පූර්ණ ආබාධිත පුද්ගලයන්ට ආහාර ගැනීම පහසු කරවන මිනිස් මොළයෙන් නිකුත්වන ඊ.ඊ.ජී. තරංග මගින් පාලනය කෙරන රොබෝ යන්ත‍්‍රයක් නිපදවීමට මොරටු විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ සිසුන් පිරිසක් සමත්වී සිටිති.
යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ අවසන් වසරේ ව්‍යාපෘතිය වෙනුවෙන් ඉසිර නාඔටුන්න, චාමික ජනිත් පෙරේරා සහ චමීර සඳරුවන් යන සිසුන් තිදෙනා විසින් මෙම රොබෝ යන්ත‍්‍රය නිර්මාණය කර තිබේ. මෙය නිර්මාණය කිරීමේදී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තිළිණ ලලිතරත්ත සහ ආචාර්ය රුවන් ගෝපුර යන මහත්වරුන්ගේ මඟපෙන්වීම සිසුනට ලැබිණි.
මිනිස් මොළය මගින් නිකුත් කෙරෙන ඊ.ඊ.ජී. තරංග මගින් මෙම රොබෝවා පාලනය කෙරන අතර එම තරංග ඔස්සේ ආබාධිත පුද්ගලයාට අවශ්‍ය ආහාරය ලබාදීමට රොබෝවාට හැකියාව ලැබේ.
“ලොව පුරා විවිධ ආබාධවලින් පෙළෙන පුද්ගලයන් රාශියක් සිටිනවා. ඔවුන්ගෙන් සැලකිය යුතු ප‍්‍රමාණයක් බෙල්ලෙන් පහළ පණ නැති හෝ අත් අහිමි වූවන් වෙනවා. එදිනෙදා ජීවිතයේදී ආහාර ගැනීමේදී මෙම පුද්ගලයන්ට විශාල ගැටලූවකට මුහුණදීමට සිදුවෙනවා. මෙම රොබෝ තාක්‍ෂණය යටතේ පූර්ණ ආබාධිත පුද්ගලයන්ට තනිව ආහාර ගැනීමට අත්වැලක් වෙනවා. ඊ.ඊ.ජී. තාක්‍ෂණ භාවිතයෙන් ලොව පුරා විවිධ මට්ටමේ පර්යේෂණ සිදු කෙරමින් තිබුණත් පූර්ණ ආබාධිත පුද්ගලයන්ට ආහාර ගැනීම සඳහා මෙම තාක්‍ෂණය භාවිත කර රොබෝ යන්ත‍්‍රයක් නිර්මාණය වී නැතැයි සිතනවා. එබැවින් ජෛව ඉංජිනේරු ක්ෂේත‍්‍රයෙත්, විශේෂයෙන්ම මෙරට තුළත් ඊ.ඊ.ජී. තාක්‍ෂණය භාවිතකර සිදු කරන ලද ඉතා වැදගත් නිර්මාණයක් ලෙසත් මෙය හඳුන්වන්න පුළුවන්.
මෙය නිර්මාණය කිරීමේදී Steady State Visual evoked Potentials නැමැති විශේෂිත ක‍්‍රමවේදයක් පාදක කරගත්තා. මෙහිදී සිදුකෙරන්නේ කෘත‍්‍රිමව ඇතිකරනු ලබන යම් කිසි සංඛ්‍යාතයකින් යුත් ආලෝක ප‍්‍රභවක් දෙස පියවි ඇසින් බලාසිටින විට එම සංඛ්‍යාතයට සමාන සංඛ්‍යාතයක් සහිත ඊ.ඊ.ජී. තරංග මිනිස් මොළය තුළින් නිකුත්වීමයි. මෙම රොබෝවාගේ පාලකය මගින් එම ඊ.ඊ.ජී. තරංග එකිනෙක වෙන්කර හඳුනාගන්නා අතර අවසානයේ එම ප‍්‍රතිඵල අනුව රොබෝවා ක‍්‍රියාකිරීමට අවශ්‍ය විධාන නිකුත් කිරීම සිදුකරනවා.
මෙම රොබෝවාගේ ඇති තවත් විශේෂයක් නම් දිගු පුහුණුවක් නොමැතිව බහුතරයකට මෙම රොබෝවා මොළයේ තරංග මගින් ක‍්‍රියා කරවීමට හැකිවීමයි. මෙම ව්‍යාපෘතියේ ප‍්‍රථිපල ජපානයේ නැගෝයා නුවර SII 2015 සහ ඔස්ටි‍්‍රයාවේ ඉන්ස්කෘක් නුවර පැවැති BioMED 2016 ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත‍්‍රණයේදී එළිදැක්වූවා. දැනටමත් සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් යොදාගෙන මෙම පර්යේෂණය සිදුකරනවා. ඉදිරියේදී ආබාධිත පුද්ගලයන් යොදාගෙන වැඩිදුර පර්යේෂණ සිදුකිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.” පර්යේෂණ කණ්ඩායම පැවැසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස් වල කැලණියේ කලිසම කලිසම.නව සොයා ගැනීම සතියකට විතර පස්සේ කියන්න (අ)
තවත් අලුත් සොයාගැනීම් කරන්න ඔබලා රටට ආඩම්බරයක් (හේ)
අන්තරේ කට්ටියටයි කියන්නේ. මොරටුවේ ළමයි ඉගෙන ගන්නවා.වහාම මෙම විශ්ව විද්‍යාලයේ මොනව හරි එකකට කචල් එකක් දාල මේ වැඩ අවුල් කරපල්ලා.(බ)
මෙන්න පොතින් පොළවට බැස්ස දරුවන්! (නි)
ඉදිරියටම යන්න දරුවනේ ඔබලා රටටම සම්පතක් තෙරුවන් සරණයි (හේ)
සොයා ගැනීම විද්‍යාගාරයටම පමණක් සීමාවුණොත් ඉතින් වැඩක් නැහැ. (නි)
අනෙක් විශ්ව විද්‍යාලවල සිසුන් පෙළපාලි උද්ගෝෂණ කරන අතරේ මේ දරුවෝ ලෝකෙටම ප්‍රයෝජනවත් වැඩ කරනවා. මම දැක්ක මොරටු සරසවි දරුවන් ළඟදී මෙවැනි නිර්මාණ ගණනාවක් ලෝකෙට හඳුන්වා දුන්න. සැබෑ විශ්ව විද්‍යාල අධ්‍යාපනය දෙන මොරටු සරසවි ආචාර්ය මණ්ඩලයටත් නිර්මාණය කෙරෙහි සැමවිටම යොමුවන මෙවැනි සිසු දරුවන්ටත් ජාතියේ ගෞරවය හිමි විය යුතුයි. ඔබට මගේ ආචාරය! (බ)
විශ්ව විද්‍යාලයක තේරුම ලොවට පෙන්වන මොරටුව විශ්ව විද්‍යාලයට අපගේ ප්‍රණාමය! (නි)
නියමයි. (බ)
ඔබලාගේ හපම්කම් අපට ආඩම්බරයක් (ම)
හොඳ ආදර්ශමත් දරු පිරිසක් සිටින විශ්ව විද්‍යාලයක්. මගේ සුබ පැතුම්.(ම)
දරුවනේ, ඔබේ ශ්‍රමාභිමානය වඩවාගන්න. ඒ හැරුණුකොට මේ සොයාගැනීම් මේ රටේ ප්‍රයෝජනයට ගැනීමට පාලකයින්ගේ නැණස පෑදේවා යයි ප්‍රාර්ථනා කරන්න. (හේ)
විමලසේන මහතාණෙනි, මෙහි දරුවන් ඉතා දක්ෂයි සහ නැණවත්. ඉතින් ඔය කාටත් අමාරුයි ඔවුන්ව රවටන්න. නමුත් කවුරුහරි බලන්න මොරටුවේ ඉංජිනේරුවන්ගෙන් කී දෙනෙක් වසර දහයකදී ලංකාවේ තවදුරටත් ඉන්නවද කියලා. බහුතරය දිවුණු රටවල ස්ථිර පදිංචියට ගොස් ඇති බව ඔබට පෙනෙයි. (නි)
අලුත් අලුත් දේ නොතනන ජාතිය ලොව නොනගී කියලා කියනවනේ. ඉතින් මොරටු සරසවි දිරිය දූ පුතුන්ට තව තව අලුත් දේවල් නිර්මාණයට හැකිවේවා! ඔවුන්ගේ දක්ෂතා, නැණ නුවන වැඩිදියුණු වේවා! තාක්ෂණ දැනුම ඇති අචාර්ය මණ්ඩලයක් ඔවුන්ට ලැබේවා කියා පතමි. (නි)
කුසල්, කට තිබුන පළියට දොඩවන්න එපා. ඒ මිනිසුන්ට එහෙම වෙලා තියෙන්නේ ඔයා හිතන විදියට පින් කරලා නැතුව නෙමෙයි. මේ සොබාදහමේ සිදුවන කිසියම් විකෘතියක් නිසා. එ්ක අදත් වෙනවා හෙටත් වෙනවා. ඔබට වෙන්නත් පුළුවන්. මට වෙන්නත් පුළුවන් (නි)
මේ සොයාගැනීම් හොඳ දේවල්. නමුත් අපි හිතන්න ඕනෑ ඇයි මෙහෙම ආබාධිත අය මේ ලෝකෙට බිහිවෙන්නේ කියලා. මිනිස්සු හොඳට පින්දහම් කරන්න ඕනෑ කියන එක තමයි එ්කේ තේරුම. (නි)
මට හොඳටම විශ්වාසයි කුසල් කැළණියෙන් උපාධිය ලබාගෙන තියෙන්නේ කියලා (නි)
මොරටුව විශ්ව විද්‍යාලයේ නම ලෝකෙට ගෙනියන්න කරපු අපුරු සොයාගැනීමක් ...(බ)