IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


රතු ග්‍රහයාගේ නිල්, කොළ, රතු පිංතූර ලැබිලා

නාසා ආයතනය විසින් අඟහරුවෙත පසුගිය දා යවන ලද මාවෙන් අභ්‍යාවකාශ යානය අඟහරුගේ ප්‍රථම ඡායාරූප එකතුව පෘථිවියට එවා ඇත. අඟහරු වායුගෝලයේ ඉතා විරලව පවතින ඔක්සිජන් හයිඩ්‍රජන් හා කාබන් අංශුවල අධෝරක්ත ඡායාරූප මාවෙන් විසින් එවා ඇත. අඟහරුගේ වායුගෝලයේ ඕසෝන් ස්ථරය සම්බන්ධයෙන් විස්තරාත්මක සිතියමක් ද මේ ඡායාරූප අතර වෙයි.

පසුගිය සැප්තැම්බර් 21 වැනි දා අඟහරු වටා කක්ෂගත වූ මාවෙන් යානයේ උකරණ නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ දැයි තවමත් පරීක්ෂා කරමින් තිබෙන බව නාසා ආයතනයේ පර්යේෂකයෝ කියති. එම පිරික්සුම් කටයුතු සම්පූර්ණ වී සියළු උපකරණ නිසිපරිදි ක්‍රියාත්මක වන්නේ යැයි තහවුරු කැර ගැනීමෙන් පසු මාවෙන් අභ්‍යාවකාශය යානය මගින් අඟහරුගේ වායුගෝලයේ වඩාත් පරිපූර්ණ ඡායාරූප හා දත්ත එවනු ඇතැයි නාසා විද්‍යාඥයෝ බලාපොරොත්තුවෙන් සිටිති.

මාවෙන් යානය යැවීමේ අපේක්ෂාව වූයේ අඟහරු ග්‍රහයා අතීතයේ සිට අද පවතින අජීවී තත්ත්වයට පත්වූයේ කෙසේ ද යන්න එහි වායුගෝලය පරීක්ෂා කිරීමෙන් සොයා ගැනීමයි.

1413323358831_wps_6_NASA_s_Mars_Atmosphere_an 1413323589766_Image_galleryImage_Three_views_of_an_escapin - Copy



අදහස් (0)

රතු ග්‍රහයාගේ නිල්, කොළ, රතු පිංතූර ලැබිලා

රුවන් Tuesday, 25 November 2014 06:47 AM

නිල් , කොළ , රතු පාට තුනම දැම්ම එක හොදයි. නැත්තම් කියයි දේශපාලන බලවේගයක් කියලා . (දී)

:       0       0

වසන්ත Sunday, 19 October 2014 12:03 PM

මේ වගේ වැදගත් ඒවටත් ලාක්මාල් වගේ අය උදැල්ල දාන්නේ උප්පත්තියේ වරදක් නිසා. (නදී)

:       0       0

ටානියා Thursday, 16 October 2014 03:01 AM

මින් පෙනෙන්නේ තාක්ෂණය අතින් ලෝකය ලබා ඇති දියුණුව නොවේද? (නි)

:       0       0

කල්‍යානි ජයවික්‍රම Tuesday, 05 May 2015 09:19 AM

අගහරු ග්‍රහයා තුල ජිවින් නැති බවක් තවම ස්ථිරවම කියලා නැහැ.(හේ)

:       0       0

ශිරන්ති Thursday, 04 December 2014 04:21 AM

විද්‍යාඥයෝ අගහරු වල ජීවය නැහැයි කියපු කාලේ එහේ ජීවින් ඉන්නවයි කිව්වේ අපේ "ජිප්සීස් "සුනිල් අයියා විතරයි නේද ?බලන්න විද්‍යාඥයා යන්න කලින් කලාකාරය එහේ ගිය හැටි . (ත)

:       0       0

සුනිල් Friday, 17 October 2014 02:50 PM

සතුටුයි සතුටුයි. (නදී)

:       0       0

ශාන් Sunday, 19 October 2014 04:09 PM

මිනිසා සහයෝගයෙන් ජීවත් වෙන්න ඉගෙන ගත්දාට තමයි අපි දියුණුයි කියන්නේ (නදී)

:       0       0

ප්‍රේමකුමාර Monday, 20 October 2014 12:30 PM

නිල් පින්තූර නම් මෙතන දාන එක හොඳ නෑ නේද? (ස)

:       0       0

ලියොන් ගුනවර්ධන Sunday, 02 November 2014 11:30 PM

අඟහරු ලොවෙත් ජීවින් ඇති බවට මෙයින් ඔප්පු වෙනවා නොවේද? (නි)

:       0       0

අමන්දා Friday, 24 October 2014 06:10 AM

ඇමරිකාව නැත්නම් ඕවා බලන්නත් නැහැ.තමන්ගේ මුදලින් ලෝකයට සේවයක් කරන ඔවුන්ට තුති වේවා! (නි)

:       0       0

බක්ති Thursday, 16 October 2014 04:53 PM

මිනිසාගේ විද්‍යාත්මක දියුණුව මනාවට පෙනෙනවා .සතුටු හිතෙනවා ....තවත් බොහෝ දේවල් සොයගනිවී .(හේ)

:       0       0

සමීර සලින්ද Tuesday, 21 October 2014 11:15 AM

නිල අැර ඕනි පාටක්.(හේ)

:       0       0

සංජීව Saturday, 13 December 2014 11:00 AM

ප්‍රේමකුමාර නිල් විතරක් නොවේ කොළත් හොඳ නෑ. (අ)

:       0       0

ගයනා Monday, 20 October 2014 08:59 AM

මෙයාලගේ බයිලා ..මෙයාල හදපු අර නැතිවෙච්ච මැලේසියන් යානය ගැන කටක් අරින්නේ නැහැ. (නදී)

:       0       0

කුමාර් Thursday, 23 October 2014 08:03 AM

පොලව මවන්න නං කෙනෙක් හිටියා කියනවානේ.... ඒත් අගහරු මැව්වේ කව්ද? (නදී)

:       0       0

ලක්මාල් Friday, 17 October 2014 08:49 AM

ටානියා, ලෝකයනම් දියුණුයි. එත් තාම අර මැලේසියානු යානය හොයාගත්තේ නැනේ. ජීවිත කීයක් ද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site