බ්‍රිතාන්‍යයේ ඇති පැරණිතම වෘක්ෂය වන ඇෂ්බ්‍රිට්ල් යෝ නමැති ගස මියයාමට පටන්ගෙන ඇතැයි පරිසරවේදීහු පවසති. වසර 4000ක් පැරණි මේ ගස එංගලන්තයේ සමර්සෙට් හි ජෝන් බැප්ටිස් දේවස්ථාන භූමියේ පිහිටා ඇත. අඩි 38ක වටප්‍රමාණයකින් යුතු මේ ශාකයේ අතු පතර වියනක් සේ විහිදී තිබේ.
කඳ මධ්‍යයේ බෙනයක් පවතී. පරිසරවේදීන් පවසන්නේ ගසේ කොළ මැලවෙමින් හැලෙමින් පවතින බවයි.
බැප්ටිස් දේවස්ථානයේ භාරකරු චාල්ස් ඩොබ්ල් පැවසුවේ මේ ගස එංගලන්තයේ දැනට ඇති ජීවමාන පැරණිම වස්තුව බවයි.
මේ දිනවල කොළ මැලවී හැලී යමින් පවතින ගස වසර කිහිපයකින් නැවතත් ශක්තිමත් වන බව උද්භිද විද්‍යා විශේෂඥ ආචාර්ය ඕවන් ජොන්සන් පවසයි.
ලෝකයේ වයස්ගතම ශාඛය මධ්‍යම ස්වීඩනයේ ෆුලෆ්ජෙලට්ස් ජාතික පිහිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑම දේම අනිත්‍යයි.(හේ)
මිනිසා විසින් හිඳුවන ලද පැරණිම ශාකය අපේ ශ්‍රී මහා බෝධියයි. (නි)
අනේ ඒ ගස මැරෙන්නේ නැතිව තියනවනම් කොචර එකක්ද? ලෝකයට සතුටු සිතේවි, සෑම දේම අනිත්‍යායි. (ර)
මේ ලොව ස්ථිරයි කියා කිසිදෙයක් නොමැත. අද වෙසක් දින ගත හැකි පාඩම ඒකයි (නි)
අපේ රටේ දෙනිපිටියේ නුග රුක (මෙය පිහිටා තිබුනේ වැලිගම, වැලිගම අකුරැස්ස පාරේ) නම්, කිසිම සොයාබැලීමක් නොකර ප්‍රාදේශීය සභාපතිවරයෙක්, එම ස්ථානයේ ඉඳිකර තිබූ ගොඩනැගිල්ලකට අවහිරවනවා කියා කපා දැමුවා. (නි)
දිනක සැමදේ අනිත්‍යවේ.(හේ)
වසර 4000ක් කිවුවහම මට ගොඩක් පුදුම හිතුනා. ලංකාදීපයට ගොඩක් ස්තුතියි.හැමදාම වගේ කියවන නිසා ගොඩක් ලොකු දැනුමක් තිබෙනවා. ඒක තේරෙන්නේ මිනිස්සු එක්ක යම් යම් දේවල් පිළිබඳව කතා කරගෙන ඉන්නකොට තමයි. (නි)
මේ දැනුම ලබාදීම ගැන ලංකාදීපයට ස්තුතියි.(බ)