IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


රජකම් කළත් පවට පින් දෙන්න බෑ

ප‍්‍රංශය පුරා  කෞතුකාගාර දහස් ගනනකි. ඒ අතරින් කිහිපයක් ප‍්‍රංශයේ සිටි රජවරුන්ගේ ජීවන චරිතය දැක බලා ගැනීමට වෙන් කර ඇති අතර විශාල ජනතාවක් වසර මුළුල්ලේ ඒවාට පැමිණෙති. ඒ අතරින් 16 වන ලූවී රජුගේ වර්සයිල් මාලිගාව, පොන්තැම්බ්ලූ මාලිගාව, නැපෝලියන් බොනපාට් කෞතුකාගාරය, ප‍්‍රධාන තැනක් ගනී.

14 වැනි හා 16 වැනි ලූවී රජු, පළමු ප‍්‍රන්ශුවා රජු, සෙන්ට් ලූවී රජු ආදීන් පරිහරණය කළ, සුඛවිහරණය කළ බොහෝ බඩු භාණ්ඩ වලින් ඉහත කෞතුකාගාර පුරවා ඇත්තේය. එප‍්‍රංශ රජවරුන් නිදා ගැනීමට භාවිතා කළ සියලූම ඇඳන් දිගින් අඩුය. වර්තමානයේ භාවිතායට ගන්නා සාමන්‍ය ඇඳකට සාපේක්ෂකව තරමක් කුඩාය. එසේ වුවද 16 වැනි ලූවී රජු උසින් මීටර් 1.93 කි. පළමු ප‍්‍රංශුවා රජු උසින් මීටර් 2 කි. එසේ නමුදු ඔවුන්ගේ නිදියහන කුඩාය. එයට හේතුව කිම?

ඔවුන්ගේ පාලන කාලය පැවැති ශත වර්ෂවල දී රජතුමා දිගා වී නිදා නොගනී. දිගා වී නිඳා ගැනීම මළ සිරුරකට සමාන කිරීමට එකල ඔවුන් පුරුදු වී සිටි බව කියති. මරණයෙන් පසු මළ සිරුරේ ඉරියව්ව අසුබ ලක්ෂණ ලෙස පිළිගැනීමක් එකල රජ පරම්පරාව අතර පැවැතී ඇත්තේය. එසේ හෙයින් තරමක් වකුටු වී බෙල්ලට කොට්ටයක් තබා නිදා ගැනීම රජ පරම්පරාවේ සිරිතවී ඇත්තේය. එම නිසා රජ වරුන් සඳහා නිමකළ නිදියහන් තරමක් කුඩාවට නිම කර ඇත්තේය.   

එනමුදු 1789 ප‍්‍රංශ විප්ලව කාලයෙන් පසු එම පිළිගැනීම් හා ක‍්‍රමවේද සම්පූර්ණයෙන්ම වෙනස් වී නවීකරණය වී ඇති අතර වර්තමානයේ මළ සිරුරක් මෙන් නිදා ගැනීම පුරුද්දක් වී ඇත්තේය. අද එම ඉරියව්වන් අසුබ දෙයක් ලෙස නොසලකයි. කවදා හෝ අවසන් ගමන් යන්නේ එම ඉරියව්වෙන් බැවින්; දැන් සිටම ඒ සඳහා පුරුදු පුහුණු වන බවද සමහරු සමච්චලයට පවසති.

01 02 04 600px-Chambre_du_roi_Louis_XIV chambre-20179 le-lever-la-journee-du-roi

 

 



අදහස් (0)

රජකම් කළත් පවට පින් දෙන්න බෑ

ලක්ෂ්මන් Friday, 05 August 2016 11:48 AM

වහාම මොවුන් ගැන එෆ්සීඅයිඩී/ සීඅයිඩී පරීක්ෂණ කළයුතු නොවේද?

:       0       0

අරුණ Saturday, 06 August 2016 05:54 AM

මහේෂ් පිරිස්, අයියෝ ඕක මොකද්ද? ඊටවැඩිය දේවල් වෙන්නේ දැන්! (නි)

:       0       0

පහන් Friday, 05 August 2016 12:51 PM

මේ 16 වෙනි ලුවී රජ්ජුරුවන්ගේ නෝනා නේද පන් නැත්නම් කේක් කාපල්ලා කිව්වේ . (අ)

:       0       0

මැටිපහන Friday, 05 August 2016 12:59 PM

රත්තරන් ගෑවොත් මට හිරිකිතයි වගේ. (අ)

:       0       0

චතුරි Friday, 05 August 2016 02:34 PM

ලංකාවෙත් නියම රජවරුන්ට වැඩිය තාවකාලිකව පහලවුන රජු හැම දේටම ශාස්ත්‍ර වේදියෙක් තියාගෙන තමයි වැඩ කෙරුවේ. එයත් දැන් ඒවා. පිළිගන්නේ නැහැ කියනවා නමුත් පුරුද්ද. අත අරින්නත් අමරුලු (අ)

:       0       0

සොපි Saturday, 13 August 2016 05:37 PM

ලක්ෂ්මන්ගේ කතාවට මට හරි හිනා (නි)

:       0       0

සුරවීර Sunday, 07 August 2016 12:57 PM

ඇයි අපේ එක්කෙනා පොළොව යටත් නිදා ගන්න කාමර හදලා තිබුනේ .(හේ)

:       0       0

තිලක් Sunday, 07 August 2016 01:10 PM

ලක්ෂ්මන් නිකම් මෝඩ කතා කියන්න එපා. එෆ්සීඅයිඩී/ සීඅයිඩී පරීක්ෂණ කරන්නේ අසරණ මිනිස්සු වහල්ලු කරගෙන රටේම දනස්කන්දය තමන්ගේ හත්මුතු පරම්පරාවම නිවන් දක්වන්න ගිය පට්ට හොරු ගැනයි.(හේ)

:       0       0

මහේෂ් පිරිස් පැරිස් Friday, 05 August 2016 05:12 PM

අපේ රටේ හිටියා වශී බෝල අතේ තියාගෙන ඉන්න රජවරුත්. ඇයි මතක නැද්ද? එහෙම රජ කෙනෙක් සිරි ලංකාවේ හිටියේ (නි)

:       0       0

තරංගනී නානායක්කාර Sunday, 07 August 2016 02:42 PM

ගොඩක් වටිනා ලිපියක්.ලංකාදීපයටත් ගොඩක් ස්තුතියි .(හේ)

:       0       0

බීනු Saturday, 06 August 2016 12:46 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

සිරි-ඕමානය Tuesday, 09 August 2016 07:21 AM

තිලක්ගේ කියමන හරියට හරි (නි)

:       0       0

මහීපාල කපුකොටුව Saturday, 06 August 2016 02:28 PM

ඇත්ත තමයි පැරිසියේ මහේෂ් පීරිස් කියලා තියෙන්නේ (නි)

:       0       0

රත්නායක Saturday, 06 August 2016 02:49 PM

පහන්, ඇයි අපේ රජ කෙනෙක් වතුර ඉල්ලනකොට වෙඩි උණ්ඩ දුන්නේ (නි)

:       0       0

නාමල් Wednesday, 10 August 2016 12:10 PM

වැදගත් යමක් දැනගත්තා .එයට සුනිල්ටත් ලංකාදිපයටත් බොහෝම ස්තුතියි . (අ)

:       0       0

නාලක Sunday, 07 August 2016 10:03 AM

කොහොම වකුටු වී නිදා ගත්තද දන්නේ නෑ කට්ටිය.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1977 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1548 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site