අභ්‍යාවකාශයේ සිට පැමිණි අමුතු සංඥා නිකුත්ව ඇත්තේ පෘථිවියට ආලෝක වර්ෂ 22ක් ඈතින් පිහිටි ජීවයට සුදුසු ග්‍රහලෝකයකින් බව විද්‍යාඥයෝ පවසති. එම ග්‍රහලෝකය ග්ලිඒස් 581 ඩී ලෙස නම්කරනු ලැබූළුකි.
විද්‍යාඥයන් පවසන්නේ අභ්‍යාවකාශයෙන් නිකුත් වූ සංඥා සම්බන්ධයෙන් මෙතෙක් සිටියේ වැරදි මතයක බවයි. 2010 වර්ෂයේ සිට වරින් වර ලැබුණු සංඥා විශ්ලේෂණය කිරීමේ දී ඒවා මේ ග්‍රහලෝකයෙන් නිකුත් වූ බව විශ්වාස කළ හැකියැයි ද එය පෘථිවියට පිටත ඇති දියුණු මට්ටමේ ජීවයක් පිළිබඳ සාධකයක් විය හැකියැයි ද ඔවුහු කියති.
2010 ලැබුණු සංඥා ඈත තාරකා වලින් පැමිණෙන්නට ඇතැයි මුලදී අනුමාන කැරිණි. 581ඩී ග්‍රහලෝකයේ ජිවය පවතින බවට දැඩි විශ්වාසයක් ඇති බවත් එය පෘථිවිය මෙන් දෙගුණයක් විශාල බවත් පාෂාණමය ලෝකයක් බවත් විද්‍යාඥයෝ කියති.
පෙනිසිල්වේනියා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පවසන්නේ ඔවුන් අභ්‍යාවකාශයෙන් ලැබෙන ආලෝක හා ශබ්ද සංඥා විශ්ලේෂණය කිරීමට නව ක්‍රමවේදයක් අනුගමනය කිරීමෙන් පසු මේ ගැන වැඩි විස්තර අධ්‍යයනය කිරීමට හැකි බවයි. එම ක්‍රම උපයෝගීකරගෙන දැනට පවත්නා දත්ත අනුසාරයෙන් වඩාත් නිවැරදි ආකෘතියක් ගොඩනැගීමට හැකිවූ බව පෙනිසිල්වේනියාවේ මාරියා විශ්වවිද්‍යාලය, ලන්ඩන් විශ්වවිද්‍යාලය හා හර්ට්ෆෝර්ඩ්ෂයර් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුන් වහන්සේට මුළු විශ්වය පුරාම ආලෝක ධාරා යවන්නත් ඉන්අනතුරුව අවශ්‍ය තැනකට කටහඬ පතුරුවන්ටත් හැකියාව තිබුනේ අධිමානසික හැකියාවන් ඇති සම්මා සම්බුදු නුවණ සාක්ෂාත් කරගත් නිසයි. උන්වහන්සේ වදාළා තවත් මෙවැනි විශ්වයන් දහස් ගණනින් ඇති බවත් ඒවායේ තවත් අප මෙන්ම ජීවින් ඇති බවත්,ඒවා සෙවීමට යාම අනවශ්‍ය බවත්. අත්‍යවශ්‍ය වන්නේ ප්‍රමාදනොවී දුකෙන් මිදීමට ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කළයුතු බවත්ය. (නි)
මමත් මේ වගේ දේවල් කියවන්න මමත් ආසයි. (හේ)
අපේ ලෝකේ තියෙන ප්‍රශ්න ටික විසඳලා හිටියානම් හොඳයි නේද වෙන කොහෙවත් තියෙන ග්‍රහ ලෝක හොයන්න කලින්. (ර)
මේ වගේ දේවල් කියවන්න මම ආසයි. (ර)
විශ්වය අනන්තයි කියා බුදුන් දේශනාකළේ ඔය නිසා තමයි. (නි)
මේ වගේ විද්‍යාත්මක දේවල් කියවන්න මමත් ආසයි. (ස)
අපේ දේශපාලඥයින්ගේ කටහඬවල් එහෙම එහෙට යවන්න එපා (නි)
විශ්වය අනන්තය අප්‍රමාණය. එය සොයා, ඔබ මංමුල වේවි. (ගෞතම බුදුන්) (ර)
මොකක් හරි විද්‍යාත්මක යමක් හොයාගත්තම එක එක් දේවල් උස්සගෙන දුවගෙන එන හැටි. (අ).