පිරිසක් සිටින තැනක දී එක් අයෙක් නිතර නිතර මදුරුවන්ගේ දෂ්ඨනයෙන් පීඩා විදීනම් ඒ ඔහුගේ ප්‍රවේණිගත ගැටළුවක් බව බ්‍රිතාන්‍ය පර්යේෂකයෝ කියති. ඔවුන් පෙන්වාදෙන්නේ ඇතැම් පුද්ගලයන් උපතින් ම මදුරුවන්ගේ ආකර්ෂණයට නතුවන බවයි.

මිනිසුන්ගේ සිරුරුවලින් නික්මෙන ගන්ධය විවිධාකාර කෘමීන්ගේ සිත්ගන්නා බව පර්යේෂකයෝ පවසති. එයට හේතුවන්නේ ප්‍රෙව්ණිගත ලක්ෂණ බව ද ඔවුන් තහවුරුකැර ඇත.

ලන්ඩන් නගරයේ ස්වස්ථතා හා දේශගුණික වෛද්‍ය අංශයේ පර්යේෂකයන් පවසන්නේ තමන් නිවුන් පුද්ගලයන් යොදාගෙන සිදුකළ පර්යේෂණයේ දී ද මේ බව සනාථ වී ඇති බවයි. සම නිවුන් පුද්ගලයන්ගේ වර්ණ දේහ සියයට සියයක් ම සමාන බැවින් මේ පර්යේෂණයට සඳහා එවැනි පුද්ගලයන් යොදාගෙන ඇත. ඒ අනුව පෙනීගොස් ඇත්තේ එක් පුද්ගලයකු මදුරුවන්ට වැඩිපුර ආකර්ශනය කරගන්නා අයකුනම් ඔහුගේ නිවුන් සොහොයුරා ද ඒ ලෙසින්ම මදුරුවන් ආකර්ශනය කරගන්නා බවයි.

සම නිවුන් නොවන පුද්ගලයන්ගේ වර්ණදේහ සමානත්වය ඇත්තේ සියයට 50ක පමණ ප්‍රමාණයකි. ඒ අනුව මේ තැනැත්තන් මදුරුවන්ගේ ආකර්ශනයට ගොදුරුවන්නේ ද වෙනස් ආකාරවලින් බව පර්යේෂණයෙන් තහවුරු වූ ප්‍රධාන කරුණකි.

ස්වස්ථතා සහ දේශගුණික වෛද්‍ය පර්යේෂණ ප්‍රධානි වෛද්‍ය ජේම්ස් ලෝගන් පවසන්නේ මදුරුවන් ආකාර්ෂණ කර ගන්නා අයගේ ප්‍රවේණි යාන්ත්‍රණය ගැන පරික්ෂණ කිරිමෙන් ඔවුන් මදුරුවන්ගේ ග්‍රණනයෙන් මුදවා ආරක්ෂිත ව තබා ගැනීමට හැකියාව පවතින බවයි.

අනාගත යේදී මදුරුවන් පිලිකුල් කරණ ස්වාභාවික ගන්ධයක් නිෂ්පාදනය කිරිමට හැකියාව පවතින බව ද පර්යේෂකයන්ගේ අදහසයි.