පූර්ණ ශ‍්‍රව්‍යාබාධිතයන්ගේ සන්නිවේදනය වර්ධනය කර ගැනීමට උපකාරී වන විශේෂිත ‘බඳ පටියක්’නිර්මාණය කරමින් දකුණු ආසියාතික ජයග‍්‍රහණයක් හිමි කරගත් මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ අවසන් වසරේ සිසුහු තිදෙනා නවසීලන්තයේ පැවැති එහි අවසන් තරගාවලියෙන් ආසියා ශාන්තිකර කලාපීය ප‍්‍රථම ස්ථානය දිනාගැනීමට සමත් වූහ.
යාන්ත‍්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වයි.ඩබ්ලිව්. රංජිත් අමරසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ හසල සක්විති රෝහණවංශ, එරංග ද සිල්වා සහ පේශාන් සම්පත් යන සිසුන් මෙම ජයග‍්‍රහණය අත්කර ගත්හ.
ආසියා ශාන්තිකර තරඟාවලිය වෙනුවෙන් මෙම නිර්මාණය සිදුකළ මොරටු සිසුන් තිදෙනා මීට පෙර එහි දකුණු ආසියා කලාපීය වටයේදී තරගවැදී ඉන්දීය, පාකිස්තාන හා ශ්‍රී ලංකා කණ්ඩායම් පරදවා දෙවැනි වටය සඳහා සුදුසුකම් ලැබීය.
කුඩා කම්පක හා මයික්‍රෆොන් කීපයක් උපයෝගී කරගනිමින් ප‍්‍රධාන වශයෙන් ආකාර දෙකකින් ශ‍්‍රව්‍ය හැකියාව වර්ධනය කිරීමට ඔවුන් මේ බඳ පටිය නිපදවා තිබේ. එහි කුඩා පරිගණකය මගින් ශබ්ද හඳුනාගෙන එයට අදාළව කම්පන තරංගයක් නිකුත් කරයි. ශබ්දය වෙන්කර හඳුනා ගෙන කම්පන ආකාර පහක් නිකුත් කිරීමේ හැකියාව මෙම උපකරණයට තිබේ. මෙම උපකරණය ඉදිරියේදී තවත් වැඩිදියුණු කරන බව නිර්මාණකරුවෝ පවසති.
‘මෙම තරගාවලියේ අවසන් අදියර නවසීලන්තයේ ඔක්ලන්ඞ් නුවර දී පැවැත්විණි. එහිදී ඊසාන දිග ආසියා කලාපීය තරගාවලියේ ජයග‍්‍රහායකයන් ලෙස තරගාවලිය නියෝජනය කළ හොංකොං රාජ්‍යය සහ චීනය දෙවන හා තුන්වන ස්ථානවලට ඇඳ දමමින් අපේ මවුබිමට ප‍්‍රථම ස්ථානය ලබාදීමට අපට හැකි වුණා.
හදිසි අවස්ථාවල මා ළඟින් ගමන් ගන්නා වාහන වලින් අනතුරු නොවී බේරුණේ ඉතා අමාරුවෙනි. මගේ දියණිය මා අමතන හඬ, ගෙදර සීනුව පවා සමහර විට හඳුනාගැනීමට මට අසීරුයි. මොවුන්ගේ නිර්මාණය ඊට කදිම පිළිතුරක්’ ලෙස විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයකු වූ ඔක්ලන්ඩ් නුවර ශ‍්‍රවණාබාධිතයන්ගේ සංගමයේ සාමාජික මයික් ග‍්‍රැන්ගර් මහතා ඒ බව පවසද්දී අපට දැණුන සතුට නම් කියා නිම කරන්න බැහැ. ඒ මහතා උපතින්ම ශ‍්‍රව්‍යාබාධිතයකු වුවත් ඔහු දැනට ඉංජිනේරුවකු ලෙස සේවය කරනවා. අපේ ජයග‍්‍රහණය පිළිබඳව එම සංගමය මාධ්‍ය නිවේදනයක් ඔස්සේ නවසීලන්ත වෙබ් අඩවියක ද පළ කළා.
එමෙන්ම මෙම තරගාවලියට සහභාගිවීම සඳහා උදව් උපකාර කළ මොරටු විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන, නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය රාහුල අත්තලගේ, ඉංජිනේරු පීඨාධිපති මහාචාර්ය කපිල පෙරේරා, යාන්ත‍්‍රික ඉංජ්නේරු දෙපාර්තමේන්තු ප‍්‍රධානී ආචාර්ය ඩබ්ලිව්.කේ. විමලසිරි යන මහත්වරුන්ට ස්තූති කළ යුතුයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලලිත්, ඔබ හරියටම හරි. (නි)
මෙම ආයතනය නව නිර්මාණ බිහි කරන ලොව විශ්මිත ආයතනයක් වෙනවා කැනඩා ආදාර යටතේ ආරම්බ උන මෙම ආයතනය විශ්ව විද්‍යාලයක් බවට පත් කලේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ප්‍රමුක සමගි පෙරමුණු ආණ්ඩුවේ ප්‍රථම කාර්ය ලෙස උපාදි දාරී සිසුන් සැමටම සුබ පතනවා. (ර)
ඇත්තටම ලංකාවේ දරුවන්ට තව තවත් නුවණ සහ ධෛර්යය ලැබේවා කියා පතනවා (නි)
එක පුන්සඳින් දුරුවෙයි ලොව ගණ අඳුරු (නි)
මේ වගේ ළමයිනුත් විශ්වවිද්‍යාලෙ ඉන්නවා, අර කැලණිය එක්ක බලද්දි මොවුන් මිණි කැට. (ර)
ඔබ සැමට සුබ පැතුම්. අපේ මව්බිම ලෝකයේ රන් අකුරින් ලියන්නට සැමට ශක්තිය ධෛර්ය ලැබේවා පතමි. තෙරුවන් සරණයි ලක් මාතාවගේ පුතුන්ට (බ)
ඇත්තටම සතුටුයි. ඒ එක්කම දුකකුත් එනවා. ලංකාවේ විශ්ව විද්‍යාල වලින් කෙරෙන මෙවැනි අගනා නිර්මාණ වලට රටෙන් නිසි ප්‍රචාරය හා අගය කිරීම් ලැබෙනවද?. හැබැයි උත්ගොෂණයක් කරපු, රැග් කරපු, කදුළු ගෑස් කාපු කතා නම් නිතරම පෙන්න තියෙනවා. අන්තිමේට වෙන්නේ මෙවැනි නිර්මාණ කරන අය ඔව්න්ගේ හැකියාවට වටිනාකමක් දෙන රටවල් සොයා යන එක විතරයි.(කෞ)
ශ්‍රී ලාංකිකයන් හැටියට ආඩම්බරයි. ඔබ සැමට සැමදා ජය. (හේ)
ඇත්තටම මම මේ පුවත කියවලා හුඟක් සතුටට පත් වුණා. අපට හොඳ නිර්මාණශීලි හොඳ බුද්ධිමත් තරුණ දරු පිරිසක් ඉන්නවා ඒහා සරිලන මග පෙන්වන හොඳ කාර්ය ශුර ගුරු භවතුන් පිරිසක් ඉන්නවා. ඔබ සැමට මෙවන් තවත් ලොවට වැඩදායක නව සොයාගැනීම් කිරීමට ඥාන ශක්තිය තව තවත් දියුණු වේවා යි මම ප්‍රාර්ථනා කරනවා (ම)
දැන් ඕක දේශීය සමාගමක් හරහා වෙළඳපොළට නිකුත් කලොත් හරි ප්‍රමාද නොවී. චීනා හරි ඉන්දියන්කාරයෝ හරි ටිකක් වෙනස් කරලා පේටන්ට් බලපත්‍රයක් අරගෙන වෙළඳපොළට එවන්න කලින්. (ර)
ඔබට සුබ පැතුම්! හැකිතාක් ඉක්මනින් මෙය ව්‍යාප්ත කරන්න (ම)
ඔබට සුබ පැතුම්! හැකිතාක් ඉක්මනින් මෙය ව්‍යාප්ත කරන්න (නි)
ප්‍රබෝදාගේ කතාවට සම්පුර්ණයෙන් එකඟයි. කුණු රසයට අසවුණු මිනිසුන්ට කුණු රසයම පෙන්වනවා මිස තාම ලංකාවේ එක ටීවී චැනල් එකක් මේ ප්‍රවෘත්තිය පෙන්නුවද? බුද්ධිමතුන්ට අද ලංකාවේ කිසිම තැනක් නැත. ඔබ සියලු දෙනාට මගේ ආශිර්වාදය පුදකරමි. (නි)
ඉතාම ඉක්මනටම පේටන්ට් බලපත්‍රය ලබාගත යුතු වෙනවා (ම)
මොරටුව කැම්පස් එකේ දරුවෝ හැබෑම දක්ෂ දරුවෝ , අපට ආඩම්බර හිතෙනවා ඔබලාගේ දක්ෂ කම් දැක්කම (ම)
ලලිත්, ඔබ හරි. අපි ප්‍රමාද නොවිය යුතුයි (නි)
කොහොම වුණත් නිර්මාණය නම් අගනා එකක්. ඔබට ජය! (නි)
මේ ප්‍රවෘතිය කියවනකොට මගේ දෑසට කඳුළු ආවා. රටක් හැටියට අපිට කොච්චර ආඩම්බරද . මේ අපේ සම්පත්. (ර)