(ගයාන් සූරියආරච්චි)
දියුණුවෙන් දියුණුවට පත්වන විද්‍යාව හා තාක්‍ෂණය තවත් ඉදිරියට ගෙනයාම අරමුණු කරගෙන සමාගම් ප‍්‍රධානීන් කීපදෙනකු එක්ව පරිසර හිතකාමී ස්වයංක‍්‍රීය මෝටර් රථ නිපදවීමට සැලසුම්කර තිබේ.
ඉන්ටෙල් සහ ටොයොටා සමාගම මූලිකව තවත් සමාගම් කීපයක් ඔවුන් හා එක්වී තිබේ. ඉදිරි සැලසුම් ලෙස දත්ත සහ සිතියම් නිර්මාණ බෙදාහදා ගැනීමටත් රියැදුරුට සහාය ලබාදීමේ තාක්‍ෂණය තවත් සංවර්ධනය කිරීමටත් සමාගම් සූදානම් වෙයි.
ස්වයංක‍්‍රීය මෝටර් රථ නිපදවීමේ විෂය මූලික කරුණු එකට එක්රැස් කර තබාගැනීමේ අරමුණ වනුයේ පරිසර හිතකාමී මෝටර්රථ මෙන්ම බුද්ධිමත් ලෙස රියපැදවීම වැනි ඉදිරියේදී නැඟී එන තාක්‍ෂණික සේවාවන්ට සහායවීම සඳහාය.
ඩෙන්සෝ, එරික්සන්, ඉන්ටෙල්, නිපොන්, ටෙලිග‍්‍රාෆ්, ටොයෝටා මෝටර් කෝපරේෂන් සහ ටොයෝටා ඉන්ෆෝ ටෙක්නොලොජි සෙන්ටර් කෝපරේෂන් ඇතුළු තවත් සමාගම් කීපයක් මෙම විෂය මූලික දත්ත පරිගණක ගත කිරීම හා එකතුවී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිසර හිතකාමී මෝටර් රථ පරිසරය සුරකින අතර ඉන්ධන පිරිවැයද අඩු කෙරේ, පරිසර හිතකාමී මෝටර් රථ ලෝකයේ කොපමණ නිපදවුවත්, මේවා ලංකාවට ගෙන එන විට ගහන විශාල බදු නිසා ලංකාවේ අපට සිදුවන්නේ අවුරුදු 20-30 පැරණි වාහන වලින් ඉන්ධන නාස්ති කරමින් ,දුම් දමමින් පරිසර විනාශ කරමින් අපේ අවශ්‍යතා සපුරා ගන්න , වෙනත් රටවල පරිසර හිතකාමී අලුත් මෝටර් රථ මිලදිගන්නා විට බදු සහන හිමි වුනත් , ලංකාවේ සිදු වන්නේ එකේ අනික් පැත්තය ,බදු සහන හිමිවන්නේ දේශපාලකයන්ගේ ප්‍රාඩෝ වලටය ඔක්කොම සහන ලබාගෙන දේශපාලකයෝ සහ ඔවුන්ගේ අයයි. ඔවුන්ගේ විශාල ප්‍රාඩෝ ජීප් රථ වලින් , ජනතා මුදලින් පැට්‍රොල් ගසාගෙන , පරිසරයත් විනාශ කරගෙන ,අපිවත් යට කරගෙන පාරේ යති
පරිසර හිතකාමී වාහන සදහා තීරු බදු මිල අඩු කළා නම් ඉන්ධන වලට පිටරටට ආදී යන මුදල අඩු වෙනවා... මාර්ග තදබදය අඩු කරන්න. පරිසර දූෂණය අඩු කරන්න කියමින් අලුත් වාහන වලට ගහන තීරු බද්ද වැඩි කළාට, පරණ අබලන් වාහන පාරේ ඉබිගමනින් යනවිට වාහන තදබදය අඩු නොවේ. ඒවායින් පිට කරන අධික දුම නිසා පරිසර දූෂණයද අඩු නොවේ. පරණ වාහන මාර්ග තදබදයකදී හෙමින් ගමන් කරනකොට අධික ලෙස ඉන්ධන දහනය කරන නිසා, ඉන්ධන වලට පිටරටට ඇදී යන මුදලද ඉතා අධිකය. හයිබ්‍රිඩ් වාහන මාර්ග තදබදයකදී විදුලියෙන් ධාවනය වන නිසා, පරිසර දූෂණය අවමවේ. අලුත් වාහන වල තිබෙන මාර්ගයේ අනතුරක් සිදුවෙන්නට ප්‍රථම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන තිරිංග පද්ධති වැනි නවීන ආරක්ෂක ක්‍රම නිසා අනතුරකදී සිදුවන ජීවිත හානිද අඩුවේ.
කොළඹ සහ මහනුවර යන නගරවල තිබෙන වාහන තද බදයට එක හේතුවක් අත්‍යවශ්‍ය තැන්වල ගුවන් පාලම් අඩුකම සහ තිබෙන ඒවගේ පළල සහ ප්‍රමිතිය අඩුකම, බොහෝවිට තිබෙන්නේ එක දිශාවකට එක පේලියක් පමණි ,තිබෙන ඒවගේ පරණ ලොරියක් හෝ ත්‍රිරෝද රථයක් දුම් දමමින් හෙමිහිට ගමන් කරනකොට , ඊට පසුපසින් විශාල වහන් පෝලිමක් හැදෙනවා , මේකට විසදුම අර අධිවේගී මාර්ගයේ සහ හම්බන්තොට ඉදිකරලා තිබෙන ප්‍රමිතියට කොළඹ නගරයේ හන්දිවල ගුවන් පාලම් ඉදිකලොත් මාර්ග තද බදය විශාල ලෙස අඩු කරගත හැක