අතිත නියැන්ඩතාල් මානවයා අදින් වසර 130,000 ට පෙර ආභරණ පැළඳ බව තහවුරු වී ඇතැයි ක්‍රොඒෂියාවේ කැන්සාස් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පර්යේෂකයෝ පිරිසක් කියති.
ඔවුන් මේ බව තහවුරු කැරගෙන ඇත්තේ අදින් වසර 100ට පමණ පෙරාතුව කැණීමකින් හමුවූ උකුස්සන්ගේ අස්ථි හා නිය කොටස් කිහිපයක් විශ්ලේෂණය කරමිනි. සුදු වලිග උකුස්සා නමින් හැඳින්වෙන උකුස්සන් විශේෂයක අස්ථි කොටස් කිහිපයක් හා නිය කොටස් සොයා ගෙන ඇත්තේ වැවිලි කරුවකු විසිනි.
පර්යේෂණය සිදුකළ කණ්ඩායමේ ප්‍රධානී ඩේවිඩ් ෆ්‍රයර් පවසන්නේ මේ අවශේෂ අතර උකුස්සන්ගේ නිය කොටස් හතරක් හා අස්ථි කොටස් අටක් තිබූ බවයි. ඒවායේ පැහැදිලි කැපුම් සළකුණු දිස්වන බවත් වරින් වර ඔප දමා ඇති බවට ලක්ෂණ තිබෙන බවත් ඔහු පවසයි.
ඒ අනුව පර්යේෂකයන් පවසන්නේ මේ අතීත මානවයා විසින් ආභරණයක් ලෙස භාවිතා කළ අස්ථි කොටස කිහිපයක් බවයි. එය කර මාලයක් හෝ අතේ මැණික්කටුවට පැළඳි අත් පළඳනාවක් විය හැකියැයි ද ෆ්‍රයර් පවසයි.
මේ අස්ථි කොටස් කාල නිර්ණයේ දී පෙනී ගොස් ඇත්තේ ඒවා අදින් වසර 130,000ක් පමණ පැරණි බවයි.
2025 දෙසැම්බර් මස 16
93
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
896
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නියැන්ඩතාල් මුත්තාගේ ඇට මාලේ
දුමින්ද Tuesday, 24 March 2015 01:28 AM
විලාසිතා මාලවළලු එදත් අදත් ඉස්තරම්... (නි)