(ගයාන් සූරියආරච්චි)
උණබටවලින් තැනූ ප‍්‍රථම දුරකතන කුලුන බංග්ලාදේශයේ ඩකා නුවර උත්තර ප‍්‍රදේශයේ ගොඩනැගිල්ලක් මත පසුගියදා ස්ථාපිත කෙරිණි.
මෙම උණබට කුලුන බංග්ලාදේශ ඉංජිනේරු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සයිඞ් ඉෂ්ටියාක් අහමඞ් මහතා ප‍්‍රමුඛ කණ්ඩායම විසින් නිර්මාණය කරනු ලැබ ඇත.
මෙම කුලුන 'එඩොට්කෝ‘ නම් බංග්ලාදේශ සමාගම විසින් ප්‍රචලිත කෙරිණි.මෙය පුනර්ජනනීය සම්පත් භාවිතයේ නව මානයක් 
ඔස්සේ තිරසාර හා හරිත ඉංජිනේරුකරණය සම්බන්ධව එම සමාගම තැබූ සාර්ථක පියවරක් වන අතරම උණබට භාවිතයෙන් තැනූ දුරකතන කුලුනක් සවිකළ ප‍්‍රථම සමගම බවට පත්වනුයේ  ද එම සමාගමය.
මේ ගැන මහාචාර්ය සයිඞ් ඉෂ්ටියාක් මහතා පැවැසූවේ මෙවන් අදහසකි.
“උණබට වැනි පුනර්ජනනීය සම්පත් බහුල රටක් ලෙස බංග්ලාදේශය හඳුන්වන්න පුළුවන්. රටේ තාක්‍ෂණික දියුණුවට ස්වභාවික සම්පත් ඵලදායී ලෙස භාවිත කළ හැකි ක‍්‍රම සොයාගැනීම ඉතා වැදගත් කොට සලකනවා. උණබටවල ඇති ආවේණික ගුණාංග නිසා දුරකතන කුලූනු ලෙස පහසුවෙන් භාවිත කිරීමේ හැකියාව තිබෙන බව ශක්‍යතා අධ්‍යයනවලින් හඳුනාගැනීමට හැකිවුණා. මෙම උත්සාහය වනුයේ රටේ සංවර්ධනයට මෙන්ම පරිසරය සුරැකීමටත් දායකවීමයි.
උණබටවලට විශාල බරක් දරාගැනීමේ හැකියාව තිබෙන බව පර්යේෂණවලින් සනාථ වුණා. එය දුරකතන කුලූනු සඳහා යෝග්‍ය බවද ඔප්පු වුණා. සුළඟ වේගය පැයට කිලෝමීටර 210 ක් වුවද දරා ගැනීමේ හැකියාව තිබෙනවා. නිසි ලෙස නඩත්තු කළහොත් මෙම උණබට අවුරුදු 10 ක පමණ කාලයක් වුවද ආරක්‍ෂාකරගත හැකිවෙනවා. දින 12 කින් පමණ උණබට කුලූනක් තැනිය හැකියි.ඒ සඳහා වැය වන්නේ වානේ කුලූනු තැනීමට වැයවන බලශක්තියට වඩා අඩු බලශක්තියක්.
ඇන්ටනා 8 ක් දක්වා එකවර සවිකළ හැකිවීම විශේෂත්වයක් ලෙස සැලකිය හැකිය. උණබට වඩා සැහැල්ලූවීම නිසා සවිකරන ගොඩනැගිලිවලට පමණට වඩා වැඩි බර පැටවීමක් සිදුවන්නේ නෑ. දේශගුණික සහ කෘමි උවදුරුවලින් ආරක්‍ෂාකර ගැනීම සඳහා උණබටවල රසායනික ආලේපනය කිරීමේ ක‍්‍රියාවලිකයට යොමුකරනවා. එම ක‍්‍රියාවලිය ඉතා සාර්ථක ලෙස අප අත්හදා බලා තියෙනවා.“
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1964										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1545										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ප්රථම උණබට දුරකතන කුලුන බංග්ලාදේශයේ
lalith Saturday, 19 August 2017 10:11 PM
අපේ රණතුංග ඇමතිතුමාට කිව්වනම් වාරයේ කට්ටිය දල ඔය වගේ දෙකක් උසට හදයි.
Fernando Thursday, 20 September 2018 09:28 AM
විජය රජතුමා සහ පිරිවර ගැන ඔබ අසා ඇති. ඒ අයගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. බංග්ලාදේශය කිව්වම බොහෝ අය අවතක්සේරුවකින් හිතන්නේ. අපිට වඩා ගොඩාක් ඉදිරියෙන් ඔවුන් ඉන්න බව පේනවා. විදේශ විනිමය උපයා රට ගොඩනගන හැටි බලන්න වටිනවා.