මොරටුව විශ්වවිද්‍යාලයීය යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ අවසන් වසර සිසුන්ගේ සැලසුම් නිර්මාණ හා පර්යේෂණ ව්‍යාපෘති ප්‍රදර්ශනය හා ඇගයීම පසුගිය 25 හා 26 දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.
අවසන් වසර සිසුන්ගේ විෂය නිර්දේශයට අනුබද්ධිත ව්‍යාපෘති 33 ක් මෙහිදී එළිදැක්වුණු අතර මෙකැට්‍රොනික්ස්, ජීව-වෛද්‍ය ඉංජිනේරු විද්‍යාල නිෂ්පාදන හා සැලසුම් ඉංජිනේරු විද්‍යා, කර්මාන්තමය ඉංජිනේරු විද්‍යා, බලශක්ති, ශීතකරණ හා වායු සමීකරණ ඉංජිනේරු විද්‍යා, මෝටර් රථ ඉංජිනේරු විද්‍යා ඇතුළු අංශ රාශියක් එහිදී ප්‍රදර්ශනය කෙරිණි.
විශ්වවිද්‍යාලයෙන් පිටවන සිසුන්ගේ හැකියාවන් ප්‍රයෝගික වශයෙන් වර්ධනය කිරීමත් ඔවුන්ගේ උපාධිය ලබාගැනීමට සුදුසුකමක් හැටියටත් මෙම ව්‍යපෘති ඇගයීම හා ප්‍රදර්ශනය වැදගත් තැනක් ගන්නා බව යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තිලිණ ලලිතරත්න පැවසිය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් හොඳ වැඩක්.ඒ වගේම තමයි, මේ අයට දේශීයව ප්‍රයෝගික පුහුණුව දෙන අතරේ, විදේශීය පුහුණුවක් කෙටිකලකට හෝ ලබාදීම.මොකද තාක්ෂනය එන්නේ අපේ රටෙන් නොවෙන නිසා.මේ අනාගත පරම්පරාව අනාගතයේදී මේ රටට - එසේත් නැතිනම් වෙනත් රටකට අලුතෙන් එන නව තාක්ෂණයට නොබියව මුහුණ දෙන්නේ එවිටයි. අපේ රටේ ඉන්ජිනේරුවන්ගෙන් කීයෙන් කීදෙනාටද පුළුවන් රටේ නව වියාපෘතියක් තනිවම සැලසුම්කරලා ප්‍රයෝගිකව ක්‍රියාත්මක කරලා පෙන්වන්න. අපේ කුලසිංහ මහත්මයාවගේ අය දැන් ඉන්නවාද..?එහෙම නැතිනම් ඒ අයට ඉඩක් ලැබිලා නැතිද..?එහෙම ප්‍රයෝගික පුහුණුව ලත් අය හිටියානම් ,අපිට චීනා ලවා අධිවේගී මාර්ග හදාගන්න අවශ්‍ය වෙන්නේ නැහැනේද(බ)
මගේ සුබාශිංසන ! (නි)
නව සොයාගැනීම් බොහොමයක් කළ ලාංකිකයෙක් වෙළඳපලක් නොමැතිව ඔහුගේ නිමැවුම් පාර අයිනේ ප්‍රදර්ශනය කරනවා මා දැක්කා. (බ)
අපේ රටේ සිසුන්ගේ හැකියාවන් ගැන ආඩම්බරයි (නි)
රටට ප්‍රයෝජනවත් දෙයක් කරන දරුවනි, ඔබ අපේ රටට වාසනාවන්! (නි)
මෙවන් දක්ෂතා ඇති දරුවන් රටට වාසනාවක් (නි)
අපේ රටේ සිසුන්ගේ හැකියාවන් ගැන ආඩම්බරයි (ම)
විජිත් ට පිළිතුරු මුලින්ම, මෙම ඉංජිනේරු සොයාගැනීම් ගැන ඉතා ආඩම්බරයි. මම හිතන්නේ කුලසිංහ මහත්මය වැනි ඉංජිනේරුවරු අද ඉන්නවා. අවාසනාවකට ඔවුන් පිටරට සේවය කරනවා. මෑතකදී මම පසිදු පල්ලාවෙල නම් ලාංකීය ඉංජිනේරුවරයෙකුගේ පිලිසඳරක් යුරෝපීය රූපවාහිනී වැඩසටහනකින් දැක්කා. මට මහත් ආඩම්බරයක් දැනුන. ඔහුගේ නිර්මාණ අචාර්ය කුලසිංහගේ නිර්මාණවලටත් වඩා ඉහල මට්ටමේ ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති දේවල්. එනිසා, තවමත් කුලසිංහ මහතා වැනි අය ලංකාවෙන් බිහිවෙනන්වා. අවාසනාවට ලංකාව එවැනි අයගෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ! (බ)