සර්පයන් පරිනාමය වීමේ දී අදින් වසර කෝටි 11 ට පෙර ඔවුන්ට පාද තිබූ බවත් මිහිතලයේ ඇවිද ගිය බවත් පර්යේෂණකින් හෙළි වූ බව විද්‍යාඥයෝ කියති. මොවුන් එකළ නිශාචර ජිවිතයක් ගත කළ බව ද ඉන් තහවුරු වී ඇත. එදා ඇවිද ගිය සර්පයන් විශාල සතුන් ගොදුරු කැර ගන්නට ඇති බව ද ඔවුහු කියති.
පර්යේෂණය කළ ඇමෙරිකාවේ යාලේ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පවසන්නේ මින් පෙර සිතා සිටි ආකාරයට සර්පයන් පරිනාමය වී ඇත්තේ සාගරයේ දී නොවන බවයි. ඔවුන් පොළොව මතුපිට විකසනය වූ බව ද ඔවුන් පවසයි.
අතීත සර්ප මුත්තාගේ සිරුර සවිස්තරාත්මකව සැකසීමට තමන්ට හැකිවූ බව යාලේ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඇලිසන් හිසින්ග් මහතා සිය පර්යේෂණ වාර්තාව ඉදිරිපත් කරමින් මාධ්‍ය හමුවේ කීවේය.
සර්ප විශේෂ 3400 ක් පමණ අද ලෝකයේ දක්නට ලැබෙයි. කෙසේ වෙතත් නූතන සර්පයා පරිනාමය වූයේ කෙසේ ද යන්න නොවිසඳුණු ගැටළුවක්ව තිබිණි. යාලේ පර්යේෂණ කණ්ඩායම සර්පයන්ගේ ජානමය ද්‍රව්‍ය, නූතන සර්ප ව්‍යුහ විද්‍යාව සහ පොසිල මගින් ලැබුණු ජාන පරීක්ෂණ යොදා ගනිමින් එයට විසඳුම් සොයා ගැණිනි. ඉන් දැනට ජීවත්වන හා විනාශ වි ගිය සර්පයන්ගේ පවුල් ගස නිර්මාණය කැරිණි. එමෙන් ම වත්මන් සර්පයන් පරිනාමයට බඳුන්වූ ආකාරයත් නිර්මාණය කැර ඇත.
විද්‍යාඥයන් පවසන්නේ සර්පයන්ගේ විවිධත්වය ඇතිවීමට පෙර ඔවුන් ගාත්‍රා තිබූ බවයි. විශ්ලේෂණයෙන් පෙනී යන්නේ වත්මන් සර්පයන්ගේ ශරීරයේ ඉදිරිපස ගාත්‍රා තිබී ඒවා නෂ්ඨ වී ගොස් ඇති බවයි. නමුත් තවමත් සැඟවුණු ගාත්‍රා සම සම්පූර්ණ වළලුකර හා අක්පාව ඇති බව ද තහවුරු වි ඇත. එය සර්පයන් මහ සාගරයේ නොව පොළොව මතුපිට පරිනාමය වූ බවට ඇති හොඳම සාක්ෂියකි.
යාලේ විශ්වවිද්‍යාලයේ භූ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජැක්විස් ගවුතියර් පවසන්නේ සර්පයන් පෘථිවිය මත පැවත එන්නේ අවුරුදු කෝටි 13ට පමණ පෙර සිට බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ කකුල් තිබෙන විශේෂයෙන් ද්විපාදික සර්පයෝ ඕනෑතරම් ඉන්න බව අමිහිරි සත්‍යයක්! (නි)
අද ඇවිදින අය අනාගතයේදී බඩගාවි (නි)
දැන් කාලේ වෙන්නේ අබුද්දස්ස කාලේ වෙන දේවල්නෙ! (නි)
මිනිසුන් අතරත් දෙපා සර්පයන් සිටි (බ)
විද්‍යාඥයන් එක එක දවසට එක එක දේ කියනවා. (අ)
තව ටික දවසකින් කියයිද දන්නෙ නැහැ අතීතයේ මිනිස්සු බඩගාගෙන ගිහින් කියලා (නි)
මේක ඇත්ත වෙන්න පුළුවන්,මමත් පොඩි කාලේ කකුල් තිබුන ගැරඩියෙක් දැකල තියෙනවා (බ)
එ්ගොල්ලෝ කියනවා. අපි අහගෙන ඉන්නවා. තව ටිකක් කල් ගිහින් කියයි ඉස්සර මිනිස්සුත් බඩගාලා තියෙනවා කියල. (ස)
හොඳ සොයාගැනීමක් (නි)
මේවා විද්‍යා මිත්තියා මත වානරයා මිනිසා උනාලු, සරපයෝ ඇවිද්දලු අනික් සත්තු ඒ සත්තුමලු දැන්කලේ මිනිසු බුද්දිමත්. (ර)