බූපිස් ඇන්කරාෆෙන්සිස් නමැති නව ගස් ගෙඹි විශේෂයක් මැඩගස්කරයෙන් සොයාගත් බව පර්යේෂකයෝ කියති.
මේ නව ගස් ගෙම්බන් විශේෂය මැඩගස්කරයේ වයඹ දිග ප්‍රදේශයේ පිහිටි ඇන්කරාෆා වනාන්තරයෙන් සොයාගෙන ඇති අතර පර්යේෂකයන් පවසන්නේ ඔවුන් එම වනාන්තරයට ආවේණික විශේෂයක් බවයි.
මෙතෙක් හඳුනාගෙන සිටි බූපිස් රැපියොඩස් නම් විශේෂයට බෙහෙවින් සමානකම් දක්වන නව විශේෂය රැපියොඩස් විශේෂයට වඩා දීප්තිමත් කොළ පැහැයෙන් යුතු අතර හිසේ සිට පසුපස දක්වා රතු පැහැති තිත් දක්නට ලැබීමත් විශේෂත්වයකි.
මේ ගෙම්බන් විශේෂය පිළිබඳ කරන ලද අධ්‍යයනයේ දී හෙළි වී ඇත්තේ ජල පහර ආසන්නයේ දී ඔවුන් තනි තනිව සිටිය ද ජල පහරට මදක් ඈතින් හමුවන සෑම අවස්ථාවක දී ම යුගල වශයෙන් හමුවන බවයි.
පර්යේෂණය සිදුකළ ගැන්කොලා එම්. රෝසා පවසන්නේ මේ ගෙඹි විශේෂය ඇතැම් විට පෙනිසියුලාවේ සිටිය හැකියැයි සැකයක් පවතින බවයි. ඒ ගැන දැනටමත් පර්යේෂණ ආරම්භකැර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ විනොදන්සය හැටියට මම කරන්නේ සත්තුන් ගැන සෙවීම නිසා මේය වඩාත් වැදගත් වී ඇත ඔබට සුබ පතනවා (අ)
අපේ රටෙත් වසර කිහිපයකට වරක් බිහිවෙනවා. (නි)
ඔය ගස් ගෙම්බෝ මොක්කුද? අපේ රටේ ඉන්න ගස් ගෙම්බෝ ඔහොම නෙවෙයි. පනින්න ගත්තම කරනම් ගහලා හතර වරම් ගහලා කෝටි ගණන් ගහලා පනින්නේ. පනින කාලයක් තියෙනවා. පැන්නම ඔය පාට වෙනස් වෙනවා. නාද කරන හැටිත්,හැසිරීම් රටාවත් වෙනස් වෙලා ඇඟේ තියෙන දිය සෙවල ගතිය වැඩි වෙනවා. ඊට පස්සේ කාන්තාවන්ට පාසල් දරුවන්ට අනතුරු දායක ලෙස තමන්ගේ වර්ගයා බෝ කිරීමට පටන් ගන්නවා. කලින් හිටිය වාසස්ථාන වලින් ඉවත්ව අලුත් කුඩු හදාගෙන නැවතත් පනින කාලය එනතුරු තම පරිසරය තමන්ට අවශ්‍ය පරිදි සකසා ගන්නවා. ඒ නිසා අපේ ගස් ගෙම්බෝ මීට වඩා වෙනස්. (නදී)
කෙසේවෙතත් ගස් ගෙම්බන් ගස් වල ලා නිල් පැහැතිව ගෙඹි කෝෂ බැද ,පැටවුන් බිහිකරන අතර ,කුඩා පැටවෙක් නම් මේ දක්වාම මා දැක නොමැත . (නි)