කිසිම ප්‍රතිජීවකයකට ප්‍රතිචාර නොදක්වන බැක්ටීරියාවක් සොයාගෙන ඇතැයි බ්‍රිතාන්‍ය විද්‍යාඥයෝ පිරිසක් කියති. මෙතෙක් සොයාගෙන තිබූ ඕනෑම බැක්ටීරියාවක් විනාශ කිරිමට හැකියැයි සිතා සිටි කොලිස්ටන් නමැති ප්‍රතිජීවකයට ද මේ බැක්ටීරියාව විනාශ කළ නොහැකි වීම විශේෂත්වයකි.
පර්යේෂකයන් පවසන්නේ මෙම බැක්ටීරියාවෙන් මිනිස් සිරුරට සිදුවන බලපෑම අඩු බවයි. එහෙත් මේ සම්බන්ධව දිගින් දිගටම පර්යේෂණ සිදු කරණ බවද ඔවුන් ප්‍රකාශ කරයි.
පසුගිය මාසයේ මෙවැනිම බැක්ටීරියාවක් සමිබන්ධව චීනයෙන් වාර්ථා වූ අතර විද්‍යාඥයින් පවසන්නේ ලෝකයේ බැක්ටීරියා මිනිසා විසින් සොයාගත් ඖෂධවලට ප්‍රතිචාර නොදක්වන තත්වයට පත්වන්නේ ද යන්න සොයා බැලිය යුතු බවයි.
ප්‍රතිජීවකවලින් විනාශ කළ නොහැකි තවත් බැක්ටීරියා සමග එක්ව මේ බැක්ටීරියාව වසංගත තත්ත්වයන් ඇති කිරීමේ අවදානමක් පවතී ද යන්න පිළිබඳ මේ වනවිට විද්‍යාඥයෝ පර්යේෂණ කරති.
මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර ඇතැයි එංගලන්තයේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ඇලන් ජොන්සන් පවසයි.
2025 ඔක්තෝබර් මස 08
1800
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1472
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
524
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ප්‍රතිජීවකවලට ප්‍රතිචාර නොදක්වන බැක්ටීරියාවක්
දිලිප් Monday, 12 September 2016 07:01 AM
නියමයි. තවත් මෙවැනි ලිපි පළකරන්න (නි)
නාමල් Sunday, 27 December 2015 04:53 AM
නව සොයාගැනීම් ගැන හැමදාමත් ඉදිරිපත් කරන්න. (ර)
කුමාර Saturday, 26 December 2015 01:23 AM
හොඳ ලිපියක් (නි)
චාමික Thursday, 24 December 2015 02:38 AM
හැමදාම කියනවා වගේ ඔබේ විද්‍යාත්මක ලිපි පරිවර්තනය ඉතාම හොඳයි. ඔබට එහි දිගු ගමනක් තිබෙන බවයි පෙනෙන්නේ. (නි)
ජයාත් Thursday, 24 December 2015 03:38 AM
ඒකනම් සහතික ඇත්ත චාමික. පරිවර්තකට මගේ ආචාරය! (නි)
රවී Sunday, 03 January 2016 05:07 AM
සාමාන්‍යයෙන් එකවර දකින්න නොලැබෙන තොරතුරු රාශියක් ලංකාදීප සංස්කරණයේ තිබෙනවා. ඒ අතරින් මෙම ලිපි විශේෂයි. පාඨක අප හැමදාමත් මෙවැනි ලිපි අගයන අතරම වඩ වඩාත් වැදගත් සිදුවීම් සහිත මෙවැනි ලිපි තවදුරටත් ඉදිරිපත් කරන මෙන් කතෘතුමන්ලාගෙන් ඉල්ලමි. (නි)