IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


පියයුරු පිළිකා සෛල මකයි ?

ලංකාවට ආවේණික පාරම්පරික ශාක 10 ක් උපයෝගී කරගෙන පියයුරු පිළිකා සරල සෛල (විශේෂ සෛල වශයෙන් නොසැලකෙන නමුත් විවිධ සෛල හටගැන්වීමේ ශක්තිය ඇති සරල පිළිකා සෛල) නැසීමට හැකියාව ඇති රසායනික ද්‍රව්‍යයන් සෙවීමේ කාලීන පර්යේෂණයක් කොළඹ විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් මේ වන විට සිදුකරමින් පවතී.

ජෛව රසායනික අණුක ජීවවේද හා ජෛව තාක්ෂණ ආයතනයේ ආචාර්ය සමීර ආර්. සමරකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම පර්යේෂණය සිදුකෙර්.

පිළිකා සරල සෛල නැසීමට සමත් ඖෂධයක් තවමත් ලෝකයේ සායනිකව භාවිත නොවන අතර ඇමෙරිකාව, ජර්මනිය, ජපානය වැනි දියුණු රටවල පිළිකා පියවි සෛල පිළිබඳ පර්යේෂණ තවමත් සිදුකරමින් පවතී. දැනට පවත්නා ප‍්‍රතිකාර ක‍්‍රම මගින් පිළිකා පියවි සෛල විනාශ කළ නොහැකි අතර මෙම පර්යේෂණයේ විශේෂත්වය වන්නේ අති දියුණු තාක්ෂණයක් තුළින් පිළිකා පියවි සෛල විනාශ කිරීම සඳහා ලංකාවේ පර්යේෂණ සිදුකරන ප‍්‍රථම අවස්ථාවද මෙය වීමය.

‘පියයුරු පිළිකාව ලෝකයේ මෙන්ම ලංකාවේද වැඩි කාන්තාවන් පිරිසක් පෙළෙන සහ වැඩිම කාන්තාවන් සංඛ්‍යාවක් පිළිකා ආශ‍්‍රිතව මරණයට පත්වෙන පිළිකා වර්ගයයි. දැනට පිළිකා රෝගින්ට ලබාදෙන ඖෂධ, හෝමෝන සහ විකිරණ ප‍්‍රතිකාර අපේක්ෂිත මරණ මට්ටම අවම කිරිමට අපොහොසත් වි ඇති අතර අයහපත් අතුරුඵල ඇතිකිරිමටත් හේතුසාධක වි තිබෙනවා. දීර්ඝ කාලිනව ප‍්‍රතිකාර ලබන රෝගින්ට ඖෂධ තුළින් අපේක්ෂිත ප‍්‍රතිඵල නොලැබෙන අතර රෝගීන් තුළ ප‍්‍රතිරෝධතාවක් ඇති කිරීමට සමත්වී තිබෙනවා. එබැවින් විපල්ප ඖෂධ කාලින අවශ්‍යතාවක් වි තිබෙනවා. එබැවින් අපි ජාතික පර්යේෂණ සභාවේ මුල්‍ය දායකත්වය ඇති මෙම පර්යේෂණය ආරම්භ කළා’

‘මේ සඳහා මහාචාර්ය කමනි එච්. තෙන්නකෝන්, මහාචාර්ය දිලිප් ද සිල්වා, මහාචාර්ය නීලිකා මලවිගේ, විශේෂඥ වෛද්‍ය කනිෂ්ක ද සිල්වා යන මහත්ම මහත්මින්ගේ සහයෝගය මෙන්ම පශ්චාත් උපාධි අපේක්ෂිකා උමා රාජ්ගෝපාලන් ශිෂ්‍යාවගේ දායකත්වයද ලැබෙනවා.‘

මෙම පර්යේෂණයෙන් පිළිකා පියවි සෛල විනාශ කරමින් පිළිකා මර්දනයට භාවිත කළ හැකි රසායනික ද්‍රව්‍ය සොයා ගැනීම තුළින් විදේශ ආයෝජකයන්ගේ ආකර්ශනය ලංකාව දෙසට යොමු කරගත හැකි වෙනවා. එමෙන්ම ලංකාවේ පාරම්පරික ඖෂධ සඳහා විද්‍යාත්මක පදනමක් ඇති කිරීමටත් පිළිකා හේතුවෙන් රජයට වසරකට වැය වන මුදල අවම කරගැනීමටත් අත්වැලක් වේ යැයි අපි විශ්වාස කරනවා. එමෙන්ම දැනටමත් සිදුකර ඇති පර්යේෂණවලින් පියයුරු පිළිකා රෝගීන්ට සතුටු දායක පිළිතුරක් ලබාදීමට හැකිබවද අපට තහවුරු වී තිබෙනවා’ යැයි සමරකෝන් මහතා පැවසීය.

Dr.-Sameera2016316 Dr.-Sameera2016316-2 Dr.-Sameera2016316-3 Dr.-Sameera2016316-4



අදහස් (0)

පියයුරු පිළිකා සෛල මකයි ?

බණ්ඩාර කුවේට් Saturday, 19 March 2016 04:55 AM

වකුගඩු සහ පිළිකා මාරයා ලංකාවම විනාශය කරා රැගෙන යනවා සීග්‍රයෙන් ,මේ රෝග වලට විසඳුම් සොයන්න ඔබලාට ශක්තිය ලැබේව (බ)

:       0       0

මනෝ Thursday, 17 March 2016 05:00 AM

ලෝකයම ජයගන්න සුවපත් කරන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා (බ)

:       0       0

මාධව ලොකුසූරිය Wednesday, 16 March 2016 05:08 PM

ලොව වැඩිම පිළිකා රෝගීන් ප්‍රමාණයක් සහ ඇමරිකානුවන් වැඩිම බියක් දක්වන රෝගය පිළිකාවයි. මා වෙසෙන කැලිෆෝර්නියා ප්‍රාන්තයේ කිසිදු වාරණයකින් තොරව ඕනෑම ආහාරයක් විකිණීමට හැකියාව ඇත. ඉතාම භයානක රසකාරකයක් වන මොනාසොදියම් ග්ලුටමේට් බොහෝ ආහාරවල අන්තර්ගතව ඇත. ලංකාවේ අාහාර පාලනය ගැන සන්තෝෂයි. එසේම මෙවැනි පර්යේෂණ කරන පර්යේෂකයන්ට ඒ පරීක්ෂණ සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)

:       0       0

ප්‍රදීප් මධුෂාන් Monday, 28 March 2016 11:06 AM

සමීර ඔබ විශිෂ්ටයි (බ)

:       0       0

අමල් Wednesday, 16 March 2016 10:59 AM

හොඳ උත්සහයක්. සුබපැතුම්.! (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1775 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1457 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site