දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් සමීපයේ රයිසින් ස්ටාර් නමැති ගුහාවෙන් මෙතෙක් අනාවරණය නොවූ නව මානව විශේෂයක් සොයාගෙන ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කරයි. මෙම සොයාගැනීම සිදුකැර ඇත්තේ ජොහැනස්බර්ග් විට්වෝටර්ස්රෑන්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ පිරිසක් විසිනි. එම නව මානව විශේෂය ‘‘හෝමෝ නැලෙඩි“ ලෙස නම්කැර ඇත. ඔවුන්
මානව පරිනාමයේ දී මෙතෙක් සොයාගත් වානර හා මානව විශේෂ අතරට එය නවතම එකතුවක් බවත් මෙය ලෝක මානව වංශකතාවේ නව පෙරළියක් විය හැකි බවත් විද්‍යාඥයෝ කියති. හෝමෝ නමින් හඳුන්වන නූතන මානවයා පමණක් කරන ලැදැයි සිතන මළ සිරුරු දැවීමේ ක්‍රියාවන් මේ මානවයා ද සිදුකැර ඇතැයි පර්යේෂකයන් විශ්වාස කරයි. විද්‍යාඥයන් පවසන්නේ මේ නව මානව විශේෂය සොයාගත් ස්ථානය ඇතැම්විට ඔවුන්ගේ සොහොන් භූමියක් ද විය හැකි බවයි.
මේ සොයා ගැනීමත් සමග මානව පරිනාමය පිළිබඳ නව මාවතක් විවරවනු ඇතැයි ද පුරාවිද්‍යාඥයෝ කියති.
ගුහාව අධ්‍යයනය කළ ආදුනික භූ විද්‍යාඥයකු විසින් 2013 දී රයිසින් ස්ටාර් ගුහාවේ තිබී නූතන මානවයාට සමීප හැඩයක් ගන්නා අකු අස්ථියක ෆොසිලයක් සොයා ගැණිනි. ඒ ඔස්සේ කරණ ලද පර්යේෂණවලින් මේ මානවයා පිළිබඳ කරුණු අනාවරණය කැර ගැනීමට හැකිවූ බව පර්යේෂකයෝ කියති.
වත්මන් මිනිසුන්ගේ පාදවලට සමාන වූ තරමක් දිගින් වැඩි කකුල් සහිත නැලෙඩි මානවයා දිගු දුරක් ඇවිදීමට හොඳින් අනුවර්තනය වී සිටින්නට ඇතැයි ද මානව විද්‍යාඥයෝ කියති. අඩි පහක් පමණ සමාන්‍ය උසකින් යුතු වූ මොවුන් ගේ දෙඅත් ආයුධ සෑදීමට හැකි ආකාරයටත් හොඳින් ගස් නැගීමටත් හැකි අයුරින් අනුවර්තනය වී තිබිණි. අත් මිනිසාගේ අත්වලට බෙහෙවින් සමාන වුව ද අත්ලේ පුරුක් එකිනෙක යාවී වක්‍ර ස්වරූපයකින් තිබෙන්නට ඇතැයි ද විද්‍යාඥයන්ගේ මතය වී ඇත. එම ලක්ෂණය ගස් නැගීමට හොඳ අනුවර්තනයකි. නැලෙඩිගේ හිස්කබලේ ධාරිතාව වර්තමාන මිනිස් හිස්කබලේ ධාරිතාවෙන් භාගයකට අඩුය. ඒ අනුව මේ මානවයාගේ මොළය දොඩම් ගෙඩියකට වඩා විශාල නොවූ බව ද එසේ වුවත් ඔවුන් නූතන මානවයාට විශ්මයජනක ලෙස සමානත්වයක් දක්වන බව ද පර්යේෂකයෝ කියති.
ගුහාවේ ප්‍රධාන විවිරයේ සිට මීටර 90 ක් පමණ ඈතින් තිබූ අඟල් හතක් වැනි කුඩා විවරයකින් ඇතුළු වී ගියවිට මේ මානව කොටස් හමුවී ඇත. සීඑන්එන් පුවත් සේවය පවසන්නේ ඒ අනුව මෙය ලෝකයේ මෙතෙක් සොයාගත් පුදුම සහගත සොයාගැනීමක් බවයි. එම ස්ථානයේ අස්ථි කොටස් පිරී තිබිණි. ඒවා අතර පිරිමි, ගැහුණු හා ළමයින්ගේ අස්ථි කොටස් රැසක් තිබී ඇත. විද්‍යාඥයන්ගේ මතය වන්නේ එතැන පුද්ගලයන් 1500ට පමණ අයත් අස්ථි කොටස් ඇති බවයි.
මෙතෙක් සොයාගත් පැරණිතම මානව සුසානය වසර 100,000 ක් අතිතයට දිව යයි. විද්‍යාඥයන් පවසන්නේ නැලෙඩි මානවයාගේ මේ සුසානය ඊට වඩා අතීතයට අයත්විය හැකි බවයි. නැලෙඩි තවමත් කවර කාලයක ජීවත්වූයේ ද යන්න ස්ථිර කැර ගැනීමට අවශ්‍ය කාල නිර්ණය මෙතෙක් සිදු කැර නැත.
(වේරගොඩගේ සජීව විජේවීර)








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි හරි දරුවනේ ආගමක් අදහන කෙනාට එක තමා වැඩිපුරම වටින්නේ
මෙයා අපිට වඩා ලස්සනයි නේද ? (බ)
නිදහසේ හිතන්න බලන්න. (නි)
ඔව් ඔව්. අපිව ගලවා තියෙන නිසා දැන් අපි මොනවා කලත් අවුලක් නෑ අපි ගැලවිලා. (ර)
බලන්නකෝ අපේ කට්ටියගේ අදහස් ටික (නි)
ඔව් සමන්, අපි දෙන්නටම වඩා හරිම ලස්සනයි (නි)
හිරන්ත, මම මේකට ආගම් පටළවා ගන්නවා නෙමෙයි, ඔයා කතාකරලා තියන නිසයි කිවුවේ (නි)
කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ තමන්ගේ ආගම මේවට පටලගන්නේ නැත්තම් හොදයි (ම)
මවපු එකේ ලස්සනටම මැව්වා නමි නරකද.? (ර)
හිරන්ත, පාප් තුමා, සර්ව බලධාරි දෙවියන්ගේ එකම ජීවමාන මනුස්ස නායකයා නොවෙයි. එයා සාතන්ගේ රාජයේ මහා පොලවේ නායකයා. කතෝලික සභාව පසුගිය අඋරුදු 2,000 ට සත්ත්‍ය කිතුනු බැතිමතුන් මිලියන 24 කට වඩා මරා දැමුබව ඉතිහාසය කියාපානවා. (බ)
බුද්ධ දේශනාවේ මේ සියළු ප්‍රශ්න වලට පිළිතුරු ඇත (නි)
හ්ම් හ්ම් ඔයාට වඩා ලස්සනයි තමා. (නදී)
අග මුල පැටලුන අපේ මුල (ම)
මම නම් හැම දෙනාගේම මතයට ගරු කරනවා. (ර)
අපේ රාජපක්ෂ රජයේ සිටි උසස් අධ්‍යාපන් ඇමති දිසානායක සහ හිටපු අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතාගේ මි මුත්තෙක් වාගේ (ම)
වැදගත් සොයාගැනීමක්. හරි වැරදි සසඳන්න කලින් සියල්ල සොයාගෙන ඉන්න එක හොඳයි නේද? සත්‍ය කවදාහරි ඉදිරියේදී එළියට එයි. නවීන තක්ක්ෂණය එයට ඉවහල්වෙයි. එදාට අපි නැතිවෙයි (නි)
අයියෝ මෙහෙමදෙයක් මොලේ නැහැ නේද (බ)
ශිෂ්ටාචාරය ලොවට ගෙනාවේ ආදී හෙළයා බවට මේක හොඳ සාධකයක්. අපේ රටේන් විසිරී ගිය අපේම ආදී මුතුන් මිත්තන් ගැන අහන්න ලැබෙන එකත් මොන තරම් ෂෝක්ද? (අ)
දෙවියන් වහන්සේ මනුෂ්‍යයාව මැව්වේ තමන්ගේම ස්වරූපයෙන්. ඒ ආත්මික ස්වරූපයක්. ඒක සතෙකුට ලැබුනේ නැහැ. ලැබුණා නම් වානරයන් තවත් ලෝකේ ඉන්න බැහැ. ඒ නිසා දැන් අපිට ඔවුන් වෙන්නත් බැහැ. එත් සියලු මිනිසුන් පව්කොට දෙවියන් වහන්සේගේ මහිමයෙන් හීන වුණා. ඒ නිසා තමයි මුළු ලෝකෙම පාපයෙන් පිරී තියෙන්නේ. මේකේ කෙළවර නිරය. එහෙත් යේසුස් වහන්සේ අප උදෙසා පාපයේ වන්දිය ගෙවා එයින් අපව ගැළවූ සේක. ලෝකයාට ප්‍රේම කළසේක. ඒ නිසා ඔයාලත් මේ සත්‍ය වටහාගන්න. (නි)
මට පුදුම මේවගේ දැක දැක තවම මිනිස්සු මැවීම වගේ මිත්‍යාවල් විශ්වාස කිරිම. (බ)
මට මේ අපේ කෙනෙක්වම මතක් වෙනවා. මොකද මන්දා? (නි)
මිත්‍යා වලට රැවටෙන තවත් උගත් පිරිසකුත් ඉන්නා බව අදහස් වලින් පෙනෙනවා (නි)
සර්වබලදාරි දෙවියන්ගේ එකම ජීවමාන මනුස්ස නායකයාවන පාප් තුමාගෙන් මේ ප්‍රශ්නයට උත්තරයක් ලබාගන්න පුළුවන්. (නදී)
මෙන්න මේ වගේ සාක්ෂි ඉදරිපත් කරන්න පුලුවන්ද ඔය මහා ලොකු ශුද්ධ වූ ආගමික පොත් පත් වලට ඒවායේ සඳහන් චරිත හිටිය කියල.මෙය වසර 100000 වඩා පැරණි නම් ඔය පොත් වලට අනුව මානව ඉතිහාසය වසර 10000 කට කිට්ටු එකක්. (බ)
කුමාර් කියන දෙයට විරුද්ධව යනවාට වඩා ඔහු කීමට උත්සාහ කරන දෙය ගැන උනන්දුවක් දක්වන්නේ නම් නව චින්තනයකට මංපෙහෙළි හෙළි කරගන්න පුළුවන්. (නි)