ගම්මිරිස්වල ඇති වටිනාකම ඔබ දන්නවානම් ඊළඟ දවසේ එය ඔබේ ආහාරයෙන් ඉවත් කිරීමට පෙර දෙවරක් සිතනු ඇතැයි ගම්මිරිස් සම්බන්ධයෙන් ඇති වැදගත්කම පෙන්වා දෙන එන්ඩීටීවී වෙබ් අඩවිය සඳහන් කරයි.

පිපරේසියා කුලයට අයත්වන ගම්මිරිස් කළු ගම්මිරිස්, සුදු ගම්මිරිස් හා කොළ පැහැ ගම්මිරිස් ලෙස වර්ග කිහිපයක් දැකිය හැකිය.

ගම්මිරිස්වල ඇති වටිනා ගුණාංග 6ක් ඔවුහු පෙන්වා දෙති.

පිළිකා නාශකයක් ලෙස, ආහාර ජීර්ණයට පහසු කරවන්නක් ලෙස, සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්ස සුවකිරීමේ හැකියාව, ශරීරයේ බර අඩුකළ හැකි ගුණය, සම පැහැපත් කිරීමට හා මානසික අවපීඩනය දුරුකිරීමේ හැකියාව ගම්මිරිස්වල ඇත.

දකුණු ඉන්දියාවේ වැඩි වශයෙන් ප්‍රචලිත ගම්මිරිස් වගාව උෂ්ණ කලාපීය රටවලද සිදුකෙරේ. විශේෂයෙන්ම කුළුබඩුවක් ලෙස ප්‍රචලිත ගම්මිරිස් ඇට අතීතයේදී ග්‍රීසියේ මුදල් වෙනුවට භාවිතා කළ බවද වාර්තාවේ. ඉන්දියාව, බ්‍රසීලය, ඉන්දුනීසියාව වැනි රටවල ගම්මිරිස් අපනයනයද සිදුකරයි.