නැවත සකස් කරනු ලබන ආහාර වන සොසේජස්, බේකන්, හැම් ආදී මාංශ ආහාර වර්ග පිළිකාකාරක ආහාර ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා නම් කළේය.

මෙවැනි ආහාර දිනකට ග්‍රෑම් 50 ක් ආහාරයට එක්කර ගැනීම 18% කින් පිළිකා අවදානම ඉහළයාමට හේතුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවක් පෙන්වා දෙයි.

රතු පැහැ මස්වර්ග පිළිකා කාරක ලෙස ක්‍රියාකිරීමේ හැකියාව වැඩි බව පෙන්වා දෙන එම වාර්තාවේ මස් වර්ගවල පෝෂණ ගුණයන් ගැනද සඳහන්වේ.