IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


මානව පරිනාමයේ යතුර හමුවෙයි

නූතන මානවයන් වසර 60,000ට පමණ පෙර අප්‍රිකාවෙන් ව්‍යාප්තවූ බවට වැදගත් තොරතුරු රැසක් සොයා ගැනීමට ඊශ්‍රායලයෙන් හමුවූ මානව හිස්කබලක් හේතු වූ බව විදයාඥයෝ කියති. මානවයාගේ පර්යටනය හේතුවෙන් හෝමෝ සේපියන්ස් සේපියන්ස් නූතන මානවයා ලොව පුරාම ව්‍යාප්තවූ බවත් නියැන්ඩතාල් මානවයා තුරන් වී ගිය බවත් මේ පරීක්ෂණ වාර්තාවේ දක්වා ඇත.

මේ මානව හිස්කබල හමුවී ඇත්තේ මැනොට් ගුහාවෙනි. හිස්කබල වසර 55,000ට වඩා පැරණිය. පර්යේෂණය සිදුකළ ටෙල් අවිව් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හරෂ්කොවිට්ස් පවසන්නේ නූතන් හිස්කබලකින් මේ හිස්කබල වෙන්කිරීමට හේතු සාධක නොමැති බවයි.

මහාචාර්යවරයා තවදුරටත් පවසන්නේ සහරා සහ නුබියන් කාන්තාර හරහා නැගෙනහිර අප්‍රිකාවෙන් විශාල ලෙස ජනයා මධ්‍යධරණී පෙදෙසට  සංක්‍රමණය වී මීට අවුරුදු 55000 කට පෙර  ජනාවාස ඇති කරගත් බව පෙන්වා දීමට හැකි පළමු වැදගත් සාක්ෂිය මෙම හිස්කබල බවයි. එය නූතන මානවයාගේ පරිනාමය පිළිබඳ තොරතුරු පෙන්වාදිය හැකි යතුරක් ලෙස හැඳින්විය හැකි බව ද පර්යේෂකයෝ කියති.

scull 1 scull 2



අදහස් (0)

මානව පරිනාමයේ යතුර හමුවෙයි

හර්ෂ Tuesday, 03 February 2015 02:37 AM

පුනරුත්පත්ති සංකල්ප වලට ගැටළු ඇති නොවුවද බණකතා සහ දෙවියන්ගේ මැවීම සම්බන්ධ සංකල්ප වලට නම් නොගැළපීම් තිබෙනවා කියා මට හිතෙනවා. (නි)

:       0       0

නිමල් Monday, 02 February 2015 01:40 PM

මානව පරිණාමයත් පුනරුත්පත්තියත් ගැටෙන අවස්ථාවක් ලෙසයි දකින්නෙ. ඔප්පුකළ නොහැකි කථා පිළිබදව මැනවින් විමර්ශනය කළයුතු කාලය එළඹ ඇත. (නි)

:       0       0

කිරන් Tuesday, 03 February 2015 02:53 PM

පරිනාමය සහ පුනරුප්පත්තිය එකට බැඳී ඇති බව නම් විශ්වාසයි. එක් එක් ඈත භව වලදී ටිකෙන් ටික දියුණු වන විඥ්ඥානය පුනරුප්පත්තිය හරහා මේ වන විට දියුණු වී ඇත. මේ වන විට දියුණු වූ විඥ්ඥාණය ඇති පුද්ගලයින් ඉදිරි භව වලදී තව තවත් නව සොයා ගැනීම් කරනු ඇත. (නදී)

:       0       0

කලන Tuesday, 03 February 2015 03:58 PM

බන කතා කියන්නේ බුද්ධාගම. බෞද්ධ දර්ශනය කියන්නේ කිසිදා බොරු කළ නොහැකි සත්‍යයක්. බණක තා බෞද්ධ දර්ශනය සමග පටලවා ගන්න එපා. (නදී)

:       0       0

කොචාහි Monday, 02 February 2015 04:36 PM

ඒ කොහොමද ඒ විදියට ගැටෙන්නේ මෙතනදි? අනේ අපිටත් කියා දෙන්න. (නි)

:       0       0

කල්ප Monday, 02 February 2015 07:55 PM

නිමල්, බාගෙට ලියන්නේ නැතුව විස්තර කරන්න එය පරිණාමයත් එක්ක ගැටෙන්නේ කොහොමද කියලා (නි)

:       0       0

නදී Monday, 09 February 2015 07:22 AM

අනේ අපේ දෙවියන් වහන්සේට මොකද වෙන්න යන්නේ. (බ)

:       0       0

ගලබඩ Thursday, 05 February 2015 10:33 AM

අද විද්‍යාඥයන්ට කතා කරන්න පුළුවන් වී තිබෙන්නේ පරිනාමවාදයේ (බයලොජිකල් ඉවොලුෂන්) කොටසක් හැටියට මිනිසා ඇතිවීම ගැන පමණයි. මිනිසා මිනිස් පරිනාමයෙන් (හියුමන් ඉවොලුෂන්) එහාට ගොස් ඇතිවන මානසික පරිනාමයේ (සයිකොලොජිකල් ඉවොලුෂන්) උපරිමය වන 'නිවන' මගින් මෙම මිනිස් පරිනාමනය නවතා දමනවා කියලා අප මහා බුදුන් වහන්සේ සොයා ගත්තේ මීට අවුරුදු දහස් ගණනකට පෙර.(හේ)

:       0       0

සෝමරත්න Saturday, 07 February 2015 04:15 PM

අපේ සුමනදාස ගෙන් ඇහුවා නම් ඔයිට වඩා හොඳට පරිණාමය ගැන විස්තර කියයි.(නදී)

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1565 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site