මැලේරියා මදුරුවාගේ ජාන වෙනස් කිරීමෙන් ලෝකයෙන් මැලේරියාව තුරන් කිරීමට හැකියාව ඇති බව විද්‍යාඥයන් පිරිසක් කියයි.

කැලිෆෝර්නියාවේ එර්වින් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායම පවසන්නේ මැලේරියා මදුරුවාගේ එම රෝග වාහක හැකියාව මදුරුවාට ලබාදෙන ජානය විකෘති කිරිමෙන් මෙලෙස මැලේරියා තුරන් කළ හැකි බවයි.

මෙලෙස ජාන විකෘති කළ මදුරුවන් සාමාන්‍ය පරිසරයට මුදා හැරීමෙන් පසු අනෙකුත් මදුරුවන් සමග අභිජනනයේ දී බිහිවන නව පරම්පරාව මැලේරියා රෝග වාහක හැකියාවෙන් තොරව බිහිවනු ඇතැයි පර්යේෂකයන්ගේ මතයයි.

මැලේරියාවට ඖෂධ සොයාගෙන ඇතත් තවමත් එම රෝගය ලෝකයේ ඇති ප්‍ර‍බල සෞඛ්‍ය ප්‍ර‍ශ්නයක් ලෙස සැළකේ. අප්‍රිකානු මහද්වීපයේ වන ගහනයෙන් වැඩි ප්‍රදේශ සහිත රටවල ජනාතව වැඩි වශයෙන් මැලේරියා රෝගයට ගොදුරු වෙති. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ  වසරකට ලක්ෂ 3000-5000ත් අතර පිරිසක් මේ රෝගයට ගොදුරුවන බවයි.