IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පිටසක්වළ සංඥාව පැමිණි තැන සොයාගනී

අභ්‍යාවකාශයේ සිට පැමිණි අමුතු සංඥා නිකුත්ව ඇත්තේ පෘථිවියට ආලෝක වර්ෂ 22ක් ඈතින් පිහිටි ජීවයට සුදුසු ග්‍රහලෝකයකින් බව විද්‍යාඥයෝ පවසති. එම ග්‍රහලෝකය ග්ලිඒස් 581 ඩී ලෙස නම්කරනු ලැබූළුකි.

විද්‍යාඥයන් පවසන්නේ අභ්‍යාවකාශයෙන් නිකුත් වූ සංඥා සම්බන්ධයෙන් මෙතෙක් සිටියේ වැරදි මතයක බවයි. 2010 වර්ෂයේ සිට වරින් වර ලැබුණු සංඥා විශ්ලේෂණය කිරීමේ දී ඒවා මේ ග්‍රහලෝකයෙන් නිකුත් වූ බව විශ්වාස කළ හැකියැයි ද එය පෘථිවියට පිටත ඇති දියුණු මට්ටමේ ජීවයක් පිළිබඳ සාධකයක් විය හැකියැයි ද ඔවුහු කියති.

2010 ලැබුණු සංඥා ඈත තාරකා වලින් පැමිණෙන්නට ඇතැයි මුලදී අනුමාන කැරිණි. 581ඩී ග්‍රහලෝකයේ ජිවය පවතින බවට දැඩි විශ්වාසයක් ඇති බවත් එය පෘථිවිය මෙන් දෙගුණයක් විශාල බවත් පාෂාණමය ලෝකයක් බවත් විද්‍යාඥයෝ කියති.

පෙනිසිල්වේනියා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පවසන්නේ ඔවුන් අභ්‍යාවකාශයෙන් ලැබෙන ආලෝක හා ශබ්ද සංඥා විශ්ලේෂණය කිරීමට නව ක්‍රමවේදයක් අනුගමනය කිරීමෙන් පසු මේ ගැන වැඩි විස්තර අධ්‍යයනය කිරීමට හැකි බවයි. එම ක්‍රම උපයෝගීකරගෙන දැනට පවත්නා දත්ත අනුසාරයෙන් වඩාත් නිවැරදි ආකෘතියක් ගොඩනැගීමට හැකිවූ බව පෙනිසිල්වේනියාවේ මාරියා විශ්වවිද්‍යාලය, ලන්ඩන් විශ්වවිද්‍යාලය හා හර්ට්ෆෝර්ඩ්ෂයර් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ කියති.

 



අදහස් (0)

පිටසක්වළ සංඥාව පැමිණි තැන සොයාගනී

ලංකාසිරි Tuesday, 10 March 2015 11:57 AM

බුදුන් වහන්සේට මුළු විශ්වය පුරාම ආලෝක ධාරා යවන්නත් ඉන්අනතුරුව අවශ්‍ය තැනකට කටහඬ පතුරුවන්ටත් හැකියාව තිබුනේ අධිමානසික හැකියාවන් ඇති සම්මා සම්බුදු නුවණ සාක්ෂාත් කරගත් නිසයි. උන්වහන්සේ වදාළා තවත් මෙවැනි විශ්වයන් දහස් ගණනින් ඇති බවත් ඒවායේ තවත් අප මෙන්ම ජීවින් ඇති බවත්,ඒවා සෙවීමට යාම අනවශ්‍ය බවත්. අත්‍යවශ්‍ය වන්නේ ප්‍රමාදනොවී දුකෙන් මිදීමට ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කළයුතු බවත්ය. (නි)

:       0       0

ධමිත් Monday, 11 May 2015 12:22 PM

මමත් මේ වගේ දේවල් කියවන්න මමත් ආසයි. (හේ)

:       0       0

රුවන් Thursday, 22 October 2015 10:25 AM

අපේ ලෝකේ තියෙන ප්‍රශ්න ටික විසඳලා හිටියානම් හොඳයි නේද වෙන කොහෙවත් තියෙන ග්‍රහ ලෝක හොයන්න කලින්. (ර)

:       0       0

සචිනි Tuesday, 17 March 2015 10:29 AM

මේ වගේ දේවල් කියවන්න මම ආසයි. (ර)

:       0       0

සම්පත් Tuesday, 10 March 2015 05:07 PM

විශ්වය අනන්තයි කියා බුදුන් දේශනාකළේ ඔය නිසා තමයි. (නි)

:       0       0

සමන් Saturday, 04 April 2015 03:16 AM

මේ වගේ විද්‍යාත්මක දේවල් කියවන්න මමත් ආසයි. (ස)

:       0       1

තිස්ස Wednesday, 11 March 2015 01:52 AM

අපේ දේශපාලඥයින්ගේ කටහඬවල් එහෙම එහෙට යවන්න එපා (නි)

:       0       0

බණ්ඩාර - කුවේට් Wednesday, 11 March 2015 03:25 AM

විශ්වය අනන්තය අප්‍රමාණය. එය සොයා, ඔබ මංමුල වේවි. (ගෞතම බුදුන්) (ර)

:       0       0

මැටිපහන Wednesday, 11 March 2015 04:00 AM

මොකක් හරි විද්‍යාත්මක යමක් හොයාගත්තම එක එක් දේවල් උස්සගෙන දුවගෙන එන හැටි. (අ).

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 93 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 896 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site