අතීත නියොලිතික යුගයේ ඉතාලියේ වාසය කළ මානවයන් තම ඥාතින් මියගිය පසු එම මළසිරුරුවල ඇති මාංශ කොටස් තියුණු කැපුම් යොදා අස්ථිවලින් වෙන්කැර ඇතැයි තහවුරු වූ බව පුරාවිද්‍යාඥයෝ කියති.

ඉතාලියේ පුග්ලියා ගල් ගුහාව ආශ්‍රිතව පර්යේෂණයේ නිරත වූ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පවසන්නේ අදින් වරස 7000ට වඩා පැරණි මානව අස්ථිවල තියුණු කැපුම් ලක්ෂණ දක්නට ලැබෙන බවයි. මේ කැපුම් ඇතිවී තිබෙන්නේත් මස් ඉවත්කැර ඇත්තේත් ගලින් තැනූ ආයුධවලිනි.

පර්යේෂකයන් පවසන්නේ මියගිය සිය ඥාතීන්ගේ සිරුරු ගල් ගුහාවේ මිහිදන් කිරීමට පෙර ඒවායේ මස් ඉවත්කිරීම චාරිත්‍රයක් ලෙස කරන්නට ඇති බවයි.

මේ මිහිදන් කිරිමේ පියවර වෙහෙසකර චාරිත්‍ර කිහිපයක අවසානය බව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පූර්ව යුරෝපීය පූර්ව ඉතිහාසය පිළිබඳ ආචාර්ය ජෝන් රොබ් කියයි.

ලෝකයේ රටවල් කිහිපයක හමුවූ මානව අස්ථි කොටස් පරීක්ෂා කිරීමේ දී මළසිරුරුවලින් මාංශ ඉවත්කිරීමේ චාරිත්‍රය පැවති බවට සාධක ඇතැත් යුරෝපයේ එවැනි සාධක හමුවූ ප්‍රථම අවස්ථාව බව ද ආචාර්ය රෝබ් කියා සිටියේය.

2723D4AB00000578-3017982-The_delicate_stalactites_in_the_cave_left_resemble_bones_as_can_-m-8_1427721060244 2724001D00000578-3017982-Scaloria_cave_is_a_deep_multi_caverned_grotto_in_Tavoliere_regio-a-15_1427721801462