IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


පරිසරකාමී මෝටර් රථ නිපදවන්න සමාගම් ලොක්කෝ එක්වෙති

(ගයාන් සූරියආරච්චි)

දියුණුවෙන් දියුණුවට පත්වන විද්‍යාව හා තාක්‍ෂණය තවත් ඉදිරියට ගෙනයාම අරමුණු කරගෙන සමාගම් ප‍්‍රධානීන් කීපදෙනකු එක්ව පරිසර හිතකාමී ස්වයංක‍්‍රීය මෝටර් රථ නිපදවීමට සැලසුම්කර තිබේ.

ඉන්ටෙල් සහ ටොයොටා සමාගම මූලිකව තවත් සමාගම් කීපයක් ඔවුන් හා එක්වී තිබේ. ඉදිරි සැලසුම් ලෙස දත්ත සහ සිතියම් නිර්මාණ බෙදාහදා ගැනීමටත් රියැදුරුට සහාය ලබාදීමේ තාක්‍ෂණය තවත් සංවර්ධනය කිරීමටත් සමාගම් සූදානම් වෙයි.

ස්වයංක‍්‍රීය මෝටර් රථ නිපදවීමේ විෂය මූලික කරුණු එකට එක්රැස් කර තබාගැනීමේ අරමුණ වනුයේ පරිසර හිතකාමී මෝටර්රථ මෙන්ම බුද්ධිමත් ලෙස රියපැදවීම වැනි ඉදිරියේදී නැඟී එන තාක්‍ෂණික සේවාවන්ට සහායවීම සඳහාය.

ඩෙන්සෝ, එරික්සන්, ඉන්ටෙල්, නිපොන්, ටෙලිග‍්‍රාෆ්, ටොයෝටා මෝටර් කෝපරේෂන් සහ ටොයෝටා ඉන්ෆෝ ටෙක්නොලොජි සෙන්ටර් කෝපරේෂන් ඇතුළු තවත් සමාගම් කීපයක් මෙම විෂය මූලික දත්ත පරිගණක ගත කිරීම හා එකතුවී තිබේ.



අදහස් (5)

පරිසරකාමී මෝටර් රථ නිපදවන්න සමාගම් ලොක්කෝ එක්වෙති

de silva berlin Tuesday, 15 August 2017 02:54 PM

පරිසර හිතකාමී මෝටර් රථ පරිසරය සුරකින අතර ඉන්ධන පිරිවැයද අඩු කෙරේ, පරිසර හිතකාමී මෝටර් රථ ලෝකයේ කොපමණ නිපදවුවත්, මේවා ලංකාවට ගෙන එන විට ගහන විශාල බදු නිසා ලංකාවේ අපට සිදුවන්නේ අවුරුදු 20-30 පැරණි වාහන වලින් ඉන්ධන නාස්ති කරමින් ,දුම් දමමින් පරිසර විනාශ කරමින් අපේ අවශ්‍යතා සපුරා ගන්න , වෙනත් රටවල පරිසර හිතකාමී අලුත් මෝටර් රථ මිලදිගන්නා විට බදු සහන හිමි වුනත් , ලංකාවේ සිදු වන්නේ එකේ අනික් පැත්තය ,බදු සහන හිමිවන්නේ දේශපාලකයන්ගේ ප්‍රාඩෝ වලටය ඔක්කොම සහන ලබාගෙන දේශපාලකයෝ සහ ඔවුන්ගේ අයයි. ඔවුන්ගේ විශාල ප්‍රාඩෝ ජීප් රථ වලින් , ජනතා මුදලින් පැට්‍රොල් ගසාගෙන , පරිසරයත් විනාශ කරගෙන ,අපිවත් යට කරගෙන පාරේ යති

:       0       708

sachithWednesday, 16 August 2017 04:38 AM

මෙච්චර හොදට ඉර අව්ව වැටෙන අපේ රටේ සුර්යකෝෂ, සුළං බලයෙන් කොච්චර විදුලිය නිපදවන්න පුලුවන්ද. ඒ හරහා විදුලි මෝටර් රථ වලට සහනයක් දුන්නනම් දවසට මාර්ග තදබදේ නිසා රටට නැති වෙන රුපියල් බිලියනයෙන් කොච්චරක් ඉතුරු වෙනවද.

:       34       93

vipulaWednesday, 16 August 2017 09:51 AM

ගෙදර සිට රැකියාවට යාම සඳහා පොදු ප්‍රවාහනය උපරිම ලෙස භාවිතා කිරීම තුලින් මාර්ග තදබදය තරමක් දුරට පාලනය කරන්න පුළුවන්. තමන්ගේ පෞද්ගලික ගමන් සඳහා පුද්ගලික වාහන භාවිතා කරන්න පුළුවන්නේ. නමුත් ලංකාවේ දුම්රිය මගී බස් සඳහා සුවපහසුව මත ගාස්තු අයකරලා හෝ නව තාක්ෂණික ක්‍රම සකස් කරන්න ඕනේ. නමුත් ඒවා කරන්නේ නැහැ.

:       0       44

de silva Wednesday, 16 August 2017 01:07 PM

පරිසර හිතකාමී වාහන සදහා තීරු බදු මිල අඩු කළා නම් ඉන්ධන වලට පිටරටට ආදී යන මුදල අඩු වෙනවා... මාර්ග තදබදය අඩු කරන්න. පරිසර දූෂණය අඩු කරන්න කියමින් අලුත් වාහන වලට ගහන තීරු බද්ද වැඩි කළාට, පරණ අබලන් වාහන පාරේ ඉබිගමනින් යනවිට වාහන තදබදය අඩු නොවේ. ඒවායින් පිට කරන අධික දුම නිසා පරිසර දූෂණයද අඩු නොවේ. පරණ වාහන මාර්ග තදබදයකදී හෙමින් ගමන් කරනකොට අධික ලෙස ඉන්ධන දහනය කරන නිසා, ඉන්ධන වලට පිටරටට ඇදී යන මුදලද ඉතා අධිකය. හයිබ්‍රිඩ් වාහන මාර්ග තදබදයකදී විදුලියෙන් ධාවනය වන නිසා, පරිසර දූෂණය අවමවේ. අලුත් වාහන වල තිබෙන මාර්ගයේ අනතුරක් සිදුවෙන්නට ප්‍රථම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන තිරිංග පද්ධති වැනි නවීන ආරක්ෂක ක්‍රම නිසා අනතුරකදී සිදුවන ජීවිත හානිද අඩුවේ.

:       0       80

de silva berlin Thursday, 17 August 2017 06:31 PM

කොළඹ සහ මහනුවර යන නගරවල තිබෙන වාහන තද බදයට එක හේතුවක් අත්‍යවශ්‍ය තැන්වල ගුවන් පාලම් අඩුකම සහ තිබෙන ඒවගේ පළල සහ ප්‍රමිතිය අඩුකම, බොහෝවිට තිබෙන්නේ එක දිශාවකට එක පේලියක් පමණි ,තිබෙන ඒවගේ පරණ ලොරියක් හෝ ත්‍රිරෝද රථයක් දුම් දමමින් හෙමිහිට ගමන් කරනකොට , ඊට පසුපසින් විශාල වහන් පෝලිමක් හැදෙනවා , මේකට විසදුම අර අධිවේගී මාර්ගයේ සහ හම්බන්තොට ඉදිකරලා තිබෙන ප්‍රමිතියට කොළඹ නගරයේ හන්දිවල ගුවන් පාලම් ඉදිකලොත් මාර්ග තද බදය විශාල ලෙස අඩු කරගත හැක

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site