IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මැලේරියා මදුරුවා මට්ටු කරයි ?

මැලේරියා මදුරුවාගේ ජාන වෙනස් කිරීමෙන් ලෝකයෙන් මැලේරියාව තුරන් කිරීමට හැකියාව ඇති බව විද්‍යාඥයන් පිරිසක් කියයි.

කැලිෆෝර්නියාවේ එර්වින් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායම පවසන්නේ මැලේරියා මදුරුවාගේ එම රෝග වාහක හැකියාව මදුරුවාට ලබාදෙන ජානය විකෘති කිරිමෙන් මෙලෙස මැලේරියා තුරන් කළ හැකි බවයි.

මෙලෙස ජාන විකෘති කළ මදුරුවන් සාමාන්‍ය පරිසරයට මුදා හැරීමෙන් පසු අනෙකුත් මදුරුවන් සමග අභිජනනයේ දී බිහිවන නව පරම්පරාව මැලේරියා රෝග වාහක හැකියාවෙන් තොරව බිහිවනු ඇතැයි පර්යේෂකයන්ගේ මතයයි.

මැලේරියාවට ඖෂධ සොයාගෙන ඇතත් තවමත් එම රෝගය ලෝකයේ ඇති ප්‍ර‍බල සෞඛ්‍ය ප්‍ර‍ශ්නයක් ලෙස සැළකේ. අප්‍රිකානු මහද්වීපයේ වන ගහනයෙන් වැඩි ප්‍රදේශ සහිත රටවල ජනාතව වැඩි වශයෙන් මැලේරියා රෝගයට ගොදුරු වෙති. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ  වසරකට ලක්ෂ 3000-5000ත් අතර පිරිසක් මේ රෝගයට ගොදුරුවන බවයි.



අදහස් (0)

මැලේරියා මදුරුවා මට්ටු කරයි ?

ධම්මි Wednesday, 25 November 2015 03:47 PM

හැකිය පිටිගලත් එවැන්නෙකි (බ)

:       0       0

රාජුන් Friday, 27 November 2015 08:07 PM

පිටිගල මිලානෝ, ඔබ කවදත් බෙල්ල ගහලා ගියත් ඇත්ත කියන කෙනෙක්. ඔබේ අදහසට මාත් එකඟයි. එය සිදුවිය හැකියි. (නි)

:       0       0

ගයනා Wednesday, 02 December 2015 12:34 PM

ඕකෙන් මේකෙන් මැලේරියා යන්න යාවි. ඒත් නමක් ගමක් නැති තවත් හොයාගන්නවත් බැරි විස රෝග මතුවේවි..!! (නි)

:       0       0

ගමගේ Sunday, 29 November 2015 11:25 AM

ලංකාවේ මදුරුවන්ට දේශපාලන බලය තියනවා . මීට කලිනුත් බොහෝ දේවල් ගෙනාවත් ,ඒවා ක්‍රියාත්මක කීරීමට බැරිවුණා (බ)

:       0       0

ලංකාසිරි Wednesday, 25 November 2015 10:27 PM

අන්න ඔය කියන ක්‍රමයට බැරිද අපේ දේශපාලුවන් යහපත් රටට වැඩදායී කොටසක් කරන්න? (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 25 November 2015 01:13 PM

ඇනොෆිලස් මදුරුවා එම රෝග වාහක හැකියාවත් සමග මේ දක්වා පවතින්නේ ස්වභාවික ජිව පරිනාමනයට අනුකුලවය. මෙම මදුරුවාගේ ජාන වෙනස් කිරීමෙන් ඇතිවන නව මදුරුවා පරිනාමනය වීම සිදුවන්නේ ඵෛතිහාසික ස්වභාවික මුලයන්ගෙන් (නැචුරල් සිලෙක්ෂන්) තොර වූ කෘත්‍රිම මුලයක සිටයි. ඒ නිසා මේ නව මදුරුවාගෙන් තවත් භයානක මදුරුවන් ඇතිවිය නොහැකිද? (ර)

:       0       0

සනත් Thursday, 26 November 2015 05:50 AM

දේශපාලඥයින්ගේ නම් ජාන විතරක් වෙනස් කරලා මදිවෙයි කරන වැඩ බැලුවහම (නි).

:       0       0

සත්‍යපාල Thursday, 26 November 2015 08:10 AM

මෙලෙසම ඩෙංගු මදුරුවාගේ කිසියම් වෙනස් කිරීමක් කර මුදාහැරිම මඟින් ඩෙංගු රෝගය පාලනය කිරීමේ අත්හදාබැලීමක් ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ටවුන්ස්විල් නගරය ආශ්‍රිතව සිදුකර සාර්ථක ප්‍රතිපල ලබමින් සිටි. මේ පර්යේෂණ කළ විශ්ව විද්‍යාලයේ අපේ අයද සිටින බැවින් ඔවුන්ගේ උදවුවෙන් අපේ රටටත් පර්යේෂණ මට්ටමින් හෝ මේ අත්හදාබැලීම කරන්නට කිසියම් සම්බන්ධකමක් ගොඩනඟා ගැනීමට කාට හෝ හැකිනම් උපන් රටට අගනා සේවයකි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site