IMG-LOGO

2024 මැයි මස 07 වන අඟහරුවාදා


මස් කනකොට පරිස්සමින්

නැවත සකස් කරනු ලබන ආහාර වන සොසේජස්, බේකන්, හැම් ආදී මාංශ ආහාර වර්ග පිළිකාකාරක ආහාර ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා නම් කළේය.

මෙවැනි ආහාර දිනකට ග්‍රෑම් 50 ක් ආහාරයට එක්කර ගැනීම 18% කින් පිළිකා අවදානම ඉහළයාමට හේතුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවක් පෙන්වා දෙයි.

රතු පැහැ මස්වර්ග පිළිකා කාරක ලෙස ක්‍රියාකිරීමේ හැකියාව වැඩි බව පෙන්වා දෙන එම වාර්තාවේ මස් වර්ගවල පෝෂණ ගුණයන් ගැනද සඳහන්වේ.

 

 



අදහස් (0)

මස් කනකොට පරිස්සමින්

පිටිගල මිලානෝ Thursday, 29 October 2015 07:49 AM

සංසාරගතව විවිධ හේතුන් මත අප කෙරෙහි වෛරයෙන් පසුවන පිරිස් සිටිනවා. මම තොපට යහතින් ඉන්න දෙන්නේ නැහැ වැනි චේතනා ඇතිව දැඩි ලෙස ක්‍රෝධයෙන් බැඳීම නිසාම ඔවුන් විවිධාකාර භූතාත්ම වල ඉපිද අප ආශ්‍රිතව සසරේ ගැවසෙනවා. අපගේ පින් මඳවීම වැනි අවස්තාවකදී ඔවුන් අප ශරීරය තුලට පැමිණ ඔවුන්ගේ විමානය සාදාගෙන (පිළිකාව) ටික ටික අපව මාරයාට යොමු කරනවා. මේ නිසා අනුන්ගේ වෛරයට පාත්‍ර නොවී, අනුන්ටද වෛර නොකර සියලු සත්වයාට මෛත්‍රී කරමින් ජීවත් වීමෙන් මේ රෝග මඟ හැරේ. (බ)

:       0       0

සමීර Sunday, 01 November 2015 11:27 AM

පිරිගල මිලානෝ ගේ අදහස බැහැර කරන්න බැහැ මොකද ඔය මොන මස් කෑවත් මොනවා කරත් පිළිකා හැදෙන්නේ නැති මිනිස්සු ඕනි තරම් ඉන්නවා ඕක වෙන්නේ යම්කිසි සම්භාවිතවකටනම් ....(රේ)

:       0       0

සමීර Sunday, 01 November 2015 11:29 AM

අපේ හිත හොඳ නැත්තන් අපි මේ බොන වතුර වීදුරුවත් අපිට විසයි,....(රේ)

:       0       0

විකුම් Saturday, 31 October 2015 05:21 PM

අද මිනිසුන්ට මස් මාංශ වලින් තොරව කෑමවේලක් කන්න බැහැ (නි)

:       0       0

ප්‍රියානි විරකෝන් Thursday, 29 October 2015 08:20 AM

පිටිගලගේ කතාවේත් ඇත්තක් තියෙනවා (ම)

:       0       0

හර්ෂණ Thursday, 29 October 2015 03:51 PM

පිටිගල, මෙතන කියලා තියෙන්නේ පිලිකා හැදෙන්න එකම හේතුව මේක කියලා නෙවෙයි. මේකත් එක හේතුවක් කියලා. ගත යුත්ත ගන්නවා මිසක් මෝඩ විදිහට තර්ක කරන්න එපා (බ)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 31 October 2015 10:03 PM

ගයාන්, ඔබ කී දේ යම් සත්‍යයක් ඇතත් මා එය දෙස බැලුවේ ඔබ මෙන් විද්‍යාත්මකව නොව, අධ්‍යාත්මික වශයෙනුයි. යම් කර්මයක පළවිපාකය ලෙස හදවතට වදින පිහිපාරක් නිසා මියගිය කෙනෙකුගේ මරණයට හේතුව ලෙස සඳහන් කරන්නේ අධික රුධිර වහනය නිසා ඇතිවූ කම්පනය කියාය. මෙය විද්‍යාත්මකව බැලීමයි. (නි)

:       0       0

අමල් Monday, 02 November 2015 08:41 AM

මස් නොකාම ඉන්න බැරිද.? (ර)

:       0       0

අනුර සෙනෙවිරත්න Thursday, 29 October 2015 07:44 PM

පිටිගල මිලානොගේ අවවාදය පිටබැද්දර ජයාට හොඳින්ම ගැළපේ යැයි සිතමි. මොකද කිසිම හේතුවක් නොමැතිව අහිංසක ළඳුන්ට වෛර කරන බැවිනි. (නි)

:       0       0

වසන්ජය Thursday, 29 October 2015 10:14 PM

රතු පැහැති මස් වලට පිළිකා ඇතිකිරීමේ ප්‍රවණතාවයක් ඇති බව ඊයේ පෙරේදා දවසක යුරෝපා රටක රූපවාහිනී ප්‍රවෘත්ති වලට ඇතුළත් කර තිබුනා. මීට පෙරත් මේ ගැන සාකච්ඡා වී තිබුනා (නි)

:       0       0

විභූති Tuesday, 03 November 2015 04:56 AM

හොඳ දැනුවත්කිරීමක් (නි)

:       0       0

ඇන්ජලෝ Thursday, 29 October 2015 10:20 AM

මේ සොසේජස් වගේ ඒවා කන්නේ ශත වර්ෂ ගණනාවක ඉඳලා, අනේ මන්ද මමනම් හිතනේ අපගේ එදිනෙදා ක්‍රියාකාරකම් අඩුවීම සහ මානසික ආතතිය වැඩිවීම නිසා කියලයි. (ර)

:       0       0

තිස්ස Friday, 30 October 2015 01:19 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

ගයාන් Saturday, 31 October 2015 09:35 AM

පිටිගල මහත්තයෝ, නිකන් හිතට එන අදහස් කියල මෝඩකම් ප්‍රදර්ශණය කරන්න එපා. එහෙනං ඉස්සරට වඩා දැන් පිළිකා වැඩි දැන් භූතයො වැඩි වෙලාද?. පිළිකාව කියන්නේ විකෘති ජාන තියෙන සෛලයක් පාලනයකින් තොරව බෙදීමකට ලක් වීමේ ප්‍රතිඵලයක්. මෙහෙම විකෘති වෙන්න අපි ගන්න ආහාර වල බැර ලෝහ, වෙනත් විශ සහිත රසායනික ද්‍රව්‍ය වල වැඩිවීම නිසා. අධි සංඛ්‍යාත විකිරණ නිසාත් වෙන්න පුළුවන්. මේ පරීක්ෂණ වලින් කියන්නේ මස් මාංශ වලත් මේ පිලිකා කාරක රසායනික ද්‍රව්‍ය අඩංගු වීමේ ඉහල සම්භාවිතාවක් ඇති බවයි. (අ)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 30 October 2015 02:03 AM

මෙච්චර දෙයක් වෙන බව කියනවා නම් මස් නොකා හිටියහම ඉවරනේ. කන්න දේවල් ඕනෑතරම් තව තියෙන්නේ. (නි)

:       0       0

නුවන් Thursday, 29 October 2015 11:35 AM

ඔය මස්මාංශ වලට ගන්න සත්තු කන්නේ වසවිස දාපු කෑම. ඉතින් ඒවා වක්‍රාකාරව අපේ ඇඟට එනවා (නි)

:       0       0

භද්‍රානි Tuesday, 03 November 2015 02:14 PM

මොනවා වුණත් යහමින් ඔය ආහාර අනුභව කරන අයට නම්, අපි දන්නා විදිහට පිළිකා තියා ඉහෙන් බහින රෝගයක් නැහැ. (නි)

:       0       0

විකුම් Thursday, 12 November 2015 02:25 AM

හොඳ දැනුවත්කිරීමක් (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Thursday, 12 November 2015 02:25 AM

විශේෂයෙන් කැනඩාව,එංගලන්තය, ප්‍රංශය,ඇමරිකාවට යාබද බටහිර රටවල ආහාර රටාව මෙසේ මස් වර්ග වලින් සකස්කළ සොසේජස් ආදියෙන් සැකසී ඇති බැවින් මෙම රටවල වසන බොහෝ දෙනෙක් පිළික රෝගයට භාජනය වී ඇත (නි)

:       0       0

චලින්ද Saturday, 14 November 2015 01:51 AM

තව තවත් මෙවන් ලිපි ගෙනඑන්න (නි)

:       0       0

නිශේන් Saturday, 14 November 2015 01:51 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

ඔමිල Saturday, 14 November 2015 01:56 AM

ලංකාදීපයට ස්තූතියි! (නි)

:       0       0

තිමල් Saturday, 14 November 2015 01:57 AM

බොහොම හොඳ දැනුවත්කිරීමක් (නි)

:       0       0

කස්තුරිආරච්චි Saturday, 14 November 2015 01:54 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

මාගලි ෆොන්සේකා Thursday, 29 October 2015 06:58 AM

ඔය පිළිකාව හැදෙන අහිංසක දුප්පත් අය, එයාල ඔය රතු මස් සොසේජස්, බේකන්, හැම් කාලද හැදෙන්නේ. (ර)

:       0       0

ප්‍රසන්න Tuesday, 03 November 2015 03:31 PM

අපේ රටේ බය වෙන්න දෙයක් නැහැ තනිකර තියෙන්නේ සෝයා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2275 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2156 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6060 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3522 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4213 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 527 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1981 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1756 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site