දිනකට ඇපල් ගෙඩියක් ආහාරයට ගැනීම මරණයට පත්වීමේ අවදානම සියයට 35කින් අඩුවන බව අධ්‍යයනයකින් අනාවරණය වී ඇත.
සෑම දිනකදීම ග්‍රෑම් සියයක් බරැති ඇපල් ගෙඩියක් (කුඩා ඇපල් ගෙඩියක්) ආහාරයට ගන්නා කාන්තාවන්ගේ ආයූ අපේක්ෂාව එසේ ඇපල් ගෙඩියක් ආහාරයට නොගන්නා කාන්තාවන්ට වඩා වැඩි බව එම අධ්‍යයනය කළ පර්යේෂකයෝ පවසති.
වසර 15ක් පුරා වයස 70ත් 85ත් අතර විශ්‍රාමික පිරිසක් මෙසේ අධ්‍යයනයට කර ඇත්තේ ‘වෙස්ටන් ඕස්ටේ්‍රලියා’ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසකි.
එම කණ්ඩායම විශ්‍රාමිකයන් 1,456ක් අධ්‍යයනය කර ඇති අතර ඔවුන්ගේ මර්ත්‍යතාවට ඇපල් ආහාරයට ගැනීම බලපෑ ඇති ආකාරය ඉතා වැඩි බව එහිදී අනාවරණය වී ඇත. එහිදි අධ්‍යයනයට සම්බන්ධ කරගන්නා ලද පිරිසගෙන් ආහාර සම්බන්ධයෙන් ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරමින් තොරතුරු ලබාගැනීමට පර්යේෂකයෝ කටයුතු කර තිබුණි.
දෛනිකව වෙනත් පළතුරු වර්ග ආහාරයට ගැනීම ද විවිධ සෞඛ්‍ය ප්‍රතිලාභ ගෙන දෙන බව මෙහිදි අනාවරණය වූ පර්යේෂකයෝ පෙන්වාදෙති.
ඇපල්වල කෙඳි විශාල ප්‍රමාණයක් ද සමේ ඇති ‘ෆ්ලේවනොයිඞ්’ ද අඩංගු වන බවත් පර්යේෂකයෝ පෙන්වා දෙති.
‘ෆ්ලේවනොයිඞ්ස්’ යනු පළතුරු හා එළවළුවල අඩංගු වන ශාක සංයෝගයකි. ‘ෆ්ලේවනොයිඞ්ස්’ ඇපල්, බෙරි පළතුරු, පෙයාර්ස්, ස්ට්‍රෝබෙරී හා රාබුවල වැඩි වශයෙන් අඩංගු වෙයි.
සෛල විනාශ වීම වළක්වන ප්‍රතිඔක්සිකාරක ද ඇපල්වල අඩංගුවන බව පර්යේෂකයෝ පවසති.
(ඩේලිමේල් ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඇපල් මල? (නි)
දවසකට ලංකාවේම වැවෙන කෙසෙල් ගෙඩියක් අඩු මුදලට සහ විස රසායනික නොමැතිව කෑවත් එම ගුණයම ලැබෙන බව මීට පෙර පරීක්ෂණ වලින් පෙන්වා දී ඇත. (බ)
එකත් එකටම එහෙ ඇපල් විකුණගන්න බැරුව ඇති එහෙනම් (නි)
දැන් ඉතින් ගැහැණු ටික ඇපල් කඩ ගානේ ගිහින් පොරකකා ඇපල් හොයයි (නි)
ඇපල් කියන්නේ බොහොම විෂ රසායනික අඩංගු පළතුරක් කියලයි අපි නම් අහලා තියෙන්නේ. මම කියන්නේ වෙළෙන්ඳන් විසින් යොදන විස (නි)
ඕස්ට්‍රේලියාවේ ජීවත්වන බහුතරයකට කන්න ලැබෙන්නෙත් ශීත ගබඩා වල මාස ගණන් කල්ගතවූ, තුනී ඉටි තට්ටුවකින් ගෙඩිය සම්පුර්ණයෙන්ම ආවරණය කරපු ඇපල්. පිටිසර පළාතකට ගිය වෙලාවක ගොවිපොළකින් ඉටි නොගාපු අලුත් ඇපල් කාපුවාම සුපිරි වෙළඳසල් වල තියෙන්නේ මොන ජරාවද කියලා හිතෙනවා. (නි)
පාන් නැත්නම් කේක් කන්න කියලනේ අපිට කියන්නේ. (නි)
අනේ මොන පිස්ස්සුද? අපේ රටේ වැවෙන කෙසෙල් ගෙඩියක්, අඹ ගෙඩියක්, අන්නාසි ගෙඩියක්, වරකා මදුලක් කෑවොත් ඔය ඇපල් වලට වඩා ගුණයි. (නි)
ලංකාවේ ඉදන් ඕක කලොත් මරණයට ඉක්මනට එන්න කියන්න පුළුවන් (හේ)
වෙළඳපොළේ තියෙන ඇපල් හැමදාම ආහාරයට ගත්තොත් නම් ආයුෂ ඉතා ඉක්මනින් කෙටිවෙනවා (ම)
කර්මානුරුපව ආයුෂ තීරණය වේ . ඇපල් කාල එක වෙනස් කරන්න පුළුවන් කෙනෙක් ලෝකයේ නෑ. යහපත පුරුදු කරන්න . ආයුෂ වැඩෙයි (හේ)
මේ විදිහට බැලුවොත් යුරෝපයේ මිනිසුන් නොමැරී ඉදිවී කන ඇපල් ප්‍රමාණය අනුව! (අ)
මම හිතන්නේ පහුගිය කාලයේ පෙන්නුවා ඇපල් මිදි කල්තියාගන්න බෙහෙත් වර්ග ගහනව කියලා. දැන් ඕවා විකිණෙනවා අඩු ඇති. (නි)
රොකි, ඔයා හොඳ කතාවක් කියලා තිබුනා. ඇත්තටම ඇපල් නොවෙයි ඇපල් ගෙඩි තුළ තියෙන "ඇපල් ඇට" ගැනයි මේ කතාව. ඔබ හොඳ ඇපල් තෝරාගෙන ආහාරයට ගනිද්දී කවදාවත් ඇපල් ඇට වැරදිලාවත් ආහාරයට ගන්න එපා. ඇපල් ඇට මිනිස් සිරුරට විෂයි. වාසනාවකට වැරදිලාවත් ඇපල් ඇටයක්, දෙකක් හැපුනාට එය එතරම් මාරක වන්නේ නැහැ. ඇත්තටම ඇපල් කියන්නේ ශරීරයට ඉතාම හිතකර පළතුරක්. (නි)
රොකි, ඔයා හොඳ කතාවක් කියලාතිබුනා.ඒ කතාව තුල පවතින ඇත්තකුත් තියෙනවා ඇපල් ගැන.ඇත්තටම ඇපල් නොවෙයි ඇපල් ගෙඩි තුල තියෙන "ඇපල් ඇට" ගැනයි මේ කතාව. ඔබ හොඳ ඇපල් තෝරාගෙන ආහාරයට ගනිද්දී කවදාවත් ඇපල් ඇට වැරදිලාවත් ආහාරයට ගන්න එපා. ඇපල් ඇට මිනිස් සිරුරට විෂයි. මේ ඇපල් ඇට වල "අමිග්ඩලින්" නම් රසායනික සංයෝගයක් තියෙනවා. ඇත්තටම අමිග්ඩලින් අනුව සයනයිඩ් සහ සිනි මුලික වුන සංයෝගයක්. ඔබ ඇපල් ඇටයක් හපා ආහාරයට ගත්තොත් මම කිවූ අමිග්ඩලින් වල ඇති " සිනි කොටස" අපේ සිරුරේ ඇති එන්සයිම සමග එක්වෙනවා. එවිට " ඉතිරිවන "සයනයිඩ්" කොටස හයිඩ්රජන් සයනයිඩ් වායුව බවට පත්විය හැකියි. උදරයේ අමාරුව, හිසේ කැරකිල්ල, වමනය, හුස්මගැනීමේ අපහසුව, හෘදය වස්තුව අකර්මන්‍යවිම, කොමා තත්වයට පත්වීම සහ මරණය ගෙන දීමට තරම් මේ හයිඩ්රජන් සයනයිඩ් වලට මාරක හැකියාවක් තියෙනවා. වාසනාවකට වැරදිලාවත් ඇපල් ඇටයක් , දෙකක් හැපුනාට එය එතරම් මාරක වන්නේ නැහැ. ඔබේ සිරුරේ බර කිලෝ ග්රෑම් වලින් නම් , එක කිලෝ ග්රෑම් එකකට අමිග්ඩලින් මිලි ග්රෑම් 1.5 ( ඇපල් ඇට ග්රෑම් එකක අමිග්ඩලින් මිලි ග්රෑම් 3 ක් පමණ අඩංගු වෙනවා ) අනුපාතයෙන් ශරීර ගතවුනොත් තමයි මේ මාරක තත්වය ඇති වෙන්නේ. (ර)
ලංකාවේ විෂ ඇපල් කෑවොත් නම් ඕකෙ අනිත් පැත්ත වෙන්නේ. (ර)
කල්දාගන්න එක කෙසේවෙතත් මේවාට ගහන රසායනික නිසා ඉක්මන් මරණය ළඟා කරගන්න නම් පුළුවන් (නි)
ලංකාවට ගෙනෙන ඇපල් කෑවොත් නම් මරණය කල් දැමීම කෙසේ වෙතත් ඉක්මනට මරණය ළං කරගන්න පුළුවන් (බ)
ඔය කියන ඇපල් කෙළින්ම ගසෙන් කඩන ඒවා වෙන්න ඕනෑ. කල්තියාගන්න ගැසූ බේත් ඇපල් කෑවොත් ඉක්මනින් මියයන්න පුළුවන්. (නි)
කල්දැමීම කෙසේවෙතත් මරණය ළංකර ගන්න පුළුවන් වෙයි දැන් වෙළඳපොළේ තියෙන ඇපල් කෑවොත් (නි)
කන්නකෝ ඇපල් ගෙඩියක් රසකර හැමදාම.... යන්නට යයි දොස්තර ඔබ නිවසින් නොකියාම.... (නි)
තවත් දෙයක් කියන්න ඕන. ඇපල් මල් අවදියේ බේත් ගැසුවේ නැතිනම් මදුරුවා බිත්තර දාන පණුුවා ගෙඩිය මෝරන විට විනාස කරනවා. එහෙත් මේ බේත් ගෙඩිය ලොකුවෙන විට තියෙන්නේ නැහැ. හැබැයි ගෙවතුවල ඇති ගෙඩි වැඩි ප්‍රමාණයක් නරක් වෙනවා. හේතුව බේත් නැති නිසා. (ම)
බුදු අම්මෝ! ඇපල් ගෙඩියක් කාලා තමයි ආදම් වෙනස් වෙලත් තියෙන්නේ! ඒ කාලේ ඉඳලාම සර්පයා ඇපල් වලට වස විෂ දාලා තියන්නේ. අතින්වත් අල්ලන්න එපා! (නි)
ඔය රටවල් වල තිබෙන්නේ ඇපල් සහ මිදී පමණය ඊට වඩා ඖෂධීය පලතුරු වර්ග ලංකාවේ මොන තරම් තිබෙනවද (බ)
කියලා වැඩක් නෑ...!