IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


බස්කා පෙත්තෙන් පලතුරු මැස්සාට තිත

පලතුරු වගාවට වින කරන පලතුරු මැස්සා විනාශ කිරීමට ස්වාභාවික කනිජ ද්‍රව්‍ය සහ මදුරුතලා නිස්සාරක උපයෝගී කරගෙන නිපදවූ ශාක සාර ‘පෙත්තක්’ කාර්මික තාක්ෂණ ආයතනයේ ප‍්‍රධාන විද්‍යාර්ථි ආර්.එම්. ධර්මදාස මහතා විසින් පසුගියදා හඳුන්වා දුන්නේය.

එය හඳුන්වනු ලබන්නේ ‘බස්කා’ නමිනි.

“පලතුරු මැස්සා නිසා පලතුරු වගාවෙන් 75% ක් පමණ විනාශ වෙනවා. ලංකාවෙන් යුරෝපයට යැවූ පලතුරු මෙම කෘමියා නිසා හානිවී තිබිම නිසා ඔවුන් අපට අවසන් නිවේදන ද ලබාදී තිබුණා. ඒ නිසා පලතුරු මැස්සා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ලොකු ගැටලූවක් වී තිබුණා. ඉන්පසුව මේ පිළිබඳව පර්යේෂණ කරන්න අපි පටන් ගත්තා.”

“ගස්ලබු, අඹ, පේර, අලිපේර, කෙසෙල් වැනි පලතුරුවල මොවුන් බිත්තර දමනවා. එවිට අඹ වැනි පලතුරු ඉදීගෙන එන විට මොවුන් පණුවන් බවට පත්වෙනවා. අඹ ගෙඩිය ඉදී වැටුණු පසුව මොවුන් කෝෂ දමා සුහුඹුලකු වී නැවත ඉගිලෙමින් පලතුරුවලට වහනවා. මේ ක‍්‍රියාවලිය දිගටම සිදුවෙනවා. එයට විසඳුමක් මා විසින් සොයාගත්තා. ඒ අනුව පලතුරු මැස්සා ආකර්ශන වන ගැහැනු සතාගේ ශ‍්‍රාවයෙහි ඇති ‘පෙරමෝනමූල’ මදුරුතලා ශාකයේ තිබෙන බව පර්යේෂණවලින් මා සොයාගත්තා. ඉන්පසුව ලංකාව පුරා ඇති මදුරුතලා වර්ග 44 ක් අතරින් හොඳින් පෙරමෝනමූල ඇති ශාක 4 ක් හඳුනාගත්තා.”

“ඒ අනුව පලතුරු මැස්සා ආකර්ශනය කරගැනීමට හැකි ශාක සාර ‘පෙත්තක්’ නිපදවිමට මට හැකිවුණා. මෙය ක‍්‍රියාත්මක කරන්නේ පලතුරු ශාකයට මෙම පෙත්ත සහිත බෝතලයක් සවිකර පලතුරු මැස්සා බෝතලය තුළට ආකර්ශනය කර ගැනීමෙනුයි. පලතුරු මැස්සා බෝතලය තුළට පැමිණි පසුව දින කීපයකින් මරණය පත්වෙනවා. මෙය ස්වාභාවික ඛනිජ ද්‍රව්‍ය සහ ශාක සාරවලින් නිපදවා ඇති නිසා කිසිඳු  අහිතකර ප‍්‍රතිපලයක් ගෙනදෙන්නේ නෑ.”

“මෙය නිර්මාණය කිරීමේදී කාර්මික තාක්ෂණ ආයතනය, ජාතික පර්යේෂණ සභාව සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මූල්‍ය දායකත්වය සහ සහයෝගීතාව ලබාදුන්නා. ඉදිරියේදී කෘෂිකර්ම දෙපාර්තමෙන්තුව හරහා මෙය පලතුරු ගොවීන්ට හඳුවාදීමටත් අපි බලාපොරාත්තු වෙනවා.’’

Dr.-R

Avacado Basca damaged-fruit maduruthala-wagawak Mango Pheramone-ugula



අදහස් (0)

බස්කා පෙත්තෙන් පලතුරු මැස්සාට තිත

කුමාර Thursday, 11 February 2016 03:42 AM

අගය කළයුතු නවතම සොයාගැනීමක්. අනුකරන නිෂ්පාදන ලෙසින් වෙළදපොළට වෙනත් අයකුට දැමීමට නොහැකිවන ලෙස නිෂ්පාදනය කර දීපව්‍යාප්ත ලෙස අළෙවියට තබන්න. (නි)

:       0       0

උපාලි Friday, 05 February 2016 12:07 PM

ඉකමනට වෙළඳ පොලට දමන්න.(කෞ)

:       0       4

ෙහළි ඒ්කනායක Friday, 05 February 2016 12:20 PM

අනර්ඝයි. පොළෙන් ඉතා වැඩි මුදලක් ගෙවලා පළතුරු ගන්නේ කල් තබා ගැනිමට යෙදු රසායනිකවලින් තොර බවට ස්ථිර විශ්වාසයක් ඇති අයගෙන්. ඒත් බොහෝ වෙලාවට ඉන් වැඩි හරියක් පණුවන් සිටිම නිසා ඉවත් කරන්න සිද්ධ වෙනවා. රසායනිකවලින් මෙන්ම පණුවන්ගෙනුත් තොර නම් දෛනික ආහාර වේලට පළතුරු එක් කරගැනීම වියදම් අධික කටයුත්තක් නොවේවි. (අ)

:       0       0

චන්න Friday, 05 February 2016 09:09 PM

අපගේ සුබ පැතුම්! (නි)

:       0       0

ධර්මදාස Saturday, 20 February 2016 03:15 AM

මේ පර්යේෂණය සිදුකළේ මෙතෙක් කලක් ලොකු ගැටළුවක් වෙලා තිබුන පළතුරු රසායනික කෘමිනාශක වලින් තොරව ආරක්ෂා කරගන්න. මෙතෙක්කල් අපි කළ පර්යේෂණ වල අත්දැකීමට අනුව නිෂ්පාදයක් සිදුකර එය සමාජගත කිරීමට නම් ප්‍රධාන පියවර 3ක් සම්පුර්ණ විය යුතුවෙනවා. එනම් පර්යේෂණාත්මක ගවේෂණය, එතුලින් නිෂ්පාදනය කිරීම හා එය සාර්ථක ලෙස ජනතාව අතරට බෙදාහැරීමේ යාන්ත්‍රණය. මෙම පියවරවලින් එකක් හෝ අඩුවුණොත් එය සාර්ථකව ජනතාව අතරට යන්නේ නැහැ. එසේ වුවහොත් රජයේ මුදල් හා පර්යේෂකයින්ගේ මහන්සිය අපතේ යනවා. (නි)

:       0       6

ආනන්ද Friday, 05 February 2016 01:21 PM

ඉතාම වටිනා සොයා ගැනීමක්. පළතුරු මැස්සාත් එළවලු මැස්සාත් කෘෂි කාර්මිකයාගේ කාලය ශ්‍රමය ධනය සියල්ලම නිෂ්ප්‍රයෝජන තත්වයට පත් කරවන කෘමියෝ.(හේ)

:       0       0

විමලරත්න කෝරලේ අරච්ච්ගේ Friday, 05 February 2016 01:14 PM

මෙය අගය කලයුතු සොයා ගැනීමක්.අද ලංකාවේ වගාවන් බොහෝමයක් විනාසකරන පලිබෝදකයන් සිටිනවා ඔවුන් විනස කිරීමට කෘමිනාසක නොයොද මෙවැනි පරිසර හිතකාමී ඔෟෂද සොයාගැනීමට වෙහෙසෙන අයවලුන් දිරිමත් කිරීමට රජය පියවර ගත යුතුය (හේ)

:       0       0

ආනන්ද Friday, 05 February 2016 01:22 PM

ධර්මදාස මහතාට කෘෂිකර්මාන්තයේ යෙදෙන අපගේ උපහාරය.(හේ)

:       0       0

අනුරාධ Tuesday, 09 February 2016 08:03 PM

ඉක්මනට අපිට මෙය ලබාගන්න සළස්වන්න. (නි)

:       0       0

වරුණසිංහ Thursday, 11 February 2016 12:50 PM

අඹ පත්‍ර ගුල්ලාටත් බෙහෙතක් කියන්න.(හේ)

:       0       0

චින්තන Saturday, 06 February 2016 03:03 PM

සුබ පැතුම් (හේ)

:       0       0

සරත් Monday, 15 February 2016 03:13 PM

කොහොමද සිඅයිසි සමාගම් මේක අලෙවි කරන්නේ? පේටන්ට් එක විකුනලද? (අ)

:       0       0

කීර්ති Thursday, 11 February 2016 12:12 AM

අපිට මිලට ගන්න කොහෙද මේවා තියෙන්නේ? (නි)

:       0       0

පත්මසිරි Saturday, 06 February 2016 03:07 AM

වටිනා සොයාගැනීමක්. වස විස නැති පලතුරු නිවෙස් වලම සාදාගන්නා අයට පිටුවහලක්. කරුණාකර පේටන්ට් බලපත ලබාගන්න (නි)

:       0       0

මොහාන් Friday, 12 February 2016 08:23 AM

මෙවැනීම ක්‍රමයක් මදුරුවන්ටද සොයාගැනීමට ඔබට හැකිවේවා .ඔබට ජය. (බ)

:       0       0

හර්ෂ Friday, 12 February 2016 12:43 AM

හොඳ නිෂ්පාදනයක් (නි)

:       0       0

ජයනන්ද Saturday, 06 February 2016 05:19 PM

මගේ සුභ පැතුම්. (නි)

:       0       0

හෙට්ටිආරච්චි Monday, 15 February 2016 11:15 AM

නියමයි මේ අයගේ වැඩේ නම්. (බ)

:       0       0

අතුල Friday, 05 February 2016 10:15 AM

මෙන්න මිනිස්සු! (නි)

:       0       0

සත්‍යපාල Saturday, 06 February 2016 08:05 PM

ඔන්න නියම මිනිස්සු. රටේ විශ්ව විද්‍යාල පද්ධතියෙන් කී දෙනෙක් වසරකට එළියට එනවද? ඒ බොහෝ දෙනෙක් බලන්නේ ලොකු පඩියකුයි නොමිලේ වාහනයකුයි, එච්චර වැඩක් නැති, නිකන් ඉන්න පුළුවන් හැබැයි එහෙන් මෙහෙන් තව ගතමනාවක් ලැබෙන රැකියාවක් කරන්න. රටට යමක් කරනවා, දැනුමෙන් අලුත් දෙයක් දුප්පත් දුක්විඳින මිනිසුන් වෙනුවෙන් කරනවා කියලා හිතන්නේ ඉතා ටික දෙනයි. ඔබට උත්තමාචාරය! (නි)

:       0       0

අබය Saturday, 06 February 2016 09:27 PM

අපගේ උපහාරය ඔබතුමාට! (නි)

:       0       0

මහින්ද Tuesday, 09 February 2016 02:44 AM

මෙය ඉක්මනින් ලියාපදිංචි කළයුතුයි. නැතිනම් වෙන අය ලියාපදිංචි කර නිපදවාවි (නි)

:       0       0

කීර්ති Saturday, 06 February 2016 11:34 PM

කොහෙද මේවා ගන්න තියන්නේ? මිල කීයද? (නි)

:       0       0

සකුණි Sunday, 07 February 2016 11:54 AM

බොහෝම වටිනා සොයා ගැනීමක්. ඔබතුමාට අපගේ ස්තූතිය.(හේ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Wednesday, 10 February 2016 09:08 AM

මෙවන් වටිනා සම්පත් වලින් පල නෙලා ගැනීමට.වගකිව යුත්තන්ගේ ඇස් ඇරේවා.... (ම)

:       0       1

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2274 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2155 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6059 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3522 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4213 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 429 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1842 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1657 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site