IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රෝමයටත් සංක්‍ර‍මණිකයන් ඇවිත් ?

පුරාණ රෝම ශිෂ්ඨාචාරයේ ද විවිධ පෙදෙස් වලින් සංක්‍ර‍මණය වූවන් සිටින බව පර්යේෂණයකින් හෙළි වී ඇත.

ඔවුන් මේ මතය ඉදිරිපත් කරන්නේ රෝමයෙන් හමුවූ පැරණි මිනිස් ඇට සැකිළි 105ක් අධ්‍යයනය කරමිනි. ඔවුන් පෙන්වා දෙන්නේ රෝම ශිෂ්ඨාචාරය බිහිවීමට වසර 2,000ට පමණ පෙර උතුරු අප්‍රිකාවේ දැඩි වියළි කාලගුණික ප්‍රදේශයක සිට හා ඇල්ප්ස් සිට පැමිණි මිනිසුන් දෙකොටසක් සම්මිශ්‍ර‍ණයෙන් බිහිවූ පරපුරක් විසින් රෝමය ගොඩනන්නට ඇති බවයි.

මේ මතය ඉදිරිපත් කිරීම සදහා මානව විද්‍යාඥයන් ඇටසැකිලිවල දත් විශ්ලේෂණය කර ඇති අතර ඒවායේ රසායනික පිළිබව ද අධ්‍යයනය කර ඇත.

නූතනයේ සංක්‍ර‍මණිකයන් පැමිණීම මහත් විවාදශීලී මාතෘකාවක් වුව ද පැරණි රෝමයට එය වාසනාවක් වී ඇති බවත් පර්යේෂකයන්ගේ මතයයි.

මේ අතර දරු පවුල් සමග සිටි සංක්‍ර‍මණිකයන් ද ඇතැයි රෝමයේ හමුවන සරල සොහොන් පිටි දෙකක විශ්ලේෂණයෙන් පර්යේෂකයෝ කියති. ඇතැම් විට රෝම අධිරාජ්‍යයන් විසින් වහලුන් ලෙස ගෙන ආ අය විය හැකි බව ද නැතිනම් තම දරුවන් ද සමග සාර්ථකත්වය සොයා රෝම නගරයට පැමිණි පිරිස් විය හැකියැයි ද පර්යේෂකයෝ මත පලකරති.

සුසාන භූමියකින් සොයාගත් ඇටසැකිළි අධ්‍යයනයේ දී නව යොවුන් වියේ පිරිමි ළමයකු, ගැහැණු ළමයකු සහ තවත් දෙදෙනකුගේ සැකිළි උතුරු අප්‍රිකාවේ වියළි කාලගුණයක් සහිත පෙදෙසෙකින් පැමිණි පුද්ගලයන්ගේ බව තහවුරු වී ඇත.

එමෙන් ම වැඩිහිටි පුද්ගලයන් දෙදෙනකු හා 50 හැවිරිදි පුද්ගලයකු හා නව යොවුන් වියේ පිරිමි අයකු ඇල්ප්ස් සිට පැමිණි බව ද තහවුරු වී තිබේ.

මෙම පර්යේෂණය සිදුකළ ආචාර්ය ක්‍රිස්ටිනා කිල්ග්‍රොව් පවසන්නේ මේ පුද්ගලයන් සමස්ථයක් වශයෙන් දුප්පතුන් වුව ද රටකින් රටකට ගමන් කිරීමේ හැකියාව සහිත ධනවත් පිරිසක් ද වූ බවට සාක්ෂි තිබෙන බවයි.

‘‘ රෝමයේ හමුවූ මේ සොහොන් සරලයි. ඒවායේ ස්වභාවය අනුව මේ අය රජ පවුලේ හෝ ප්‍ර‍භූ පවුල්වලට හෝ අයත් වන්නේ නැතැයි ස්ථිරවම කිව හැකියි. රෝමය පිළිබද ඇති ඓතිහාසික වාර්තා අනුව අපි දන්නවා වහලුන් ලෙස විශාල පිරිසක් රෝමයට ගෙන ආ බව. නමුත් මේ අය ස්ව කැමැත්තෙන් පැමිණි අයයැයි නිගමනය කළ හැකියි. ඇතැම් විට ඒ අධ්‍යාපනය සදහා හෝ ආවාහ විවාහ කටයුතු සදහා ද විය හැකියි. “

පර්යේෂකයන් පවසන්නේ අස්ථි හා හිස් කබල්, දත්, අස්ථි ඔක්සිකරණය වී ඇති ආකාරය පරීක්ෂා කරමින් ස්ට්‍රොන්ටියම් සහ කාබන් සමස්ථානික පරීක්ෂා කරමින් සිය පර්යේෂණය දියත් කළ බවයි. ඒ අනුව මොවුන්ගේ භූගෝලීය සම්භවය හා ආහාර පරිභෝජන රටාවන් පිළිබද ව ද විස්තරයක් සොයා ගැනීමට හැකිවූ බව ඔවුහු කියති.

310EB52B00000578-3440906-image-a-9_1455123401950 310F3E2900000578-3440906-image-a-11_1455123746592 310F643100000578-3440906-image-a-10_1455123404508



අදහස් (0)

රෝමයටත් සංක්‍ර‍මණිකයන් ඇවිත් ?

නිලන්ගි Friday, 12 February 2016 02:41 AM

හොඳ සොයාගැනීමක් (නි)

:       0       0

අරුණ Sunday, 14 February 2016 06:32 AM

එතකොට ඉතාලියේ සියබලා තිබිලම නැද්ද ? (ර)

:       0       0

අතුල Monday, 15 February 2016 09:49 AM

රොමේ විතරක් නෙමේ මුළු යුරෝපෙම කාන්තාර පැත්තෙන් ආපු අයගෙන් විනාස වෙලා දැනටමත්! (අ)

:       0       0

සුමිත් Wednesday, 17 February 2016 06:22 PM

සිල්වා එතකොට විජය කුමාරගේ කතාව ලොකු බොරුවක් නේද ? මොකද හෙළ ඉතිහාසය යට ගහල තියෙන්නේ ?(රේ)

:       0       0

කමල් Monday, 15 February 2016 06:10 AM

අපි නම් දන්නේ වැඩ බැරිනම් ගම ගාල්ලේ කියලා. (ර)

:       0       0

සිල්වා Monday, 15 February 2016 03:09 PM

වසර 7000-8000 කාලය ශ්‍රී ලංකාව සහ අප්‍රිකාව අතර ජනයා සංක්‍රමණය වුනා රාවනා රජු සමයේ ලංකවෙන් අප්‍රිකාවත් පලස්තීන ජනයා සංක්‍රමණය වෙලා තියෙනවා ඒ වගේම අප්‍රිකාවෙන් ගිය මිනිසුන් කැරිබියන් දුපත්වල ජනාවාස සාදාගෙන තිබෙනවා ආචාර්ය මිරැන්ඩෝ පවසන අන්දමට සියලු ජනකොටස් සංක්‍රමණය වෙලා තියෙන්නේ හෙළ බිමේ සිට අද ඊශ්‍රායලය කියන්නේ එවැනි පිරිසක් ඒ වගේම සුඩානය සහ අප්‍රිකානු ඉතිහාසය තුල මේ බව සදහන් වෙනවා. (බ)

:       0       0

දම්මි Friday, 12 February 2016 05:43 PM

හොඳ ලිපියක්. (නි)

:       0       0

රංජිත් Sunday, 14 February 2016 11:29 PM

හිතාගෙන හිටියාට දකුණේ කොහෙද එච්චර දක්ෂ අය? (නි)

:       0       0

රාජා Sunday, 28 February 2016 04:33 AM

මුලු ලෝකයටම ලංකා ජනතාව දැනුත් සංක්‍රමණය වෙනවා. ඔය හැම රටකම ඉන්නෙ අපේ නෑයො. (නි)

:       0       0

සනත් ඉන්දික Friday, 12 February 2016 01:27 PM

අර දකුණට නැමුන ඊතලය අවසානයේ නවතින්නේ කොහෙන්ද දන්නේ නැහැ (නි)

:       0       0

දනුක Friday, 12 February 2016 09:33 AM

වෙන්නප්පුවෙන්ද දන්නේ නැහැ. (ර)

:       0       0

කෙවින් Friday, 12 February 2016 01:56 PM

රෝමානුවන් මෙච්චරම දක්ෂ අය නිසා මොවුන් ලංකාවේ දකුණින් සංක්‍රමණය වුණා වෙන්න බැරිද? (නි)

:       0       0

ගමගේ Friday, 12 February 2016 02:09 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

පෙරේරා Friday, 26 February 2016 04:00 AM

විජය කුමාරයට පෙර ඉදන්ම ලංකාවේ ජනාවාස තිබුනා රාවණ රජු, කුවේර වගේ අය ඉදලා තියෙනවා . එයාලටත් පෙර යුගය කාලෙ මහා බලිඇනි රජවරු ඉදලා තියෙනවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 62 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 858 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site