IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


‘මානවයා මෙලෙවින් තුරන් විය හැකියි‘

පුරුෂ ශ්‍රක්‍රාණු අඩුවීමේ වේගය හේතුවෙන් අනාගතයේදී මානවයා මෙලෙවින් තුරන් විය හැකි බවට ජෙරුසලම් විශ්ව විද්‍යාලයේ වසංගත රෝග විද්‍යාඥයකු වන ආචාර්ය හැගායි ලෙවීන් මහතා අනතුරු අඟවා ඇත.

ආචාර්යවරයා මේ බව පවසන්නේ 1973 වර්ෂයේ සිට වසර 40ක කාලයක් පුරා කරන ලද පර්යේෂණ 185ක ප්‍රතිඵල අධ්‍යයනය කිරීමෙනි.

අධ්‍යයනයෙන් පෙනීගොස් ඇත්තේ උතුරු ඇමරිකාව, යුරෝපය, ඔස්ට්‍රේලියාව හා නවසීලන්තයේ පුරුෂයින්ගේ ශුක්‍රාණු ප්‍රතිශතය වසර 40කදී අඩකින් අඩුවී ඇති බවයි. කෘමිනාශක සහ ප්ලාස්ටික් වලට යොදන රසායන වලට නිරාවරණය වීම, ස්ථුලතාවය, දුම්පානය,ආතතිය, පමණට වඩා රූපවාහිනිය නැරඹීම සහ ආහාර රටාවන් මෙයට හේතු ලෙස ඔහු සඳහන් කර ඇත.

රසායනිකයන්ට නිරාවරණය වීම, අපගේ ජීවන රටාව හා පරිසරය යන සාධක වෙනස් නොකළහොත් අනාගතයේදී මානවයාට විශාල ගැටලු වලට මුහුණ  දීමට සිදුවන බවත් එය පොදුවේ ප්‍රජනනය සම්බන්ධව විය හැකි බවත් ආචාර්ය ලෙවීන්  පවසයි.

(බීබීසී පුවත් ඇසුරිණි - 085)
 



අදහස් (1)

‘මානවයා මෙලෙවින් තුරන් විය හැකියි‘

sam Tuesday, 01 August 2017 02:04 PM

මේවා සුද්දන්ගේ විස්තර අරන් කරපු පර්යේෂණ. ඇමෙරිකාවේ හා යුරෝපයෝ සුද්දෝ වැරදි ආහාර, හැසිරීම් කරද්දී දැන් එහෙ ඉන්න මුස්ලිම්, චීන, ඉන්දියන් පවුල් වල ළමයි 4-5 ඉන්නවා. වෙන්නේ එක දේ , තව අවුරුදු 40-50ක් යද්දී සුද්දෝ අඩු වෙලා මිශ්‍ර(mixed ) පවුල් වැඩි වෙන එක

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 602 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site