IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


නාසා ප්ලූටෝ පෙන්වයි

ප්ලූටෝ වෙත සමීප වි නිව් හොරයිසන් අභ්‍යාවකාශ යානයෙන් ලබාගත් ඡායාරූප රැසක් නාසා ආයතනය මාධ්‍යයට නිකුත් කැර ඇත. මේ ඡායාරූප මගින් ප්ලූටෝ ග්‍ර‍හයාගේ මතුපිට ස්ථරයේ ස්වභාවය පැහැදිලිව දක්නට ලැබෙන බව ද නාසා ආයතනය පවසයි.

කදු ශිඛර, ආවාට හා අයිස් එහි දක්නට ලැබෙයි. මේ ඡායාරූප ප්ලූටෝ පිළිබද ඉතා වැදගත් දත්ත රැසක් අනාවරණය කරන බව ද නාසා ආයතනය පෙන්වා දෙයි.

New horizon 1 New horizon 2 New horizon 3

 



අදහස් (0)

නාසා ප්ලූටෝ පෙන්වයි

සනත් Saturday, 05 December 2015 07:59 PM

ප්‍රභාත්ට මුළු ප්ලුටෝ ග්‍රහයාම දෙන්න පුළුවන් රුපියල් 725 කට. හැබැයි ගමන් ගාස්තුව ඩොලර් මිලියන් 200000 ක් වියදම් කරන්න වෙයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 05 December 2015 10:31 PM

ගහක් කොලක්, සතෙක් සිවුපාවෙක්, ඇළක් දොළක් නැති භූමියක රත්තරන් තිබුනත් මොකටද අප්පා! (නි)

:       0       0

ගයාන් Sunday, 06 December 2015 03:49 PM

වැදගත් ලිපියක්.(හේ)

:       0       0

ඇන්ඩෘෘ Tuesday, 08 December 2015 12:15 PM

පිටිගල ඉනෝකාට තාරකා විද්‍යාව උගන්වනවා වාගේයි. (බ)

:       0       0

භක්ති Monday, 14 December 2015 07:48 PM

වැදගත් සොයාගැනීමක්. අපි බලමු ඊළඟ සොයාගැනීම මොකක්ද කියලා (නි)

:       0       0

සුගත් බණ්ඩාර Wednesday, 09 December 2015 06:27 AM

අපේ ලංකාවේ කට්ටියට මොනවා හරි අලුත් දෙයක් අවොත් එක අදහසකට ගන්නේ විකාර කියන්ඩ විතරයි දන්නේ ,ජාතික වීරයෝ කව්ද කියල අහපුවම ,විකාර කියවනවා අපුරුයි (ම).

:       0       0

හංස Tuesday, 08 December 2015 05:51 AM

පිටසක්වළයින්ගේ හෝඩුවාවක් තියෙනවද? (නි)

:       0       0

ශාන් Sunday, 06 December 2015 03:52 AM

බැරිද අර දේශපාලකයෝ ටික දෙනෙක්වත් යවන්න? (නි)

:       0       0

ඉනෝකා Tuesday, 08 December 2015 01:37 PM

නවීන විද්‍යාවේ පිහිටෙන් නාසා ආයතනය කරන අලුත් සොයාගැනීම් අප අගය කළ යුතුයි.අලුත් ග්‍රහ ලෝකයන් ගැන සොයා ගන්නාවූ දත්තයන්,ඒ ගැන උනන්දුවක් දක්වන අප වැනි අයට ඉතාමත් ආශ්චර්ය වූ වින්දනයකි. පිටිගල මිලානෝ මහතාට ස්තුතිවන්ත වෙමි. (බ)

:       0       0

රේමන් Saturday, 19 December 2015 11:32 PM

ප්ලුටෝ ග්‍රහයාගේ සීතල සුන්දරත්වය ගැන ඉනෝකාට මොනවා හිතුනද දන්නේ නැහැ. හැබැයි මම නම් තෝරාගන්නේ සීතල සුන්දරත්වයෙන් පිරුණු නුවරඑළියයි. (නි)

:       0       0

අනුර Thursday, 31 December 2015 08:23 PM

මීට ටික කාලයකට පෙර ප්ලූටෝ ග්‍රහලෝකයක් නොවෙයි කියලා කට්ටියක් තර්කයක් ගෙනල්ලා ඒක ලොව පුරා ස්ථිර කරගත්තා. දැන් ඒ මතයට මොනවා වෙලාද දන්නේ නැහැ. (නි)

:       0       0

සඳරුවනි Monday, 07 December 2015 08:15 PM

ප්ලුටෝ ග්‍රහයාට සඳවල් පහක් හෝ අටක් හෝ තිබුනා කියමුකෝ. එහි බවලතියන් වැනි අයකුගේ ජීවයක් තිබුනා කියලා උපකල්පනය කළොත් පිටබැද්දර ජයාගේ අදහස හාත්පසින්ම වෙනස් එකක් වෙනවා සිකුරුයි.. (නි)

:       0       0

ඉන්දික Sunday, 06 December 2015 09:51 AM

ජීවිතය අත් විදින්න බැරි තැනක් නම් , පර්චස් එක නිකන් දුන්නත්, නොමිලේ යන්න තිබුනත් ඇති වැඩේ මොකක්ද?(හේ)

:       0       0

පිටිගල මිලානෝ Monday, 07 December 2015 01:11 PM

ප්ලුටෝ වටා ඇති සඳවල් අටෙන් එකක් වන එක්ස්හැලිඩස් වල නේද ජීවය ඇතැයි උපකල්පනය කරන්නේ? (නි)

:       0       0

ක්‍රිස් Thursday, 24 December 2015 06:49 PM

ප්ලුටෝ ග්‍රහයාට තිබෙන්නේ සඳවල් 5යි. පිටිගල කියනවා වාගේ සඳවල් 8ක් නොවෙයි. විකිපීඩියාවට ගිහින් බලන්න. ඉනෝකා හරි. (නි)

:       0       0

ජයාත් Monday, 07 December 2015 01:54 PM

පිටබැද්දර ජයා, ගහක් කොලක්, ඇළක් දොළක් නැති නමුත් රත්තරන් වගේ වටිනා දේවල් තිබෙන රටවල් මේ ලෝකෙම තියනවා නේද? (නි)

:       0       0

සුනිල් ගීකියනගේ Saturday, 05 December 2015 11:45 AM

මට හිතුනේ කොච්චරසීතල ඇතිද කියලා. (ර)

:       0       0

ප්‍රභාත් Saturday, 05 December 2015 12:35 PM

එක පර්චස් 1 රුපියල් කීයකට ගන්ට පුලුවන්ද ? (ස)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 08 December 2015 01:27 AM

ඉනෝකා, ග්‍රහලෝකයක ජීවය ගැන කතාකරනකොට අපිට සාපේක්ෂව සහ පක්ෂපාතීව හිතන්න එපා. මෙම ප්ලුටෝහී එක්ස්හැලිඩස් සඳේ අපිට ජලය මෙන් ජීව ප්‍රවාහකයා වන්නේ ද්‍රව මෙතේන්ය. එය ඔබ කියන්නාක් මෙන් ඍණ අගයක පැවතුනත් ඝන සහ වාෂ්පීකරණ උෂ්ණත්ව අතර සැළකියයුතු පරාසයක් ඇති නිසා මීට ආවේණික ජීවයක් ඇත්නම් පැවතීමට ඉඩකඩ ඇත. (නි)

:       0       0

නලින් Sunday, 10 January 2016 05:47 PM

මේකේ මොකෙක්හරි ලොකු සතෙක් ඉන්නවා කියලා මට හිතෙනවා (නි)

:       0       0

චන්න Saturday, 05 December 2015 01:02 PM

ප්‍රබාත්ට පුළුවන් සතපහක්වත් නොගෙවා ප්ලුටෝ ග්‍රහයාට ගිහිල්ලා කැමති ප්‍රමාණයක වැටක් ගහගන්න. හැබැයි යන එක තමයි ප්‍රශ්නය (නි)

:       0       0

හේවා Tuesday, 22 December 2015 06:54 PM

පිටිගල, නාසා ආයතනයට ඉල්ලුම් පත්‍රයක් දැම්මේ නැද්ද ඇබෑර්තු තියෙනවද කියලා දැනගන්න? (නි)

:       0       0

ඉනෝකා Saturday, 05 December 2015 02:44 PM

උෂ්ණත්වය මයිනස් - 220කට වැඩි බවයි අහලා තියෙන්නේ. ප්ලුටෝ ග්‍රහයාට සඳවල් 5ක් නම් මොනතරම් සුන්දර ශීතල ග්‍රහයෙක් වෙන්න ඕනෑද.....? මා වැරදි නම් කරුණාකර නිවැරදි කරන්න. (නි)

:       0       0

හේවා Thursday, 17 December 2015 06:21 PM

ඉනෝකා, මේක සුන්දර සීතලක් වෙන්නේ කොහොමද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2274 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2155 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6059 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3522 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4213 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 429 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1842 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1653 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site