2015 සමස්ත ලංකා පාසල් නව නිපැයුම්කරුවන්ගේ තරගාවලියට ‘අපතේ යන ජලය පිරිසුදු කිරීමේ උපකරණයක්‘ නිපදවූ මොරටුව මහ විද්‍යාලයේ 6 වැනි ශ්‍රේණියේ සෙනිත් දික්සුර වින්සට් සිසුවා රන්පදක්කම දිනාගැනීමට සමත්විය.
දිවයින පුරා පාසල් ගණනාවක් මෙම තරගාවලියට සහභාගිවූ අතර එම ඒ 6-7 ශ්‍රේණි අංශයේ තරගකරුවන් 72 ක් අභිබවා සෙනිත් ප‍්‍රථම ස්ථානය දිනාගත්තේය.
නව නිපැයුම්කරුවන්ගේ තරග කමිටුවේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න ගේ අධීක්‍ෂණය යටතේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේදී තරගාවලිය පැවැත්විණි. විද්‍යාව දියුණු කිරීම සඳහාවූ ශ්‍රී ලංකා සංගමය එය සංවිධානය කර තිබිණි.
‘ලෝකයේ උණුසුම වැඩිවීමත් සමඟ සමස්ත ජල මට්ටම අඩුවෙමින් පවතිනවා. ඒ වගේම ජලය අපතේ යන ප‍්‍රමාණත් ඉතා වැඩියි. ඒනිසා මට හිතුණා අපතේ යන ජලය පිරිසුදු කරන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒ අනුව තමයි මෙවැනි නිර්මාණයක් මගේ හිතට ආවේ. මෙමගින් ජලයේ විස බීජ 99% ක් පමණ ඉවත් කරන්න පුළුවන්. මෙය තවමත් ආකෘතියක් පමණයි. ඉදිරියේදී මෙය තවදුරටත් වැඩි දියුණු කරන්න මා බලපොරොත්තු වෙනවා. මුලින්ම මා නව නිපැයුම්වලට යොමු වුණේ නව නිර්මාණ වැඩමුළුවක් හරහායි. එහිදී දුරස්ථපාලකයෙන් ක‍්‍රියාකරන නළාවක් මා ඉදිරිපත් කළා. ඒක දැකපු වැඩසටහන මෙහෙයවූ ගුරුතුමිය මා දිරිමත් කළා. ඉන්පසුව තමයි මා ‘අපතේ යන ජලය පිරිසුදු කිරීමේ උපකරණයක්’ නිර්මාණය කළේ. මේ නිර්මාණයට අවශ්‍ය විදුලිය ගෘහස්ථ වශයෙන් ලබාගත්තොත් ලොකු වියදමක් දරන්න වෙනවා. ඊට විසඳුමක් විඳිහට මම සූර්ය බලශක්තිය යොදා ගත්තා. මෙය නිර්මාණය කිරීමේදී මා බොහෝ දුරට උපයෝගී කරගත්තේ ඉවතලන ද්‍රව්‍යයන්. මෙය තව තවත් දියුණු කර ලෝකයට හඳුන්වාදීමට තමයි මගේ බලාපොරොත්තුව. මහාචාර්ය චන්දන ජයරත්න, මොරටුව මහ විදුහලේ හිටපු විදුහල්පතිනි ශ්‍රී ජයලත් මැණිකේ, වර්ථමාන විදුහල්පති අතාවුද යන මහත්ම මහත්මීන්ටත් ගුරුමෑණි පියවරුන්ටත් සහ මගේ මවුපියන්ටත් මේ අවස්ථාවේදී ස්තූතිය පුදකරනවා’ යැයි සෙනිත් දික්සුර සිසුවා පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබේ නිර්මාණ දිගටම කරගෙන ගොස්, අනාගතයේ දීප්තිමත් මිනිසකු වෙන්න...ඔබට සුබ පැතුම්..!(ම)
ඔබට සුබ පැතුම්! (නි)
මම ඔබට සුබ පතමි! ඉදිරියටම යන්න වාසනා! (නි)
ඔබට සුබ අනාගතයක් වේවා මල්ලි...(බ)
මට ගොඩක් ආඩම්බරයි මගේ පුතේ. මගේ විදුහලෙන් බිහිවුණ නුඹ රටටම ආදර්ශයක්. මොරටුවේ නම තව වතාවක් ලෝකෙටම පෙන්නුවාට නුඹට උණුසුම් සුබ පැතුම් පුතේ! (නි)
රටට වැඩදායක දරුවන් බිහිකිරීමට උපකාර කරන මෙවැනි පාසල් වලට ජනතා උපහාරය! (නි)
මගේ උණුසුම් සුබ පැතුම් පුංචි පුතේ... (ර)
උණුසුම් සුබ පැතුම් පුංචි පුතේ..! (බ)
අපේ ඉස්කෝලෙන් බිහි උන ළමයෙක් සන්තෝසයි .සුබ පතනවා මල්ලි. (ර)
මගෙන් සුබපැතුම්.! (ර)
වහාම වෙන රටකට යන්න. මේ රටේ හිටියොත් ඔයාට තේරුමක් නැහැ. ඔයාගෙන් මේ ලෝකෙට වැඩක් වෙන්නෙත් නැහැ. (නි)
ඔබේ නිර්මාණ දිගටම කරන්න. අපෙන් සුබ පැතුම්! (නි)
ඉමේෂ්, ඔබගේ පරගැති ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන අතර නුඹ වැනි මිනිසුන් තවමත් අප රටේ සිටීම ගැන කණගාටු වෙමි. (නි)