(ගයාන් සූරියආරච්චි)
පිටසක්වල ජීවීන්ට අයත් යැයි සැලකෙන හඳුනා නොගත් පාරභෞමික යානයක් පිලිපීන අහසේ ගමන් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් ඬේලිමේල් වෙබ් අඩවිය පළකර තිබේ.
පිලිපීන අහසේ වලාකුළුවලින් වැසීගෙන ගමන් ගත් යානය අපැහැදිලි වුවද ඉතා උසින් යුත් ගස්වලට ඉහළින් ගමන් කරන ආකාරය පෙනී යයි. මීට පෙර 2000, 2004, 2001 සහ 2015 වර්ෂවල හඳුනානොගත් යානා පිළිබඳව තොරතුරු අනාවරණය විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් බොරුවක් ...
කාලයක් තිස්සේ ඔයවගේ දේවල් පේනවා නමුත් අල්ලාගත් බවක් හෝ පරීක්ෂණයට බාජනය වූ බවක් නැහැ සමහරවිට දියුණු අපේ ලොවේ රටකින් යවපු එක්කක්ද දන්නේ නැහැ නෙවද -40 වගේ
ඕක අපේ මහින්ද මහත්තයාගේ කාලේ යවපු චන්ද්‍රිකාවද දන්නේ නැ..
තාක්ෂණයේ තවත් මායාවක් විය හැකියි.
මේක නම් බොරුවක්..............
අදාල ප්‍රස්තුතය ගැන කරුණු ටිකක් ඉදිරිපත් කිරීමට සිතුවා.විශ්ව ජීවීන් සහ යානා කියන්නේ බොරු නෙමෙයි.මේ ගැන බොහෝ වාර්තාගත කරුණු තියෙනවා.මගේ මතකේ හැටියට රට ඇමෙරිකාව වෙන්න ඕනා.එක්තරා යුවලක් තම කාරයෙන් ගමනක් යද්දී අහසේ පාවූ යානයක් ඒ අය දැක්කා.එක්වරම යානයෙන් පිටවූ කිරණක් ඔස්සේ ඒ දෙන්නා පිටසක්වල යානයට ඇදී ගියා.සිහිසන් නොමැති තත්වයේ සිටි ඔවුන්ව එම ජීවීන් පර්යේෂණයට භාජනය කල අයුරු ඔවුන්ගේ මනසේ ඇදී තිබුනා.කාන්තාවගේ ගර්භාෂයේ සිරීම් තිබෙන බව පසුව සොයා ගත්තා.පර්යේෂකයන් විශ්වාසකරන්නේ එම ජීවීන් ස්ත්‍රී පුරුෂ බීජ රැගෙන ගොස් ඇති බවයි.සමහරවිට අපේ මිනිසෙක් නිර්මාණය කරනවා වෙන්න පුළුවන්.අවස්ථාවන් රැසකදී ඇමෙරිකන් ගුවන් නියමුවන් පිටසක්වල යානා හඹා ගියා.රේඩාර් වලට එම දර්ශන වැටුණා.ඒ ගැන පර්යේෂණ කරනවා වෙනුවට ඒවා හඹා යාම නියමුවන්ට සපුරා තහනම් උනා.එපමණක් නොවෙයි ඇමෙරිකාවේ එක්තරා ප්‍රාන්තයකට පිට සක්වල ජීවීන් ගොඩ බසිනවා.ඒ අයට කිසිම බාදාවක් ඇමරිකාවෙන් වෙන්නේ නැත.ඔවුන්ගේ පැමිණීම හා පිටවීම රේඩාර් වලට දැනෙන්නේ නැත.කෙසේ වෙතත් විශ්ව ජීවීන් ගැන ඇමෙරිකාව මුනිවත රකිනවා.ඒකට කුමක් හෝ හේතුවක් ඇති.
පසුගිය වසරේ මගේ ඇමෙරිකානු මිතුරිකගේ නිවසේ පිටුපස (බැක් යාඩ් ) දෙසට රාත්‍රී කාලයේ බල්ලා බුරන්නට පටන් ගත්තා. වහා විමසා බැලූ ඇයට දුටු දෙයින් දැකගත හැකිවුයේ ඇග කිලිපොළන දර්ශනයක්. වහා ගෙට දිව ගිය ඇය කැමරාව ගෙනවිත් ඡායාරුප කිහිපයක් ගත්තාය. ඡායාරූපයේ තිබුණේ විශාල සුර්යයා වැනි එළි හය හතකි. පසුව ඒක අප වෙත විචාර ලිවීම සඳහා යොමුකරන ලදී. ඇමෙරිකාවේ විචාරකයින් ලකුණු දී සාමාන්‍ය දෙයක් සේ නිහඬව සිටියේය. ඡායාරූපය හිමිකාරියට එම සිද්ධියෙන් තරහා ගොස් තිබුණි. අවසානයේදී කොමිටිය විසින් එය මා වෙත යොමු කළේය. මෙය විශ්ව ජීවීන් ගේ දෙයක් විය හැකි බවත්, ශ්‍රී ලංකාවේද පසුගියදා අහසේ පාවෙන මෙවැනි වර්ණ වස්තුන් විශේෂයක් තිබූ නමුත්, බොහෝ දෙනා දුටු මේවා මනෝ විකාර ලෙස අපගේ සමහර මනෝ විද්‍යා උගතුන් පැවසු බවත්, අවසානයේදී ඒවා විශ්ව යානා බව නාසා ආයතනය පැවැසූ බවත් මම ලිව්වෙමි. ඇමෙරිකා උගතුන් හොල්මන් අවතාර ගැන සත්‍ය තොරතුරු දැනගෙන ඇත. එහෙත් අපේ බොහෝ අයට ඒවා සිනහවට කරුණුය.