අදින් වසර ලක්ෂ 25,000 ට පෙර මහ සයුරේ ඇතිවූ නීල හරිත ඇල්ගී වායුගෝලයට ඔක්සිජන් එකතු කර ජීවීන්ට හිතකර පරිසරයක් මිහිමත ඇතිවීමේ මුල් පියවර තබා ඇතැයි කැනඩාවේ හා ඇමෙරිකාවේ විද්‍යාඥයන් කණ්ඩායමක් කරන ලද පර්යේෂණයකින් තහවුරු කරගෙන ඇත.
මේ ඇල්ගි හේතුවෙන් වසර ලක්ෂ 25,000 සිට 1,000 දක්වා කාල පරතරයේ දී වායුගෝලීය ඔක්සිජන් ප්‍රමාණය අද පවතින ඔක්සිජන් ප්‍රමාණයේ ආසන්නය දක්වා වර්ධනය වන්නට ඇතැයි ද ඔවුන් පෙන්වාදෙයි.
මේ පර්යේෂණය මෙහෙයවූ වෝටර්ලූ සරසවියේ පෘථිවි හා පරිසර විද්‍යාව පිළිබද මහාචාර්ය බ්‍රයන් කැන්ඩල් පවසන්නේ වසර ලක්ෂ 25,000 ට පෙර පෘථිවියේ ඔක්සිජන් සාන්ද්‍රණය ස්ථාවර මට්ටමක නොපැවති බවයි. නමුත් මේ පර්යේෂණය අනුව සොයාගත් නව දත්ත හේතුවෙන් එලෙස ස්ථාවරව නොතිබූ වායුගෝලීය ඔක්සිජන් අද පවතින තත්ත්වයට පිවිසියේ කෙසේ ද යන්න පිළිබද පැහැදිලි පිළිතුරක් ලැබෙන බව ද මහාචාර්ය වරයා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැටිපහන ඔයාගේ අදහස් දැක්කම ඔයාට නම තිබ්බ කෙනාට සම්මානයක් දෙන්න ඕනේ , රන්ජන්ට අබ සරණයි (බ)
අනේ මන්දා මැටිපහන, මම ඔයාගේ කතාවට මොනවා කියන්නද? (නි)
සුරංග විජේසිංහ, ඒක තමයි මමත් හිතුවේ. ඔය කතාව මම කියවල නැහැ. අදම හොයාගෙන කියවන්න ඕන. අනිත් එක, ඔය ජාතක කතා ටික කියවන්න දෙන්න ඕන ඔය විද්‍යාඥයින්ට. එයාල නිකන් කාලේ නාස්ති කරනවා. බුදුදහමේ ඔක්කොම කියල තියෙන නිසා එයාලට වෙන වැඩකට කාලේ යොදවන්න පුළුවන්. (බ)
මම මෙච්චර කල් හිතාගෙන හිටියේ දෙවියෝ තමයි එක කලේ කියල. (ම)
" ඔය කතාව මම කියවල නැහැ. අදම හොයාගෙන කියවන්න ඕන". මැටිපහන හොද අදහසක් අදවත් කියවන්න .(රේ)
ලහිරු, ඔයා අහලා නැද්ද බුදුවරු ගොඩක් හැම කල්පෙකම පහළ වෙනවා කියලා. හැබැයි ඔයාගේ හිතේ තිබෙන එක හොයන්න ගියොත් කවදාවත් ඔයාට එයාලව හමුවෙන්නේ නැහැ. ඔබ අසා තිබෙනවද ඇල්බර්ට් අයින්ස්ටයින් බුදුදහම අගය කළ බව? (නි)
ඇයි මන්ද මේ රටේ මිනිස්සු හැම දේටම ආගම සම්බන්ධ කරගන්නේ. තමුන්ගේ ආගම ගැන කතා කරනවානම් කමක් නෑ අනුන්ගේ ඒවා බොරු කියලත් කියනවා. අනුන්ගේ විශ්වාසයන්ට ගරු කරන්න කියල නේද බුදු හාමුදුරුවොත් කියල තියෙන්නේ. (බ)
අනුන්ගේ ආගම් වල වැරදි හොයන්න කලින් අඩු ගානේ මාසෙට සැරයක් එන පෝයට වත් පන්සල් යන්න. පෝයට කලින් තැබෑරුම් වල පෝලිම් වල ඉන්නේ නැතුව. මොකද ඒ ආගම් වල කට්ටිය සතියට සැරයක් හරි ඒගොල්ලන්ගේ අාගම කරනවා. (ස)
මේ සොයාගැනීම් වලින් ලෝකය තවත් ඉදිරියට යනවා (නි)
අග්ගඥ්ඥ සූත්‍රයේ ඔක්ෂිජන් ඇතිවුන හැටිත් තියෙනව ද? (බ)
ලංකාදීපයට බොහොම ස්තුතියි
අග්ගඥ්ඥ සුත්‍රය කියවන්න තව විස්තර තියෙනවා. බුදුදහමේ ලෝක අාරම්භය විස්තරයේ මෙය තිබෙනවා . දෙවියන් හෝ කවුරුන් විසින් ජීවය , හෝ වායුගෝලය මවන ලද්දක් නොවේ. (බ)
හොඳ සොයාගැනීමක් (නි)
ආතර් ශ්‍රී ක්ලාක් මහතාගේ අනාගත වාක්‍ය හරියනවා සිකුරුයි.මෙය එයට හොඳම නිදසුනක්. (ම)
මැටි පහන නිකන් එකක් නෙමේ ඩබල් මැටි පහනක් (බ)
ඔයාලවත් මමවත් බුදුදහම හරියට දන්නේ නැහැ. දන්නවා නම් අපි රහත් වෙනවා,මාර්ගඵල ලැබේවි අපිට එහෙනම්. කිසිම දවසක විද්‍යාවට අගෞරව වෙන විදිහට කතා කරන්න එපා. එයාලගේ කැපවීම් නිසා තමා අද අපි සතුටින් ජිවත්වෙන්නේ. අපි කරන්නේ කියවන එක විතරයි. (නි)