IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


නවසීලන්තයේ සාවුන් මර්දනයට වෛරසයක්

කරදරකාරී ලෙස වැඩිවන සාවුන්ගේ ගහනය පාලනය කිරීම සඳහා වෛරසයක් හඳුන්වා දීමට නවසීලන්තය සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

රටේ සමහර ප්‍රදේශ වල වසංගතයක් ලෙස සාවුන් වැඩිවන්නට පටන්ගෙන ඇති අතර "රැබිට් හිම්මරොජික් ඩිසීස් වෛරස්" ලෙස නම්කර ඇති මෙම වෛරසය මාර්තු මාසයේ එම ප්‍රදේශ වලට නිදහස් කිරීමට බලාපොරොත්තු වන බව බලධාරීහු පවසති. 

කෘෂිකර්මාන්තයේ යෙදෙන්නන් මෙම ක්‍රියාව අගය කලද බොහෝදෙනකු මේ සම්බන්දව විරුද්ධත්වය පල කර ඇත්තේ සුරතල් සතකු වන සාවාට මෙයින් උපද්‍රවයක් ඇතිවෙයැයි සැක පල කරමිනි.

1930 වර්ෂයේ නවසීලන්තයට මෙම සාවුන් හඳුන්වා දී ඇති අතර  තෘණ භූමි උලා කෑමෙන් හා වගා බිම්වල බෙන හෑරීමෙන් කෘෂිකාර්මික ක්ෂේත්‍රයට කරදරකාරී සතකු බවට පත්වී ඇත. මේ හේතුවෙන් වාර්ෂිකව බොහෝ පාඩු සිදුවන අතර මොවුන් මර්දනය කිරීම සඳහා ද රජයට විශාල මුදලක් දැරීමට සිදුවී ඇත.

වෙඩි තැබීම, වස දැමීම, වැටවල් ගැසීම වැනි ක්‍රම සාවුන් මර්දනය කිරීමට යොදා ගත්තද වැඩිවන ගහනය හමුවේ ඒවා නිශ්පල ක්‍රියාවන් බවට පත්වී ඇතැයි රජය පවසයි. 

අනෙක් සතුන්ට මෙම වෛරසයේ බලපෑමක් නැති අතර මෙය ශරීර ගතවී දින කිහිපයකින් සාවුන් මරණයට පත්වන බව සඳහන් වේ.    

(බීබිසි ඇසුරිණි - 085)



අදහස් (11)

නවසීලන්තයේ සාවුන් මර්දනයට වෛරසයක්

Gihan Thursday, 01 March 2018 02:04 AM

ඔය වෛරස් එක හාවුන් තුල වර්ධනය වෙලා මිනිස්සු සහ අනෙක් සතුන්ටත් බලපාන ලෙස අනුවර්ථනය වෙනවාමයි. එතකොට සොරිම තමා. මේවා මෝඩ තීරණ.

:       12       116

samFriday, 02 March 2018 11:00 PM

ගිහාන්, ඔබ කියන දේ මතභේදාත්මකයි. වෛරස් භාවිතයෙන් සාවුන් මැරීම 1950 පමණ සිට (මික්සෝමා වෛරසය) ඕස්ට්‍රේලියාවේ සිදු කෙරෙනවා. සාවුන් එයට ප්‍රතිරෝධයක් වර්ධනය කරගත් නිසා 1995 දී වැඩිදියුණු කල වෛරසයක් නිකුත් කළා. එයින් සාවුන් මිලියන හයසීයක් පමණ මියගියා. නමුත් එය කිසිම ආහාර දාමයකට ඇතුළු වී (ඕස්ට්‍රේලියාවේ සාවුන්ට විලෝපිකයන් වෙන්නේ ඩින්ගෝ නම් බල්ලන් පමණයි). වෙනත් සතුන්ට හෝ මිනිසුන්ට (මේ දක්වා, එනම් වසර විසි තුනකදී) පැතිරුණේ නැහැ.

:       1       88

thejTuesday, 13 March 2018 07:58 AM

මේ වගේ අනිත් අයව දැනුවත් කරන දේවල් පොස්ට් කරන එක හරිම හොද වැඩක් . ස්තුතියි ඔබතුමාට..............

:       0       2

ravi Friday, 02 March 2018 04:09 AM

ඔය ක්‍රමය මිට කලින් ඕස්ට්‍රේලියාවේ කලා, ඒගොල්ල සාර්ථක ප්‍රතිපල ලබාගෙන තියෙනවා

:       0       16

kamal Friday, 02 March 2018 11:24 AM

ඒ කියන්නේ ලඟදීම අපේ සුපිරි වෙළද සැලවල්වල ප්‍රොමෝෂන් හා මස් බලාපොරොත්තු වන්න.

:       33       237

සෙනෙවි Friday, 02 March 2018 12:48 PM

මේක නම් මහා පහත් වැඩක්...

:       39       303

U Siriwardane Saturday, 03 March 2018 06:27 AM

මේ රට ගවයින්, බැටළුවන් පාලනයට ප්‍රසිද්‍ධයි. මේ රටේ සත්ත්ව පාලනයට එකතු වූ තවත් එක් මානව බලපෑමක් පමණයි මේ විස්තර කරන්නේ.

:       0       10

Mahee Tuesday, 06 March 2018 03:05 PM

නවසීලන්තයේ කෘෂිකර්මාන්තය ඔවුන් පණ වගේ ආරක්ෂා කරන දෙයක්. ඒකත් එක්ක ඔවුන් අනික් දේවල් පටලවාගන්නේ නැහැ. අපි නම් අයාලේ යන අය නිසා මැරෙන දරුවන් ගැන හිතනවට වඩා අයාලේ යන සුනඛයින් ගැන හිතනවනේ.

:       0       39

dilip Wednesday, 07 March 2018 07:41 AM

ඒකට මෙහෙ රිලව් ඌරෝ සේරම වගා විනාශ කරනවා, ගොවියා රජ වෙලාලු ඉන්නේ ....?

:       0       32

hasantha Thursday, 08 March 2018 04:19 PM

අපේ පැත්තේ රිලව් බෝවෙලා හරිම වදේ. ගහක ගෙඩියක් තියාගන්න නෑ. ඔක්කොම විනාස කරලා අන්තිමේට ගෙවල් වලට පනින තත්වෙටත් ඇවිල්ල. පොල් ගස් තියෙන අපි දැන් පොල් ගන්නෙත් කඩෙන්. කාට පැමිණිලි කලත් වැඩක් උනේ නෑ. මහජන මුදල් වලින් යැපෙන නිලධාරීන්ගේ අලස බව හරිම පිළිකුල් සහගතයි.

:       0       8

අචලා Friday, 09 March 2018 06:56 AM

අපි ඔය වගේ දෙයක් කරා නම් සත්ව අයිතීන් කඩවෙනවා කියලා කෑගහයි. ඒ ගොල්ලන්ට තමයි හොද මානව හිමිකමුයි, සත්ව අයිතීනුයි කඩන්න.

:       1       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 406 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16748 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site