දරුවන් පාඩම්කරන විට රූපවාහිනිය නැරඹීම හෝ වෙනත් කාර්යයක් කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු කිරීම ධාරණ ශක්තිය හීන වීමට ප්‍රබල සාධකයක් බව කෝපන්හේගන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කියති.
ඔවුන් පෙන්වා දෙන්නේ එක් වරකට එක් කාර්යයක් සඳහා තම සිත යොමුකරගෙන සිටින විට එය මනාලෙස මොළය මගින් නියමිත ස්ථානයේ තැන්පත් කරන බවයි. එම ප්‍රදේශය හයිපොකැම්පස් ලෙස හඳුන්වයි. ඒ කලාපය මොළයේ දත්ත සංවිධානාත්මක ලෙස වර්ග කර ගබඩාකර ගන්නා කලාපයයි. එමෙන් ම එ් කලාපය මතකය නැවත ස්මරණය කිරීමට ද උපකාරී වේ.
කෙසේ හෝ පාඩම් කරන අතරතුර වරින් වර ස්මාර්ට් ෆෝන් භාවිතය, පරිගණක ක්‍රියා කිරීම හා රූපවාහිනිය නැරඹීම වැනි වෙනත් කටයුතුවල නිරතවන විට පාඩම් කටයුතු මොළයේ ගබඩා වන්නේ නියමිත ස්ථානයේ නොවේ. ඒවා ගබඩා වන්නේ මොළයේ සැලසුම් කිරීම සහ අභිප්‍රේරණය කිරීම යන ක්‍රියවාන්ට සම්බන්ධ ස්ථානයේ නොවන බැවින් ඒ තොරතුරු නැවත ස්මරණය කිරීම අපහසුය.
මෙලෙස එක් කාර්යයක නිරත නොවී විටින් විට වෙනස් වෙනස් වූ කාර්යයන් සඳහා සිය අවධානය යොමුකරන අවස්ථාවේ දී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ මෙන් ඩොපමේන් නමැති හෝමෝනය නිකුත්වේ. මේ හේතුවෙන් එම පුද්ගලයා මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයකුගේ සිතේ ඇතිවන අදහස් වලට සමාන බව ද පර්යේෂකයෝ පෙන්වාදෙති.
මෙයින් සිදුවන්නේ පුද්ගලය දැනුම හා ඥාණාත්මකබවට හානි පැමිණීමයි. මේ සොයා ගැනීම තම දරුවන් පාඩම් කරන කාලයේ දී රූපවාහිනිය නරඹන දෙමාපියන්ට ඒ ගැන යළි යළිත් සිතා බැලීමට සුදුසු කාලය එළැඹ ඇතැයි ද පර්යේෂකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවනි තොරතුරක් ඉතා වැදගත්ය. මෙය අනුගමනය කළයුතුය (නි)
හයිපොකැම්පස් (බ)
දෙමාපියන් අනිවාර්යෙන් බැලියයුතු ලිපියකි මෙය. ස්තූතියි ලංකාදීප! (නි)
දැන් ඉන්න දෙමාපියන්ට මේවා බලන්න වෙලාවක් කොයින්ද අසේල? දවල් තිස්සේ සල්ලි පස්සේ දුවනවා. හවසට මෙගා පස්සේ දුවනවා. පොඩිඋන් ටික කුඩ්ඩෝ පස්සේ දුවනවා.අන්තිමට රජයට (මොන රජය හිටියත්) බනිනවා. (නි)
ඉතාමත් වැදගත් ඔවදනක් අද ඉන්න දෙමවුපියන්ට ලබාදෙනවා!!! (ම)
සුභාවිත සංගීතය ධනාත්මක ප්‍රතිඵල ගෙනදේ (නි)
මේ ප්‍රවෘත්තිය අපිට ඉතා වැදගත් (නි)
දරුවොත් දෙමාපියොත් කියවි යුතු හොද ලිපියක්. (ම)
හරියටම හරි. දෙමාපිය අවධානය යොමුවිය යුතුය. (නි)
ස්තුතියි ලංකාදීප. හරවත්, වැදගත් (බ)
සංගීතයට සවන්දීම හොඳද? (නි)
හොඳ පුවතක් (බ)