පෘථිවියට සමාන ග්‍රහලෝක සොයා ගැනීම සඳහා නාසා ආයතනය මඟින් නව චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත කර තිබේ.
The Transit Exoplanet Survey Satellite හෙවත් TESS ලෙස නම් කර ඇති මෙම චන්ද්‍රිකාව ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ කැනවරල් තුඩුවේ පිහිටි අභ්‍යාවකාශ මෙහෙයුම් මධ්‍යස්ථානයෙන් අභ්‍යාවකාශගත කර තිබේ.
ස්පේස් එකස් ආයතනයේ ෆෝල්කන් 9 රොකට්ටුවකින් අභ්‍යාවකාශ ගතකර තිබෙන මෙම චන්ද්‍රිකාව ගුවන්ගත කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 337 ක මුදලක් වියදම් කර ඇත.
එම ගවේෂණ යානය මගින් ඉදිරි වසර දෙකක් තුළ දීප්තිමත් තාරකා දෙලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් වටා ඇති ක්ෂිරපථය පරීක්ෂාවට ලක් කිරීමට හැකිවනු ඇත.
එම යානය සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් පිහිටි ග්‍රහලෝක 20,000 ක් වත් හඳුනාගනු ඇති බවට නාසා ආයතනය විශ්වාසය පළ කරයි.
එසේම එහිදී පෘථිවියට සමාන ග්‍රහලෝක 50 ක් වත් එම යානයට සොයා ගැනීමට හැකි වනු ඇතැයි ද නාසා ආයතනය වැඩිදුරටත් පවසයි.
කෙසේ වුවත් පෘථිවියෙන් එපිට ජීවයක් පැවතීම සම්බන්ධයෙන් කරනු ලබන පර්යේෂණ සඳහා මෙම නව චන්ද්‍රිකාව මඟින් ලබා ගන්නා තොරතුරු ඉතා වැදගත් වෙතැයි කියැවේ.
-209

COMMENTS
අනේ දෙවියනේ කොහෙන් හරි එකක් හම්බ වෙන්න මටත් පැනගන්න.
අනේ දෙවියනේ බඩට හරියට කෑම වේලක් නැතුව මැරෙන මිනිස්සු කොච්චරනම් මේ ලෝකේ ඉන්නවාද ඉතියෝපියාව, සෝමාලියාව වගේ රටවල මිනිස්සු කන්න නැතුව මොනතරම් දුක් විදිනවද. ඩොලර් මිලියන ගණන් වියදම් කරලා ග්‍රහලෝක හොයන්න යනවා අපේ ලෝකේ මිනිස්සු කන්න නැතුව මැරෙනවා අනේ මෙහෙමත් ලෝකයක්.
පෘතුවියට සමාන ග්‍රහලෝක ඕනෑතරම් මේ අනන්ත විශ්වයේ තිබෙන්නට පිළිවන්. මිනිසාගේ දැනුම පිපාසයට ඒවා එකතුකරගන්න . නමුත් අපිට සමබර ආහාර වේලක් නොලැබෙන්නේ දෙව්දත් දේශපාලකයින්ගේ බඩජාරි තණ්හාවයි අපේ ගොන්කමයි, කම්මැලිකම නිසයි.