මැසචුසෙට් තාක්ෂණික ආයතනයේ පර්යේෂකයන් පිරිසක් මුහුදු පතුල ගවේෂණයට යොදා ගතහැකි රොබෝ මත්ස්‍යයෙකු නිර්මාණය කිරීමට සමත් වී ඇත.
“සොෆී” ලෙස නම් කර ඇති මෙම රොබෝ මත්ස්‍යයා ෆීජී දූපත් ආශ්‍රිත මුහුදේදී පරික්ෂාවට ලක්කර බව පර්යේක්ෂකයෝ පවසති.
මෙම රොබෝ මත්ස්‍යාට ජලය මතුපිට සිට අඩි 50 ක් තරම් වන ගැඹුරේ දී විනාඩි 40 ක කාලයක් පුරා අඛණ්ඩව පිහිනීමේ හැකියාවක් ඇත. සැබෑ මත්ස්‍යයෙකුගේ චලනයට සමාන වන අයුරින් නිර්මාණය කර ඇති මෙම රොබෝ මත්ස්‍යයා සෘජුව පිහිනීමට, කිමිදීමට සහ නැවත ඉහළට පැමිණීමට හැකි අයුරින් නිපදවා තිබේ.
නම්‍යශීලී ප්ලාස්ටික් සහ සිලිකන් රබර් භාවිත කර නිපදවා ඇති මෙම රොබෝ මත්ස්‍යා තුළ දැකිය හැකි විශේෂත්ව වන්නේ බොහෝ අංග නිපදවීම සඳහා ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය යොදාගෙන තිබීමයි. රොබෝ මත්ස්‍යයාගේ ඉදිරිපස සවිකර ඇති කැමරාව මඟින් ඉහළ ගුණාත්මක භාවයකින් යුතු අධි විභේදන ඡායාරූප ලබාගත හැක.
පර්යේෂකයින් පවසන්නේ මේ ඔස්සේ මුහුදු පතුලේ මිනිසුන්ට ළඟාවීමට අපහසු ස්ථාන වෙත රොබෝ මත්ස්‍යයන් යවා පර්යේෂණ කිරීමේ තාක්ෂණය දියුණු කිරීමට අවස්ථාව උදාවන බවයි. මෙම රොබෝ මත්ස්‍යයාට වේගයෙන් පිහිනීමට හැකි වන ලෙස සිරුරේ හැඩය සහ වර්ල් වැඩිදියුණු කළ හැකි ආකාරය සම්බන්ධයෙන් පර්යේෂකයින් මේ වන විට අවදානය යොමුකරමින් සිටී.
එමඟින් මුහුදු පතුල ගවේෂණය සඳහා යොදා ගත හැකි වඩාත් සාර්ථක රොබෝ මත්ස්‍යයෙකු නිපදවීම පර්යේෂකයින්ගේ අරමුණ වී ඇත.
ඩේලි මේල් ඇසුරෙනි
209

2025 ඔක්තෝබර් මස 08
1800
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1472
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
524
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මුහුදු පතුල ගවේෂණයට රොබෝ මත්ස්‍යයෙක්
w.l.a.b.k senavirathna Thursday, 29 March 2018 05:38 AM
මෙය තව වැඩි දියණු කර වැඩ ගන්න