මිනිස් පරිනාමයේ දී මෙතෙක් සොයා නොගත් මානව වර්ගයකට අයත්යැයි විශ්වාස කැරෙන මානව අස්ථියක් සොයාගත් බව පුරාවිද්‍යා පර්යේෂකයෝ පිරිසක් කියති. ඔවුන් පවසන්නේ අදින් වසර 20,000ත් 190,000ත් අතර කාලයේ ජීවත් වූ මානව විශේෂයකට අයත් අකු අස්ථියක් හමුවී ඇති බවයි.
තායිවානයේ පෙන්ගු දූපතේ වෙරළාසන්නයේ තිබී ධීවරයන්ට මේ අකු අස්ථිය හමුවී එරට පුරාවස්තු අළෙවි සැලකට එය විකුණා තිබිණි. පසුව වෙළඳසැල් හිමිකරු පාෂාණිභූතව තිබූ (ෆොසිල බවට පත්ව තිබූ) අස්ථිය තායිවානයේ ජාතික ස්වභාවවිද්‍යා කෞතුකාගාරයට පරිත්‍යාග කැර ඇත. පෙන්ගු දූපතේ තිබී අස්ථිය හමුවී ඇති බැවින් එම අස්ථියේ හිමිකරු නම්කැර ඇත්තේ පෙන්ගු මිනිසා යනුවෙනි.
විද්‍යාඥයන් කණ්ඩායමක් පවසන්නේ මේ මානවයා ආසියාවේ සැරිසරමින් සිටි මෙතෙක් අනාවරණය නොවූ නව මානව විශේෂයක් බවයි. ඔවුන් පෙන්වාදෙන්නේ දත් කිහිපයක් ද ඉතිරිව ඇති මේ අකු අස්ථිය මෙතෙක් ලොව සොයාගෙන ඇති හෝමෝ සේපියන්ස්, හෝමේ ඉරෙක්ටස්, හෝමෝ පීකිං හෝ ජාවා මානවයාගේ අකු අස්ථි හා සමාන නොවන බවයි. එමෙන් ම ලොව වඩාත් මිටිම මානව විශේෂය ලෙස හැඳින්වෙන හෝමෝ ෆ්ලෝරෙසිඑන්සිස්ට නමැති මානවයාගේ අකු අස්ථිය හා සමාන නොවන බව ද ඔවුහු පෙන්වාදෙති.
කෙසේ වෙතත් මේ මානවයාගේ වයස තීරණය කිරීම පිළිබඳ ගැටළුවක් පවතින බව ද විද්‍යාඥයෝ කියති. ඔවුන් පවසන්නේ දැනට කාලය පිළිබඳ නිගමනයට එළඹ ඇත්තේ සන්සන්දනාත්මක විග්‍රහයකින් පමණක් බවයි. රේඩියෝ කාබන් ක්‍රමය මේ අස්ථිය සම්බන්ධයෙන් මෙතෙක් සාර්ථක වී නැත.
පර්යේෂණ සිදුකරණ තෝකියෝ ජාිතක කෞතුකාගාරයේ ෆොසිල විද්‍යාඥ යොයි සුකේ කයිකු පවසන්නේ තවමත් වයස ගැන ස්ථිරව ම කිව නොහැකි වුවත් මේ අකුඅස්ථියේ හිමිකරුවා දැනට හඳුනාගෙන සිටින මානව විශේෂ කිසිවකට අයත් නොවන ආගන්තුකයකු බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය පෘතුවියේ ජීවත් වුන මානවයන්ට සමාන නොවන්නේනම් මෙය වෙනත් ග්‍රහ ලොවකින් පැමිණ පෘතුවියේදී මිය ගිය හෝ මරා දැමුණු ජීවියකුගේ නොවිය හැකිද? කෙසේද අප නිගමනය කරන්නේ මෙය නව මානව වර්ගයක් ලෙස (බ)
ප්‍රසන්න ඔබ නිවැරැදි විය හැක.(හේ)
ආනන්ද වගේ අය පමණක් ලෝකයේ හිටියනම් අපි තාම ගල් යුගයේ (බ)
මොනවටද මේවා ගෙන හොයන්නේ. තව හෙව්වොත් මේවගේ නොදිරපු දේවල් තවත් හමු වෙන්න පුලුවන්.(හේ)