දෙපසට පා පහර එල්ල කරමින් අපූරු රංගනයක යෙදෙන මකුළු විශේෂයක් ඕස්ට්‍රේලියාවේ ඇල්බැනි සමීපයේ පිහිටි කේප්රිචී හි දී හමුවූ බව විද්‍යාඥයන් පිරිසක් පවසයි.

මැරටස් පසෙර්නාටස් ලෙස සත්ත්ව විද්‍යාත්මකව නම්කැර ඇති මේ සත්ත්වයා දිගින් මිලි මීටර තුනත් පහත් අතරය. පැත්තෙන් පැත්තට චලනය වෙමින් දෙපසට පා පහර එල්ල කරමින් කරණ රංගනයෙන් සිය සහකාරිය වසඟයට ගැනීමට මේ මකුළුවා සමත්වෙයි. මොණරකු වැනි වර්ණයෙන් යුක්ත ඔවුන් පා පහර එල්ලකරණ විට අත්පොලසන් දෙන හඬක් වැනි සියුම් හඬක් මතුවන බව ද විද්‍යාඥ ජජෙන් ඕටෝ පවසයි.

සත්ත්ව විශේෂය සොයාගත් විද්‍යාඥයන් පවසන්නේ මේ මකුළුවා ලෝකයේ වාර්තාවන වඩාත් ආකර්ශනීයම හා දැකුම්කළුම මකුළුවා ද යන්න ගැන කතාබහට ලක්වනු ඇති බවයි.

සාමාන්‍යයෙන් මකුළුවන් සම්බන්ධයෙන් මිනිසුන් දක්වන්නේ බිය හා පිළිකුල මුසු හැඟීමකි. එසේ වුව ද මේ මකුළුවා එවැනි පිළිකුල් සහගත සත්ත්වයකු නොවන බව ද ඔවුහු පෙන්වාදෙයි.

4.Is this the world 5.Is this the world