(ගයාන් සූරියආරච්චි)
පාලනයකින් තොර ආයුධ රැල්ලකින් මහා විනාශයක් සිදුවීමට ප‍්‍රථම ඝාතනවලට යොදාගන්නා රොබෝවරු ඉතා විගසින් තහනම් කළ යුතුබව ප‍්‍රසිද්ධ සමාගම් රැසක හිමිකරුවෝ පවසති.
රොබෝ විශේෂඥයන් සහ කෘත‍්‍රිම බුද්ධිය පිළිබඳව විශේෂඥයන් විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට විවෘත ලිපියක් මගින් ජාත්‍යන්තර වශයෙන් එවැනි රොබෝ අවි භාවිතය තහනම් කරන ලෙස ඉල්ලා සිටිති.
ටෙස්ලා නිර්මාතෘ ඇලන් මස්ක් සහ ගූගල් ඩීප් මයින්ඩ් සමාගමේ ආටිෆිෂල් ඉන්ටලිජන්ස් හි ප‍්‍රධානී මුෂ්ටාෆ් සුලේමන් ඇතුළු 116 දෙනෙක් මෙම ලිපියට අත්සන් ලබාදී තිබේ.
අවි ආයුධ, මාරාන්තික කුඩා මයික්‍රෝඩ්‍රෝන, ගෝලීය අස්ථාවරත්වයට හේතුවන ආයුධ පිළිබඳව මොවුහු අනතුරු අඟවති.
මිනිස් ඝාතනය සඳහා යොදාගන්නා රොබෝ තාක්‍ෂණය, මාරක ඩ්‍රෝන යානා, යුධ ටැංකි සහ ස්වයංක‍්‍රීය අවි ආයුධ තාක්‍ෂණය පිළිබඳව විධිමත් සාකච්ඡා පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය මීට පෙර කැමැත්ත පළ කර තිබිණි.
(ඩේලිමේල් ඇසුරිනි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පුවත පත්තරෙන් දකින අපේ පාලකයෝ, විනෝදාංශයක් විදිහට ද්‍රෝන , රොබෝ හදන ඒවා තහනම් කරයි, ඇයි ඉතින් මේකෙන් කියල තියෙන්නේ මොනවගේ දේවල් ගැනද කියල අවබෝදයක් නැනේ.