IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


යතුරුපැදියෙන් කොන්ද බේරාගන්න ක්‍රමයක්

යතුරුපැදි ධාවනයේදී ඇතිවන කොන්දේ වේදනාව, ස්නායු හා දෙපාවලට රුධිරය ගමනාගමනය අවමවීම නිසා ඇතිවිය හැකි සංකූලතා මඟ හරවා ගත හැකි ‘වායු පීඩන කවරයක්‘ වරලත් භෞත චිකිත්සක සංගමයේ ආචාර්ය සුජීව වීරසිංහ සහ ආචාර්ය කුමාර පතිරණ යන මහත්වරු නිර්මාණය කර තිබේ.

යතුරුපැදියේ ගමන් කරන විට කොන්දට ආධාරකයක් නොමැතිවීම හේතුවෙන් කොදු ඇටපෙළ ආබාධ දීර්ඝ කාලීනව හා කෙටි කාලීනව ඇතිවිය හැකිය. යතුරුපැදි ධාවනය පිරිමි පාර්ශවය මෙන්ම මේවන විට කාන්තාවන් අතරද බහුලව දක්නට ලැබේ.

‘යතුරුපැදි ධාවනය කරන විට අපේ පිට කොන්දට ආධාරකයක් නොමැතිවීම කොන්දේ හා ස්නායු ආබාධ ඇතිවීමට හේතුවක් වෙනවා. දුෂ්කර පාරවල් සහ වලගොඩැලි මතින් යතුරුපැදිය ධාවනය කරන විට කොදු ඇටපෙළ පීඩනය උරාගැනීම සඳහා යතුරුපැදියේ ෂොක් ඇබ්සෝබර් පද්ධතිය නිසි අයුරින් ක‍්‍රියාත්මක නොවන්නේ නම් මෙම තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. ’’

‘‘බොහෝ විට ඒ පිළිබඳව කාගේත් අවධානය යොමුවන්නේ නෑ. එබැවින් අපි ඒ ගැන දැඩි ලෙස අවධානය යොමුකළා. මෝටර් සයිකලයක වාඩිවූ සැනින් ඔබේ උකුල් වැඩිපුර පසුපසට කරකැවෙනවා. ඒ සමඟම කොදු ඇට පෙළේ කටී වක‍්‍රය අනවශ්‍ය ලෙස අඩුවී කම්පනය නිසා ඇතිවන පීඩනය සම්පූර්ණයෙන්ම අන්තර් කශේරුකා මඬල වෙතට පතිතවීම සිදුවෙනවා. මේ සමඟම කොදු ඇටපෙළ ආශ‍්‍රිත මෘදු පටකවලට හානිවී භයානක තත්ත්වයක් දක්වා දීර්ඝකාලීනව වර්ධනයවීමට හැකියාව තියෙනවා. දීර්ඝකාලීනව කොඳු ඇට පෙළ වකුටුවී විරූපී ස්වරූපයක් ඇතිවීමටත්, උදරය එල්ලා වැටීමටත් මෙය එක් හේතුවක් වෙනවා.’’

‘‘යතුරු පැදියේ වාඩිවන විට තෙරපුමට ලක්ව උකුල් අස්ථි කොටස් මතට දැඩි තෙරපුමක් ඇතිවෙනවා. මෙම අස්ථි කොටස් යටින් ස්නායු, රුධිර නාල (ධමනි හා ශිරා* පීඩනයට ලක්වීම නිසා දෙපා හිරිවැටීම හා තට්ටම් පෙදෙස් වේදනාවට ලක්වෙනවා. මෙම තත්ත්වය පිරිමි පුද්ගලයන්ට වඩා කාන්තාවන්ට ඇතිවිය හැකිය. කාන්තාවන් යතුරුපැදියේ ගමන් කරන විට වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.’’

‘‘මේ පිළිබඳව වරලත් භෞත චිකිත්සක සංගමයේ සභාපති ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා සමඟ සාකච්ඡුා කොට ඔහුගේ උපදෙස් පරිදි අපි වසර ගණනාවකට සිට පර්යේෂණ පවත්වා යතුරුපැදි භාවිත කරන්නන්ට සුවපහසු  වායු පීඩන කවරයක් හඳුන්වා දෙන්නට අපට හැකිවුණා. මෙය නිර්මාණය කිරීමේදී තාක්‍ෂණ නිලධාරී කවීන්ද්‍ර සිරිසේන, කළමනාකාරිනී ශිරාණි වල්පොළ ඇතුළු විශේෂඥ කණ්ඩායමක් සහයෝගය ලබාදුන්නා. මේ නව නිර්මාණය සඳහා පේටන්ට බලපත‍්‍රය ලබාගෙන ඉදිරියේදී ජනතාවට හඳුන්වාදීමටත් අපි බලාපොරොත්තු වෙනවා.’’ යැයි ආචාර්ය සුජීව වීරසේන මහතා පැවැසීය.

bonyparts_pain_when_sitting_large bonyparts_pain_when_sitting_large2 bonyparts_pain_when_sitting_large3 WP_20160516_006[1]



අදහස් (0)

යතුරුපැදියෙන් කොන්ද බේරාගන්න ක්‍රමයක්

කරුණාජීව Saturday, 28 May 2016 05:08 AM

විදේශීය වෙළඳ පොළටත් නිකුත්කර අපනයන අදායම වැඩි කරගැනීමට හොඳ අවස්ථාවක්. දියුණුවට පත්වේවා...!!!! (නි)

:       0       0

රංග Thursday, 19 May 2016 11:04 PM

මේවා ගොඩක් දකින්න ලැබෙන්නේ බාල ඉන්දියන් යතුරුපැදි නිසා. තාක්ෂණික දෝෂ හුඟක් මේවායේ තියනවා. මේවා විකිණෙන්නේත් ලංකව වැනි සාක් කලාපයේ රටවලට පමණි. (නි)

:       0       0

හෂිත Friday, 20 May 2016 04:31 PM

වටිනා කියන සොයාගැනීමක්. ඉක්මනින් නිෂ්පාදනය කිරීම අගය කරනවා. (නි)

:       0       0

තිවංක Saturday, 28 May 2016 08:02 AM

ඔබතුමන්ලාට අපේ සුබ පැතුම්! (නි)

:       0       0

සුජීව Friday, 20 May 2016 02:27 AM

ඔබතුමන්ලා සොයාගත් දේ බයිසිකල් පදින අපිට ගොඩක් වැදගත්. අපිට පුළුවන් තරම් ඉක්මනට ඔය දේ ලබාගන්න සළස්සන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා (නි)

:       0       0

සොපි Monday, 23 May 2016 12:28 PM

ඔබතුමන්ලාට අපේ සුබ පැතුම් ... (ර)

:       0       0

දීප්ති පෙරේරා Thursday, 19 May 2016 01:31 PM

කාන්තා අපට හොද පුවතක් . බයික් එකේ යනකොට එන ලෙඩ ගොඩයි .එක්මනටම අපි අතට පත් කරන්න . (ර)

:       0       0

සිරි චන්ද්‍රා Sunday, 22 May 2016 05:16 AM

ඉක්මනට නිෂ්පාදනය ගේන්න, දනුම් දෙන්න. (ර)

:       0       0

අනුරාධ Monday, 23 May 2016 08:24 AM

පුලුවන් නම් ඔය තාක්ෂණය ලංකාවේ තියෙද්දී පිට රටින් ලොකු ගානකට එකක් හඳුන්වා දෙයි.(හේ)

:       0       0

විද්‍යා Monday, 30 May 2016 04:16 PM

ඉස්සරලම මේ කොල්ලට හෙල්මට් එකක් දාන්න පුරුදු කරන්න . කොන්ද කෙසේ වෙතත් ඔලුව බේර ගන්න. (බ)

:       0       0

දසංක Friday, 20 May 2016 12:10 PM

අපට හොද බලාපොරොත්තුවක්. (ර)

:       0       0

රුවන් Thursday, 02 June 2016 05:38 AM

එය ඉතාමත් හොඳයි පාපැදිකරුවන්ට (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1583 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 555 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site