සයිබීරියාවේ ටේමර් අර්ධද්වීපයේ තිබී සොයාගත් පැරණි ටේමර් වෘක්කයකුගේ අස්ථි කැබැල්ලක් අධ්‍යයනය කළ පුරාවිද්‍යාඥයන් පවසන්නේ මිනිසාත් බල්ලාත් අතර ඇති සමීප සම්බන්ධය වසර 27,000 සිට 40,000 ක් දක්වා ඈතට දිවෙන බවයි.
මෙතෙක් පිළිගැනීම වූයේ බල්ලන් මිනිස් ඇසුරට වැටී ඇත්තේ වසර 16,000ට පෙර එනම් අයිස් යුගය ද පසුවීමෙන් බවයි.
ස්වීඩනයේ ඉතිහාසය පළිබඳ කෞතුකාගාරයේ ලව් ඩැලන් පවසන්නේ මිනිසා විසින් බල්ලා හීලෑ කරගෙන ඇත්තේ සාමාන්‍ය ලෙස විශ්වාස කරන කාලයට වඩා බොහෝ ඈත අතීතයක බවයි.
මේ මතය ප්‍රකාශ කරන පර්යේෂකයන්ට හමුවී ඇත්තේ කුඩා අස්ථි කැබැල්ලකි. මේ අස්ථි විශ්ලේණයේ දී ප්‍රවේණි තත්ත්ව පරීක්ෂාවත් ඉන් පසු ගන්නා ලද කාබන් කාල නිර්ණයත් රේඩියෝ කාල නිර්ණයත් අනුව මේ අස්ථි කොටස් අදින් වසර 35,000ට පෙර මානවයන් ඇසුරේ ජීවත් වූ ටේමර් වෘක්කයකුට අයිති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd