කිසිම ප්‍රතිජීවකයකට ප්‍රතිචාර නොදක්වන බැක්ටීරියාවක් සොයාගෙන ඇතැයි බ්‍රිතාන්‍ය විද්‍යාඥයෝ පිරිසක් කියති. මෙතෙක් සොයාගෙන තිබූ ඕනෑම බැක්ටීරියාවක් විනාශ කිරිමට හැකියැයි සිතා සිටි කොලිස්ටන් නමැති ප්‍රතිජීවකයට ද මේ බැක්ටීරියාව විනාශ කළ නොහැකි වීම විශේෂත්වයකි.
පර්යේෂකයන් පවසන්නේ මෙම බැක්ටීරියාවෙන් මිනිස් සිරුරට සිදුවන බලපෑම අඩු බවයි. එහෙත් මේ සම්බන්ධව දිගින් දිගටම පර්යේෂණ සිදු කරණ බවද ඔවුන් ප්‍රකාශ කරයි.
පසුගිය මාසයේ මෙවැනිම බැක්ටීරියාවක් සමිබන්ධව චීනයෙන් වාර්ථා වූ අතර විද්‍යාඥයින් පවසන්නේ ලෝකයේ බැක්ටීරියා මිනිසා විසින් සොයාගත් ඖෂධවලට ප්‍රතිචාර නොදක්වන තත්වයට පත්වන්නේ ද යන්න සොයා බැලිය යුතු බවයි.
ප්‍රතිජීවකවලින් විනාශ කළ නොහැකි තවත් බැක්ටීරියා සමග එක්ව මේ බැක්ටීරියාව වසංගත තත්ත්වයන් ඇති කිරීමේ අවදානමක් පවතී ද යන්න පිළිබඳ මේ වනවිට විද්‍යාඥයෝ පර්යේෂණ කරති.
මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර ඇතැයි එංගලන්තයේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ඇලන් ජොන්සන් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. තවත් මෙවැනි ලිපි පළකරන්න (නි)
නව සොයාගැනීම් ගැන හැමදාමත් ඉදිරිපත් කරන්න. (ර)
හොඳ ලිපියක් (නි)
හැමදාම කියනවා වගේ ඔබේ විද්‍යාත්මක ලිපි පරිවර්තනය ඉතාම හොඳයි. ඔබට එහි දිගු ගමනක් තිබෙන බවයි පෙනෙන්නේ. (නි)
ඒකනම් සහතික ඇත්ත චාමික. පරිවර්තකට මගේ ආචාරය! (නි)
සාමාන්‍යයෙන් එකවර දකින්න නොලැබෙන තොරතුරු රාශියක් ලංකාදීප සංස්කරණයේ තිබෙනවා. ඒ අතරින් මෙම ලිපි විශේෂයි. පාඨක අප හැමදාමත් මෙවැනි ලිපි අගයන අතරම වඩ වඩාත් වැදගත් සිදුවීම් සහිත මෙවැනි ලිපි තවදුරටත් ඉදිරිපත් කරන මෙන් කතෘතුමන්ලාගෙන් ඉල්ලමි. (නි)