ වියළි කාලගුණයක් සහිත පෙදෙසෙකින් පැමිණි පුද්ගලයන්ගේ බව තහවුරු වී ඇත.

එමෙන් ම වැඩිහිටි පුද්ගලයන් දෙදෙනකු හා 50 හැවිරිදි පුද්ගලයකු හා නව යොවුන් වියේ පිරිමි අයකු ඇල්ප්ස් සිට පැමිණි බව ද තහවුරු වී තිබේ.

මෙම පර්යේෂණය සිදුකළ ආචාර්ය ක්‍රිස්ටිනා කිල්ග්‍රොව් පවසන්නේ මේ පුද්ගලයන් සමස්ථයක් වශයෙන් දුප්පතුන් වුව ද රටකින් රටකට ගමන් කිරීමේ හැකියාව සහිත ධනවත් පිරිසක් ද වූ බවට සාක්ෂි තිබෙන බවයි.

‘‘ රෝමයේ හමුවූ මේ සොහොන් සරලයි. ඒවායේ ස්වභාවය අනුව මේ අය රජ පවුලේ හෝ ප්‍ර‍භූ පවුල්වලට හෝ අයත් වන්නේ නැතැයි ස්ථිරවම කිව හැකියි. රෝමය පිළිබද ඇති ඓතිහාසික වාර්තා අනුව අපි දන්නවා වහලුන් ලෙස විශාල පිරිසක් රෝමයට ගෙන ආ බව. නමුත් මේ අය ස්ව කැමැත්තෙන් පැමිණි අයයැයි නිගමනය කළ හැකියි. ඇතැම් විට ඒ අධ්‍යාපනය සදහා හෝ ආවාහ විවාහ කටයුතු සදහා ද විය හැකියි. “

පර්යේෂකයන් පවසන්නේ අස්ථි හා හිස් කබල්, දත්, අස්ථි ඔක්සිකරණය වී ඇති ආකාරය පරීක්ෂා කරමින් ස්ට්‍රොන්ටියම් සහ කාබන් සමස්ථානික පරීක්ෂා කරමින් සිය පර්යේෂණය දියත් කළ බවයි. ඒ අනුව මොවුන්ගේ භූගෝලීය සම්භවය හා ආහාර පරිභෝජන රටාවන් පිළිබද ව ද විස්තරයක් සොයා ගැනීමට හැකිවූ බව ඔවුහු කියති.

310EB52B00000578-3440906-image-a-9_1455123401950 310F3E2900000578-3440906-image-a-11_1455123746592 310F643100000578-3440906-image-a-10_1455123404508