IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


මැලේරියාව 2020 දී ලංකාවෙන් ඉවතට

ශ්‍රී ලංකාවට වසර 2020 වනවිට මැලේරියා රෝගය තුරන් කිරීමේ හැකියාව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

පසුගිය වසර තුනක කාලයේදී ශ්‍රී ලංකාවෙන් කිසිදු මැලේරියා රෝගියකු හමු නොවූ බවත් මැලේරියාව තුරන් කිරීමේදී ශ්‍රී ලංකාව දැඩි සාර්ථකත්වයක් අත්පත් කරගෙන ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

වසර 1999 දී ශ්‍රී ලංකාවෙන් මැලේරියා රෝගීන් 264549 ක් වාර්තා වූ බවත් 2012 වසරේදී කිසිදු මැලේරියා රෝගියකු හමු නොවූ බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 

මැලේරියා රෝගයට එරෙහිව ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2016-2030 වැඩසටහනට සමගාමීව එම සංවිධානය නිකුත් කළ වාර්තාවක මෙම කරුණු දැක්වෙයි. 

වසර 2030 දී රටවල් 35කින් මැලේරියා රෝගය තුරන් කිරීමට හැකි වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අපේක්ෂා කරයි. 



අදහස් (0)

මැලේරියාව 2020 දී ලංකාවෙන් ඉවතට

කුමාරසිරි Thursday, 28 April 2016 07:20 AM

දැනටමත් ශ්‍රී ලංකාව තුල මැලේරියා රෝගය සම්ප්‍රේෂණය නැවත තියෙනවා .ඒ සම්බන්ධයෙන් මැලේරියා මර්දන ව්‍යාපාරය අැගයීමකට ලක්කළ යුතු වෙනවා. දැනට ශ්‍රී ලංකාව තුල රෝගීන් ලෙස හමු වන්නේ මැලේරියාව පවතින වෙනත් රට වලදී රෝගය අසාදනය වීම නිසා. මේ පුද්ගලින් ශ්‍රී ලංකාවට පැමිණි විගස හදුනා ගත යුතු වෙනවා .(බ)

:       3       0

තුසිත මංගල Friday, 04 November 2016 01:55 PM

බැලූ බැල්මට ජනතාවට ඩෙංගු පිළිබඳව මහා බියක් ඇත.ඇතැම්විට ඒ රෝගයේ දරුණු බවට වඩා පී.එච්.අයි. මහත්වරුන්ට ඇති නෛතික බලය නිසා විය හැක,කෙසේ වෙතත් මැලේරියාව ඊට වඩා දරුණු බව දැනුම ඇති වෛද්‍යවරයෙකුගෙන් ඕනෑම අයෙකුට දැනගත හැකි වනු ඇත,ඒ මන්දයත් ආසාදනය වන සියලු දෙනා රෝගී වන හෙයිනි.දැනට ලංකාවේ මැලේරියාව නැත්තේ ඇයි?ඒ එම පරපෝෂිතයා දැන් ලංකාවේ නොමැති හෙයිනි.නමුත් රෝගකාරකයා තවම නිදැල්ලේය.ඇනෝෆිලස් මදුරුවාට ඩෙංගු මදුරුවාට තරම් සුවපහසු පිරිසිදු වතුර ඕනෑ නැත,සතෙකුගේ අඩි සලකුණක පිරුණු වතුරත් ඌට රජ දහනකි.ඉතින් බොහෝ අය නොදන්නා මෙම රෝගය ඇති කරන ප්ලැස්මෝඩියම් පරපෝෂිතයා ලංකාවෙන් තුරන් වුණේ කොහොමද කවුරුවත් දන්නේ නැතිව ඇති.1935-1938 කාලයේ මහා මැලේරියා වසංගතයෙන් 80000කට අධික පිරිසක් මියයෑමත් සමඟ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන්, මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිළධාරී මහත්වරුන්, එස්.එම්.ඕ මහත්වරුන් සහ ප්‍රාදේශීය වෛද්‍යය නිළධාරී මහත්වරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලය ආරම්භ කළ මහා කැපකිරීම් සංග්‍රාමය නිසයි මේ ලංකාව අද මේ තරම් ආඩම්බර වෙන්නේ,අදටත් අම්පාර,බදුල්ල,පොලොන්නරුව,කුරුණෑගල,මාතලේ,හම්බන්තොට,පුත්තලම,කෑගල්ල වගේ ප්‍රදේශ වල ආර්.එම්.ඕ කාර්යාලයකට ගියොත් ඔවුන් අදටත් පෙරසේම කැපවන ආකාරය කාට වුවත් දැක ගත හැක.ඒ සියලු දෙනාටම ලාංකීය ජනතාව වෙනුවෙන් මාගේ ප්‍රණාමය!(අ)

:       0       0

සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 26 April 2016 02:46 AM

මැලේරිය සම්බන්ධව ප්‍රතිපත්තියක ලංකාව දැන් නැහැ. ඉස්සර නම් මැලේරියාව සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වුණා. ඒක නිසා මැලේරියාව මෙරටින් බොහෝ දුරට තුරන්කිරීම කෙසේවෙතත් අවම කරගන්න පුලුවන් වුණා. මැලේරියාව නැතිවීම හෝ අවමවීම නිසාම මැලේරියාව සම්බන්ධව එකල පැවති මේ ජාතික ප්‍රතිපත්තිය ක්‍රමිකව සිඳී ගියා. දැන් කරන්නේ ලෙඩ්ඩු ඉන්න කාලෙට ඔය මොන මොනවාහරි කරන එකයි. එහෙම බැහැ. මැලේරියාව සම්බන්ධව රජයකට පිළිගත් ප්‍රතිපත්තියක් අවශ්‍යයි. බලන්න ලොකේ වෙනත් රටවල් මේ රෝගයෙන් වැළකෙන්න ගත් ක්‍රියාමාර්ග පිළිබඳව. ඒවා අධ්‍යයනය කරලාවත් මේ රටේ මේ සම්බන්ධව යළිත් ජාතික ප්‍රතිපත්තියක් ඇති කරගත යුතු බවයි මගේ අවංක අදහස. (නි)

:       0       0

ජයසේකර Friday, 29 April 2016 09:03 AM

මමත් අප්‍රිකන් රටක සේවය කරලා කිහිප පාරක් නිවාඩුවට ලංකාවට ආව... මට එහෙදි මැලේරියාව හැදුනේ නැති උනත් ... එහෙ හැදුන ලංකාව ගොඩාක් අය මෙහාට එනකොට ඒයාර් පොර්ට් එකේදී කිසිම සෞඛ්‍ය පරීක්ෂණයක් කරන්නේ නැහැ. (ර)

:       0       0

ප්‍රනාන්දු Thursday, 16 June 2016 05:05 AM

මැලේරියාව ලංකාවෙන් තුරන් කර ඇත. නමුත් ඒ සඳහා කැපවූ නිලධාරීන් සහ සේවක මහතුන් අද නොසළකා හැර ඇත. ඔවුන් විවිධ රාජකාරි සඳහා යොදවා ඇති අතර ඔවුන් හදිසි මැලේරියා රාජකාරියකවත් යොදවාගත නොහැක.මේ තත්වය වළකා ගැනීමට නිලධාරීන්ගේ අවධානය යොමු කළයුතුය. (නි)

:       0       0

පෙරේරා Tuesday, 26 April 2016 06:14 AM

ඒ වෙනකොට ඊට වඩා දරුණු ඩෙංගු වසංගතය හොඳට ස්ථාපිත වෙලා තියේවිද දන්නේ නැහැ. (නි)

:       0       0

ලලිත් Monday, 25 April 2016 11:03 PM

මේ ළඟදි අල්ලපු රටෙන් වතුකරයට මැලේරියාව අරගෙන කට්ටියක් ආවා කියලා කතාවක් තිබුණා නේද? එයාලට විදපු මදුරුවෙක් තව ටික දවසකින් අපේ රටේ කෙනෙකුට විද්දොත් ඔය වාර්තාව බොරුවෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1775 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1457 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site