IMG-LOGO

2024 මැයි මස 07 වන අඟහරුවාදා


මිනිසාගේ අලුත් නෑයෙක් දකුණු අප්‍රිකාවේ ගුහාවකින්

දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් සමීපයේ රයිසින් ස්ටාර් නමැති ගුහාවෙන් මෙතෙක් අනාවරණය නොවූ නව මානව විශේෂයක් සොයාගෙන ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කරයි. මෙම සොයාගැනීම සිදුකැර ඇත්තේ  ජොහැනස්බර්ග් විට්වෝටර්ස්රෑන්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ පිරිසක් විසිනි. එම නව මානව විශේෂය ‘‘හෝමෝ නැලෙඩි“ ලෙස නම්කැර ඇත. ඔවුන්

මානව පරිනාමයේ දී මෙතෙක් සොයාගත් වානර හා මානව විශේෂ අතරට එය නවතම එකතුවක් බවත් මෙය ලෝක මානව වංශකතාවේ නව පෙරළියක් විය හැකි බවත් විද්‍යාඥයෝ කියති. හෝමෝ නමින් හඳුන්වන නූතන මානවයා පමණක් කරන ලැදැයි සිතන මළ සිරුරු දැවීමේ ක්‍රියාවන් මේ මානවයා ද සිදුකැර ඇතැයි පර්යේෂකයන් විශ්වාස කරයි. විද්‍යාඥයන් පවසන්නේ මේ නව මානව විශේෂය සොයාගත් ස්ථානය ඇතැම්විට ඔවුන්ගේ සොහොන් භූමියක් ද විය හැකි බවයි.

මේ සොයා ගැනීමත් සමග මානව පරිනාමය පිළිබඳ නව මාවතක් විවරවනු ඇතැයි ද පුරාවිද්‍යාඥයෝ කියති.

ගුහාව අධ්‍යයනය කළ ආදුනික භූ විද්‍යාඥයකු විසින් 2013 දී රයිසින් ස්ටාර් ගුහාවේ තිබී නූතන මානවයාට සමීප හැඩයක් ගන්නා අකු අස්ථියක ෆොසිලයක් සොයා ගැණිනි. ඒ ඔස්සේ කරණ ලද පර්යේෂණවලින් මේ මානවයා පිළිබඳ කරුණු අනාවරණය කැර ගැනීමට හැකිවූ බව පර්යේෂකයෝ කියති.

වත්මන් මිනිසුන්ගේ පාදවලට සමාන වූ තරමක් දිගින් වැඩි කකුල් සහිත නැලෙඩි මානවයා දිගු දුරක් ඇවිදීමට හොඳින් අනුවර්තනය වී සිටින්නට ඇතැයි ද මානව විද්‍යාඥයෝ කියති. අඩි පහක් පමණ සමාන්‍ය උසකින් යුතු වූ මොවුන් ගේ දෙඅත් ආයුධ සෑදීමට හැකි ආකාරයටත් හොඳින් ගස් නැගීමටත් හැකි අයුරින් අනුවර්තනය වී තිබිණි. අත් මිනිසාගේ අත්වලට බෙහෙවින් සමාන වුව ද අත්ලේ පුරුක් එකිනෙක යාවී වක්‍ර‍ ස්වරූපයකින් තිබෙන්නට ඇතැයි ද විද්‍යාඥයන්ගේ මතය වී ඇත. එම ලක්ෂණය ගස් නැගීමට හොඳ අනුවර්තනයකි. නැලෙඩිගේ හිස්කබලේ ධාරිතාව වර්තමාන මිනිස් හිස්කබලේ ධාරිතාවෙන් භාගයකට අඩුය. ඒ අනුව මේ මානවයාගේ මොළය දොඩම් ගෙඩියකට වඩා විශාල නොවූ බව ද එසේ වුවත් ඔවුන් නූතන මානවයාට විශ්මයජනක ලෙස සමානත්වයක් දක්වන බව ද පර්යේෂකයෝ කියති.

ගුහාවේ ප්‍ර‍ධාන විවිරයේ සිට මීටර 90 ක් පමණ ඈතින් තිබූ අඟල් හතක් වැනි කුඩා විවරයකින් ඇතුළු වී ගියවිට මේ මානව කොටස් හමුවී ඇත. සීඑන්එන් පුවත් සේවය පවසන්නේ ඒ අනුව මෙය ලෝකයේ මෙතෙක් සොයාගත් පුදුම සහගත සොයාගැනීමක් බවයි. එම ස්ථානයේ අස්ථි කොටස් පිරී තිබිණි. ඒවා අතර පිරිමි, ගැහුණු හා ළමයින්ගේ අස්ථි කොටස් රැසක් තිබී ඇත. විද්‍යාඥයන්ගේ මතය වන්නේ එතැන පුද්ගලයන් 1500ට පමණ අයත් අස්ථි කොටස් ඇති බවයි.

මෙතෙක් සොයාගත් පැරණිතම මානව සුසානය වසර 100,000 ක් අතිතයට දිව යයි. විද්‍යාඥයන් පවසන්නේ නැලෙඩි මානවයාගේ මේ සුසානය ඊට වඩා අතීතයට අයත්විය හැකි බවයි. නැලෙඩි තවමත් කවර කාලයක ජීවත්වූයේ ද යන්න ස්ථිර කැර ගැනීමට අවශ්‍ය කාල නිර්ණය මෙතෙක් සිදු කැර නැත.

(වේරගොඩගේ සජීව විජේවීර)

150910101735-restricted-homo-naledi-nat-geo-6-exlarge-169 - Copy

150910092424-restricted-homo-naledi-nat-geo-3-exlarge-169 150910105558-restricted-homo-naledi-foot-wits-exlarge-169 150910110718-restricted-homo-naledi-hands-wits-exlarge-169 150910111017-restricted-homo-naledi-skull-two-wits-exlarge-169 150910111447-restricted-homo-naledi-jaw-wits-exlarge-169 150910112025-restricted-homo-naledi-skull-closeup-wits-exlarge-169 150910114256-restricted-nat-geo-bones-exlarge-169



අදහස් (0)

මිනිසාගේ අලුත් නෑයෙක් දකුණු අප්‍රිකාවේ ගුහාවකින්

මදු Sunday, 25 October 2015 03:03 AM

හරි හරි දරුවනේ ආගමක් අදහන කෙනාට එක තමා වැඩිපුරම වටින්නේ

:       0       0

සොපි Friday, 11 September 2015 04:24 AM

මෙයා අපිට වඩා ලස්සනයි නේද ? (බ)

:       0       0

උද්දික Tuesday, 15 September 2015 07:13 AM

නිදහසේ හිතන්න බලන්න. (නි)

:       0       0

දර්ශිකා Friday, 16 October 2015 01:22 PM

ඔව් ඔව්. අපිව ගලවා තියෙන නිසා දැන් අපි මොනවා කලත් අවුලක් නෑ අපි ගැලවිලා. (ර)

:       0       0

සන්තුෂ් Saturday, 19 September 2015 01:42 AM

බලන්නකෝ අපේ කට්ටියගේ අදහස් ටික (නි)

:       0       0

සොපී Monday, 14 September 2015 05:17 AM

ඔව් සමන්, අපි දෙන්නටම වඩා හරිම ලස්සනයි (නි)

:       0       0

ප්‍රසන්න Monday, 14 September 2015 05:25 AM

හිරන්ත, මම මේකට ආගම් පටළවා ගන්නවා නෙමෙයි, ඔයා කතාකරලා තියන නිසයි කිවුවේ (නි)

:       0       0

ලසන්ත Thursday, 22 October 2015 04:19 AM

කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ තමන්ගේ ආගම මේවට පටලගන්නේ නැත්තම් හොදයි (ම)

:       0       0

කුමාර Monday, 19 October 2015 08:44 AM

මවපු එකේ ලස්සනටම මැව්වා නමි නරකද.? (ර)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 23 September 2015 12:14 PM

හිරන්ත, පාප් තුමා, සර්ව බලධාරි දෙවියන්ගේ එකම ජීවමාන මනුස්ස නායකයා නොවෙයි. එයා සාතන්ගේ රාජයේ මහා පොලවේ නායකයා. කතෝලික සභාව පසුගිය අඋරුදු 2,000 ට සත්ත්‍ය කිතුනු බැතිමතුන් මිලියන 24 කට වඩා මරා දැමුබව ඉතිහාසය කියාපානවා. (බ)

:       0       0

අජිත් Monday, 14 September 2015 01:57 PM

බුද්ධ දේශනාවේ මේ සියළු ප්‍රශ්න වලට පිළිතුරු ඇත (නි)

:       0       0

සමන් Friday, 11 September 2015 06:09 AM

හ්ම් හ්ම් ඔයාට වඩා ලස්සනයි තමා. (නදී)

:       0       0

දුමින්ද Friday, 11 September 2015 07:02 AM

අග මුල පැටලුන අපේ මුල (ම)

:       0       0

අමල් Friday, 16 October 2015 10:18 AM

මම නම් හැම දෙනාගේම මතයට ගරු කරනවා. (ර)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Friday, 30 October 2015 07:47 AM

අපේ රාජපක්ෂ රජයේ සිටි උසස් අධ්‍යාපන් ඇමති දිසානායක සහ හිටපු අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතාගේ මි මුත්තෙක් වාගේ (ම)

:       0       0

නාමල් Wednesday, 28 October 2015 07:47 AM

වැදගත් සොයාගැනීමක්. හරි වැරදි සසඳන්න කලින් සියල්ල සොයාගෙන ඉන්න එක හොඳයි නේද? සත්‍ය කවදාහරි ඉදිරියේදී එළියට එයි. නවීන තක්ක්ෂණය එයට ඉවහල්වෙයි. එදාට අපි නැතිවෙයි (නි)

:       0       0

රෙනුර Wednesday, 28 October 2015 03:14 PM

අයියෝ මෙහෙමදෙයක් මොලේ නැහැ නේද (බ)

:       0       0

නුවන් Wednesday, 07 October 2015 02:03 PM

ශිෂ්ටාචාරය ලොවට ගෙනාවේ ආදී හෙළයා බවට මේක හොඳ සාධකයක්. අපේ රටේන් විසිරී ගිය අපේම ආදී මුතුන් මිත්තන් ගැන අහන්න ලැබෙන එකත් මොන තරම් ෂෝක්ද? (අ)

:       0       0

අමිල Wednesday, 14 October 2015 10:25 PM

දෙවියන් වහන්සේ මනුෂ්‍යයාව මැව්වේ තමන්ගේම ස්වරූපයෙන්. ඒ ආත්මික ස්වරූපයක්. ඒක සතෙකුට ලැබුනේ නැහැ. ලැබුණා නම් වානරයන් තවත් ලෝකේ ඉන්න බැහැ. ඒ නිසා දැන් අපිට ඔවුන් වෙන්නත් බැහැ. එත් සියලු මිනිසුන් පව්කොට දෙවියන් වහන්සේගේ මහිමයෙන් හීන වුණා. ඒ නිසා තමයි මුළු ලෝකෙම පාපයෙන් පිරී තියෙන්නේ. මේකේ කෙළවර නිරය. එහෙත් යේසුස් වහන්සේ අප උදෙසා පාපයේ වන්දිය ගෙවා එයින් අපව ගැළවූ සේක. ලෝකයාට ප්‍රේම කළසේක. ඒ නිසා ඔයාලත් මේ සත්‍ය වටහාගන්න. (නි)

:       0       0

නිපුණ Wednesday, 16 September 2015 06:23 AM

මට පුදුම මේවගේ දැක දැක තවම මිනිස්සු මැවීම වගේ මිත්‍යාවල් විශ්වාස කිරිම. (බ)

:       0       0

පිවිතුරු යහපාල Friday, 30 October 2015 01:31 AM

මට මේ අපේ කෙනෙක්වම මතක් වෙනවා. මොකද මන්දා? (නි)

:       0       0

සුනෙත් Friday, 18 September 2015 01:21 AM

මිත්‍යා වලට රැවටෙන තවත් උගත් පිරිසකුත් ඉන්නා බව අදහස් වලින් පෙනෙනවා (නි)

:       0       0

හිරන්ත Monday, 14 September 2015 04:00 AM

සර්වබලදාරි දෙවියන්ගේ එකම ජීවමාන මනුස්ස නායකයාවන පාප් තුමාගෙන් මේ ප්‍රශ්නයට උත්තරයක් ලබාගන්න පුළුවන්. (නදී)

:       0       0

මොරිස් Monday, 28 September 2015 02:41 PM

මෙන්න මේ වගේ සාක්ෂි ඉදරිපත් කරන්න පුලුවන්ද ඔය මහා ලොකු ශුද්ධ වූ ආගමික පොත් පත් වලට ඒවායේ සඳහන් චරිත හිටිය කියල.මෙය වසර 100000 වඩා පැරණි නම් ඔය පොත් වලට අනුව මානව ඉතිහාසය වසර 10000 කට කිට්ටු එකක්. (බ)

:       0       0

සත්‍යයා Friday, 25 September 2015 11:55 PM

කුමාර් කියන දෙයට විරුද්ධව යනවාට වඩා ඔහු කීමට උත්සාහ කරන දෙය ගැන උනන්දුවක් දක්වන්නේ නම් නව චින්තනයකට මංපෙහෙළි හෙළි කරගන්න පුළුවන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2275 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2156 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6060 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3522 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4213 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 518 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1977 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1735 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site