IMG-LOGO

2024 මැයි මස 04 වන සෙනසුරාදා


නව නිපැයුමෙන් ගුරුකුලය ජාත්‍යන්තරය ජයගනී

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සමස්ත ලංකා පාසල් මට්ටමින් මෙහෙයවූ ඉනෝවා මයින්ඩ්-2016 නව නිපැයුම් තරගාවලියෙන් ජය ලැබූ කැලණිය ගුරුකුල විද්‍යාලයීය සිසුහු දෙදෙනෙක් දකුණු කොරියාවේ නව නිපැයුම් තරගාවලියකට සුදුසුකම් ලැබූහ.

පිට්ටු සාදන විද්‍යුත් උපකරණයක් නිපදවූ 9 වැනි ශ්‍රේණියේ ජී. ගමිත චමෝද් සහ ස්වයංක්‍රීයව ඉඳිආප්ප නිපදවනයක් නිර්මාණය කළ 10 වැනි ශ්‍රේණියේ ඒ. නිපුන අවිශ්ක ද සොයියා යන සිසුන් දෙදෙනා මෙම ජයග‍්‍රහණය ලැබීය.

ජාත්‍යන්තර මට්ටමින් පැවැත්වෙන දකුණු කොරියා  නව නිපැයුම් තරගාවලිය සඳහා සමස්ත ලංකා පාසල් සිසුන් 4 දෙනෙක් තෝරාගෙන තිබෙන අතර දෙදෙනෙක්ම ගුරුකුල විද්‍යාලයීය සිසුන්වීම විශේෂත්වයකි.  මෙම තරගාවලිය දකුණු කොරියාවේ වාබැක් ඉන්ටර්නැෂනල් කන්වෙන්ෂන් සෙන්ටර් හීදී අගෝස්තු 8 වැනි දා සිට 10 දක්වා පැවැත්වීමට නියමිතය.

විදුහල්පති අනිල් ගීතලාල් අබේගුණවර්ධන මහතාගේ උපදෙස් මත සිසුන් දෙදෙනා මෙම තරගාවලියට සහභාගිවීමට නියමිත අතර ආගමික වතාවත්වල නිරතව ත‍්‍රිවිධ රත්නයේ ආශිර්වාදයද ලබාගත්හ.

පිට්ටු සාදන විද්‍යුත් උපකරණය නිපදවූ ගමිත චමෝද -

මම මේ නිර්මාණය කරන්න පෙළැඹුණේ මගේ මල්ලි කෙනෙක් කම්පනය වෙන කුරුමිණියෙක් හදා දෙන්න කියා කළ ඉල්ලීම නිසයි. පස්සේ මම හිතුවා විදුලියෙන් ක‍්‍රියාකරන පිට්ටු හදන යන්ත‍්‍රයක් නිපදවන්න. ඒ සඳහා මගේ පියාගෙන් මට ලොකු සහායක් ලැබුණා. මම හීනෙකින්වත් හිතුවෙන් නෑ මට මේ නිර්මාණය ජාත්‍යන්තර මට්ටමට ගෙන යන්න පුළුවන් වෙයි කියලා. මේ උපකරණයට විදුලිය සැපයීමේදී පවර් පැක් එකකින් විදුලිය අඩුකර ලබාදිය යුතුයි. පිට්ටු  ඕනෑ තරමක් මෙමගින් නිපදවාගන්න පුළුවන්. ආහාර නිෂ්පාදන ව්‍යාපාරවලට මෙය හොඳ නිර්මාණයක් වේ යැයි මා සිතනවා.

ස්වයංක‍්‍රීය ඉඳිආප්ප නිපදවනයක් නිර්මාණය කළ නිපුන් අවිශ්ක -

බොහෝ වේලාවට අපේ අම්මා ගෙදරදී ඉඳිආප්ප හදනවා. ඉතිං මගේ හිතට ආවා ලේසියෙන්ම ඉඳිආප්ප හදා ගන පුළුවන් විඳිහේ උපකරණයක් නිපදවන්න. මගේ තාත්තා ඉලෙක්ට්‍රෝනික ක්ෂේත‍්‍රයේ රැකියාවක් කරන්නේ. ඔහුගේ උපදෙස් හා මඟ පෙන්වීම මත මේ ස්වයංක‍්‍රීය ඉඳිආප්ප නිපදවනය මා නිර්මාණය කළා. එක වතාවකදී ඉඳි ආප්ප 6 ක් ස්වයංක‍්‍රීයව නිපදවන්න මෙමගින් පුළුවන්. අපට අවශ්‍ය පරිදි ඉදිආප්ප තට්ටු තබා  ඕනෑ තරම් ඉදිආප්ප හදාගන්න මෙම යන්ත‍්‍රයෙන් හැකිවෙනවා. මෙය විදුලියෙන් ක‍්‍රියාකරන අතර ට‍්‍රාස්ෆෝමරයක් මගින් විද්‍යුතය අවම කර උපකරණය වෙත ලබාදෙනවා. ඇත්තටම මෙම ජයග‍්‍රහණයේ සතුට කියා නිමකරන්න බැහැ.

IMG_9628

Untitled-1Nawa-Nipayum DSC00148

 



අදහස් (0)

නව නිපැයුමෙන් ගුරුකුලය ජාත්‍යන්තරය ජයගනී

අකිල Monday, 08 August 2016 09:42 AM

පුලස්ති, ඔබ මෙන්ම ධර්මාලෝකයෙන් සිප් සතර නිම කල මාද ඊට එක්වෙමි. ඔයාලට සුබ පැතුම්.(ම)

:       1       0

ඉන්ද්‍රානි Tuesday, 02 August 2016 04:20 AM

ගුරුකුල පුතුනි ඔබ පාසලටත් රටටත් ආඩම්බරයකි .ඔබ දෙදෙනාටම ජයෙන් ජය පතමි. (බ)

:       1       0

මහාදේව Tuesday, 02 August 2016 04:34 AM

මෙවැනි දක්ෂ දරුවන්ට ඉදිරියට යන්න අවශ්‍ය පහසුකම් ලබා දිය යුතුයි, පුතාල දෙන්නට ජයෙන් ජය!!! (බ)

:       1       0

කාවින්ද්‍යා Wednesday, 03 August 2016 11:32 AM

ගුරුකුල මාතාවගේ ශක්තිය ධෛර්ය බලයෙන් ඔයලා දෙන්නට තව තවත් මේ වගේ දේවල් කරන හැකි වේවා... ඔයාලට බුදුසරනයි මල්ලියෝ. (ර)

:       1       0

ධනුෂ්ක ප්‍රභාත් Tuesday, 02 August 2016 05:50 AM

බොහොම සන්තෝසයි මල්ලි . ඔයාලට සුබ පැතුම්..(බ)

:       1       0

ප්‍රියංක Tuesday, 22 November 2016 05:40 AM

සුබ පැතුම් එබට ඉහළට යන්න (ම)

:       1       0

ජහුටා මාමා - සෞදි අරාබිය Monday, 01 August 2016 06:29 PM

ගමිත සහ නිපුන, ඔබ දෙදෙනා ලංකාවට ලොකු ආඩම්බරයක්. ඔය උපකරණවලට පේටන්ට් අයිතිය ඉක්මනින්ම ලබාගන්න. අනුන්ගේ සොයා ගැනීම් කොපිකරලා, ලෝකෙට ප්‍රකාශ කරන්න දක්ෂ අය ලංකාවේ සහ ඉන්දියාවේ හරියට ඉන්නවා.(රේ)

:       1       0

පුලස්ති Thursday, 04 August 2016 05:58 AM

ගුරුකුල සහ ධර්මාලෝක යනු විදුලකර මාතාවගේ දරුවන් දෙදෙනෙකි.එහෙඉන් ගුරුකුලයෙන් ලෝකය ජයගන්න මේ දිරිය පුතුන්ට ධර්මලෝකයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේත් වත්මන් සිසු සහෝදර සහෝදරියන්ගේත් ආදී ශිෂ්‍ය සංගමයේත් උණුසුම් සුබපතුම් එක්කරමි. ලොව ජයගන්නට තව තවත් ශක්තිය දැනුම ලැබේවා (බ)

:       1       1

ඉසුරු උදාර Friday, 09 September 2016 07:33 AM

ගුරුකුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් විදියට මේ මල්ලිලා දෙන්නා ගැන හා පාසල ගැන ලොකු ආඩම්බරයක් දැනෙනවා. ලංකාවේ ආර්ථිකය දියුණු වෙන්නනම් අනිවාර්යයෙන්ම තාක්ෂණ හා නව නිර්මාණ රට තුළ බිහිවිය යුතුමයි. මේ උත්සහය එයට හොද රුකුලක් වේවි. සුබ පැතුම්!(ම)

:       1       1

සහබ්දීන් Saturday, 06 August 2016 01:17 PM

බොහොම සන්තෝෂයි. ඔයාලට සුබ පැතුම්. (නි)

:       1       0

මැගිලින් Monday, 01 August 2016 10:09 PM

අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනැගෙයි. එම නිසා ඔයාල වැනි දිරිය පුතුන් අපේ රට ජාතිය ලොවේ ඉහලින් තැබීමට කල කැපවීම අගය කරමි. තව තවත් නව නිර්මාණ කිරීමට ඔබලාට දිරිය ලැබේවා. (අ)

:       1       0

ගුණසිරි Monday, 01 August 2016 06:46 AM

ශ්‍රී ලාංකීය දිරිය දුපුතුන්ට අපි ආදරෙයි ,ඔබව අපට අභිමානයක් , ලාංකීය දු දරුවන්ගේ මනස දුෂ්‍ය නොකර ධර්මයේ අග්‍ර කොටස උදුරා ඒ ඔස්සේ මෙහෙයවුවොත් ලෝකයට වැඩදායි තමාට ඵලදායි විශිෂ්ට නිර්මාණ බිහිකරනවා ..(රේ)

:       1       0

සේරම් Monday, 01 August 2016 09:51 AM

ගුරුකුලය යනු දැයේ දරුවන් සතුටින් ශිල්ප කරනා උතුම් පින් බිමකි , වත්මන් විදුහල්පතිතුමාගේ සාර්ථක මගපෙන්වීම යටතේ ගුරුදෙවිවරුන්ගේ අපරිමිත කැපවීම මත ගුරුකුලය දරුවන් දිනනවා නියතයි , සුභ පැතුම් ! (හේ)

:       1       0

නිරේෂ් Monday, 01 August 2016 01:50 PM

බොහොම සන්තෝසයි පුතේ. ඔයාලට සුබ පැතුම්..(රේ)

:       1       1

ආකාෂ් Wednesday, 03 August 2016 06:20 PM

ජයම පතමි ඔබ දෙපළටත් මගෙ පාසලටත්! (නි)

:       1       0

සෙනරත් Tuesday, 02 August 2016 03:19 AM

ඉදිරියේදී මෙයටත් වඩා හොද නිර්මාණ රටට , ලෝකයට ලබාදී ලෝකය ජයගන්න හැකිවේවා කියා ප්‍රාර්ථනය කරනවා (බ)

:       1       0

සරත් ගාල්ල Monday, 01 August 2016 03:10 PM

ඔබ දෙදෙනාට තවත් මෙවන් නවීන අදහස් පහළ වේවායි අපේ සුබ පැතුම් (බ)

:       1       0

සංජු Friday, 05 August 2016 10:23 AM

සුබ පැතුම් ඔබට ගුරුකුල පුතුනි (ම)

:       1       0

මාධවී Monday, 01 August 2016 03:29 PM

ලෝකේ දියුණු රටවල් ඉදිරියට ගිහින් තියෙන්නේ මේවගේ පර්යේෂණ හා නව සොයාගැනීම් හරහායි, ඔබල වගේ පුතුන් රටට මහත් ආඩම්බරයක්, සුබ පැතුම්!!! (බ)

:       1       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2274 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2155 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6060 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3522 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4213 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 482 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1928 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1700 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site