ආහාරයට ගන්නා ලුණු ගැහැනු ළමයි වැඩිවිය පත්වීම පමා කිරීමට හේතුවක් බව ඇමෙරිකා පර්යේෂකයන් සිදුකළ පර්යේෂණයකින් තහවුරු වී ඇත. දිනකට තුන් හතර වතාවක් ලුණු අධික ආහාර ගැනීමෙන් මල්වරවීම පමාවන බව ඔවුන් කරණ ලද අධ්‍යයනයෙන් තහවුරු කරගෙන ඇත.
සරුබව අඩුවීම සහ මානසික ආතතිය ඉහළ යන බව ද ඔවුහු තහවුරු කරගෙන ඇත. ඔවුන් පවසන්නේ බටහිර ආහාර වේලේ ඇති ලුනු ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් අනාගත පරම්පරාවේ ප්‍රජනක සෞඛ්‍යයට බලපෑම් සිදුවන බවයි.
පසුගිය දා ඇමෙරිකාවේ දී අන්තරාසර්ග පද්ධතිය සම්බන්ධ පැවති සමුළුවක දී මේ තොරතුරු අනාවරණය කරන ලදී. මෙවැනි වාර්තාවක් එළි දැක්වූ ප්‍රථම අවස්ථාව මෙය බව ද වෛද්‍යවරු කියති.
වෛද්‍ය නිර්දේශය වන්නේ අනවශ්‍ය ලෙස ලුණු ආහාරයට එක්කැර ගැනීමෙන් අධි රුධිර පීඩනය සහ ආඝාතය ඇතිවන අතර ඉක්මණින් මරණය ළඟාවන බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස වන්නේ දිනකට එක් පුද්ගලයකුට සුදුසු ලුණු ප්‍රමාණය ග්‍රෑම් පහක් බවයි. එසේ වුව ද ලෝකයේ ජනතාව මේ ප්‍රමාණය ඉක්මවා ලුණු පරිභෝජනය කරණ බව ද එම සංවිධානය පෙන්වාදෙයි.
පර්යේෂණයේ ප්‍රධානී චුමින් විශ්වවිද්‍යාලයේ ඩොරී ප්‍රිටෙන්ස්කි පවසන්නේ ස්වභාවික ලෙස සෝඩියම් විවිධ ආහාරවල එනම් කිරි සහ බ්ත්තරවල තිබෙන බවයි. එමෙන් ම සකස් කරණ ලද ආහාර එනම් පාන් බේකන් වැනි මස් සහ සුළු ආහාරවල වඩා වැඩි ප්‍රමාණයක් සෝඩියම් ඇති බව ද ඇය කියා සිටියි.
2025 දෙසැම්බර් මස 16
58
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
853
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මල්වර නැකත පමා කරණ ලුණු
ලලිත් Tuesday, 19 May 2015 10:05 PM
ඒ කියන්නේ නිසි කලවයසට පත්වෙන එක පමාවීමනේ. කොටින්ම ශරීරය වයසට යන එක පමාවීමනේ. මේවා අහලා අපේ උන්දැලා දවසට තුන් හතර වතාවක් ලුණු කයිද? (නි)
පෙරේරා Wednesday, 20 May 2015 06:37 AM
හෝමෝන ගහල හදන ෆාම් කුකුළු මස් කෑවම මල්වර වීම ඉක්මන් වෙන එක ගැන කියල තිබුනේ නැද්ද? (බ)
චතු Tuesday, 19 May 2015 11:58 AM
මටනම් ලුණු නැති ජිවිතයක් ගැන හිතන්නවත් බැහැ. සීනි නැතිවනම් ජිවත් වෙන්න පුළුවන් .(ම)
දුමින්ද Tuesday, 19 May 2015 07:45 AM
ලුණු, සීනි, තෙලට එරෙහි විය යුතු කාලය වේ. (ර)