IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බඩගාන සර්පයෝ අතීතයේ ඇවිද ගිහින්

සර්පයන් පරිනාමය වීමේ දී අදින් වසර කෝටි 11 ට පෙර ඔවුන්ට පාද තිබූ බවත් මිහිතලයේ ඇවිද ගිය බවත් පර්යේෂණකින් හෙළි වූ බව විද්‍යාඥයෝ කියති. මොවුන් එකළ නිශාචර ජිවිතයක් ගත කළ බව ද ඉන් තහවුරු වී ඇත. එදා ඇවිද ගිය සර්පයන් විශාල සතුන් ගොදුරු කැර ගන්නට ඇති බව ද ඔවුහු කියති.

පර්යේෂණය කළ ඇමෙරිකාවේ යාලේ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පවසන්නේ මින් පෙර සිතා සිටි ආකාරයට සර්පයන් පරිනාමය වී ඇත්තේ සාගරයේ දී නොවන බවයි. ඔවුන් පොළොව මතුපිට විකසනය වූ බව ද ඔවුන් පවසයි.

අතීත සර්ප මුත්තාගේ සිරුර සවිස්තරාත්මකව සැකසීමට තමන්ට හැකිවූ බව යාලේ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඇලිසන් හිසින්ග් මහතා සිය පර්යේෂණ වාර්තාව ඉදිරිපත් කරමින් මාධ්‍ය හමුවේ කීවේය.

සර්ප විශේෂ 3400 ක් පමණ අද ලෝකයේ දක්නට ලැබෙයි. කෙසේ වෙතත් නූතන සර්පයා පරිනාමය වූයේ කෙසේ ද යන්න නොවිසඳුණු ගැටළුවක්ව තිබිණි. යාලේ පර්යේෂණ කණ්ඩායම සර්පයන්ගේ ජානමය ද්‍රව්‍ය, නූතන සර්ප ව්‍යුහ විද්‍යාව සහ පොසිල මගින් ලැබුණු ජාන පරීක්ෂණ යොදා ගනිමින් එයට විසඳුම් සොයා ගැණිනි. ඉන් දැනට ජීවත්වන හා විනාශ වි ගිය සර්පයන්ගේ පවුල් ගස නිර්මාණය කැරිණි. එමෙන් ම වත්මන් සර්පයන් පරිනාමයට බඳුන්වූ ආකාරයත් නිර්මාණය කැර ඇත.

විද්‍යාඥයන් පවසන්නේ සර්පයන්ගේ විවිධත්වය ඇතිවීමට පෙර ඔවුන් ගාත්‍රා තිබූ බවයි. විශ්ලේෂණයෙන් පෙනී යන්නේ වත්මන් සර්පයන්ගේ ශරීරයේ ඉදිරිපස ගාත්‍රා තිබී ඒවා නෂ්ඨ වී ගොස් ඇති බවයි. නමුත් තවමත් සැඟවුණු ගාත්‍රා සම සම්පූර්ණ වළලුකර හා අක්පාව ඇති බව ද තහවුරු වි ඇත. එය සර්පයන් මහ සාගරයේ නොව පොළොව මතුපිට පරිනාමය වූ බවට ඇති හොඳම සාක්ෂියකි.

යාලේ විශ්වවිද්‍යාලයේ භූ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජැක්විස් ගවුතියර් පවසන්නේ සර්පයන් පෘථිවිය මත පැවත එන්නේ අවුරුදු කෝටි 13ට පමණ පෙර සිට බවයි.



අදහස් (0)

බඩගාන සර්පයෝ අතීතයේ ඇවිද ගිහින්

ජයාත් Thursday, 21 May 2015 01:52 AM

මම හිතන්නේ කකුල් තිබෙන විශේෂයෙන් ද්විපාදික සර්පයෝ ඕනෑතරම් ඉන්න බව අමිහිරි සත්‍යයක්! (නි)

:       0       0

යසපාල Friday, 22 May 2015 07:18 AM

අද ඇවිදින අය අනාගතයේදී බඩගාවි (නි)

:       0       0

කරුණාරත්න Saturday, 23 May 2015 09:22 AM

දැන් කාලේ වෙන්නේ අබුද්දස්ස කාලේ වෙන දේවල්නෙ! (නි)

:       0       0

දුමින්ද Sunday, 24 May 2015 05:11 AM

මිනිසුන් අතරත් දෙපා සර්පයන් සිටි (බ)

:       0       0

සංජා Monday, 25 May 2015 11:28 AM

විද්‍යාඥයන් එක එක දවසට එක එක දේ කියනවා. (අ)

:       0       0

ගමගේ Tuesday, 26 May 2015 01:56 AM

තව ටික දවසකින් කියයිද දන්නෙ නැහැ අතීතයේ මිනිස්සු බඩගාගෙන ගිහින් කියලා (නි)

:       0       0

කමල් Saturday, 23 May 2015 03:09 PM

මේක ඇත්ත වෙන්න පුළුවන්,මමත් පොඩි කාලේ කකුල් තිබුන ගැරඩියෙක් දැකල තියෙනවා (බ)

:       0       0

ලලිත් Friday, 22 May 2015 10:23 AM

එ්ගොල්ලෝ කියනවා. අපි අහගෙන ඉන්නවා. තව ටිකක් කල් ගිහින් කියයි ඉස්සර මිනිස්සුත් බඩගාලා තියෙනවා කියල. (ස)

:       0       0

නිවන්තක Thursday, 21 May 2015 02:08 PM

හොඳ සොයාගැනීමක් (නි)

:       0       0

සමන්ත Tuesday, 26 May 2015 07:41 AM

මේවා විද්‍යා මිත්තියා මත වානරයා මිනිසා උනාලු, සරපයෝ ඇවිද්දලු අනික් සත්තු ඒ සත්තුමලු දැන්කලේ මිනිසු බුද්දිමත්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 58 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site