අනාගත යුද ටැංකි දැන් භාවිතයේ පවතින යුද ටැංකියෙන් අඩකටත් වඩා කුඩාවන බව ඇමෙරිකාව පවසයි. ටැංකිය කුඩා වුව ද එහි කාර්යක්ෂමතාව, වේගය කිහිප ගුණයකින් වැඩි බව ද නව යුද ටැංකිය සැළසුම් කළ ආයතනය පවසයි.

සරල යුද අවි කිහිපයකින් සමන්විත මේ යුද ටැංකියේ ගමන් කල හැකිවන්නේ එක් අයකුට පමණි. ඔහුගේ ජීවිතය ආරක්ෂා කරගැනීමට හැකි අයුරින් යුද ටැංකිය සැළසුම් කැර ඇත. මේ ටැංකිය නිෂ්පාදනයේ අරමුණ වී ඇත්තේ ගලවා ගැනීමේ කටයුතු සඳහා යොදා ගැනීමයි.

ඇමෙරිකා හමුදාව මේ නව යුද ටැංකි නිෂ්පාදන වැඩසටහන ‘ද ග්‍රවුන්ඩ් එක්ස්-වෙහිකල් ප්‍රෝග්‍රෑම්‘ යන නමින් හඳුන්වයි.

 1408484754286_wps_8_GXV_T_seeks_to_develop_re 1408486439882_wps_12_GXV_T_seeks_to_develop_re