දේශීය මී මැසි විශේෂයක් වන (ඇපිස් සෙරානා) වර්ධනයට, හැසිරීමට, ප‍්‍රජනනයට සහ මී පැණි නිෂ්පාදනයට පළිබෝධනාශකවලින් සිදුවන බලපෑම සෙවීමේ පර්යේෂණයක් මූලික අධ්‍යයන ආයතනයේ ආචාර්ය සී. ඉඳුනිල් ක්ලේටන් මෙනෙවියගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරේ.

‘කෘෂිකර්ම බෝග 80% කට පමණ පරාගනයට මී මැස්සන් දායක වෙනවා. ලෝක මී මැසි ගහණය වසරින් වසර අඩුවෙමින් පවතිනවා. මෑතකදී කළ අධ්‍යයන අනුව මී මැසි ගහණ අඩුවීමට ප‍්‍රධාන හේතුවක් ලෙස පළිබෝධනාශක භාවිතය හඳුනාගෙන තිබෙනවා.

‘ඇපිස් සෙරානා  විශේෂයට බලපෑම් ඇතිකරන පළිබෝධනාශක හයක් පිළිබඳව අපි විශ්ලේෂණය කරනවා. එමගින් ඔවුනට ඇතිවන බලපෑම නිශ්චිතවම අනාවරණය කරගන්න පුළුවන්. එමගින් ලාංකික කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ හැකියි. ප‍්‍රධාන වශයෙන් ස්වපරාගන වැනි ස්වාභාවික ක‍්‍රම මාර්ගයෙන් බෝග අස්වැන්න ලබාගැනීමටත් ගොවීන්ට මී පැණි, මී ඉටි වැනි කර්මාන්තවල නියැලීමටත් තව අස්වැන්න වැඩි කරගැනීමටත් මෙය ප‍්‍රයෝජනවත් වනවා. මෙම පර්යේෂණයට මහාචාර්ය සුරේෂ් බෙන්ජමින් මහතාද මට සහයෝගය දෙනවා. මෙම පර්යේෂණයට මූල්‍ය දායකත්වය සපයන්නේ ජාතික පර්යේෂණ සභාව මගින්. මෙවැනි පරිසර හිතකාමී පර්යේෂණ මගින් කෘෂිකර්මයට සේවාවක් සපයන්නා සේම දේශීය මී මැසි විශේෂ සුරැකීමටද හැකිවෙනවා’ යැයි ක්ලේටන් කියන්නීය.

12483886_1268496859843505_1227325534_n Clayton-20163131 Clayton-20163134