අතිත නියැන්ඩතාල් මානවයා අදින් වසර 130,000 ට පෙර ආභරණ පැළඳ බව තහවුරු වී ඇතැයි ක්‍රොඒෂියාවේ කැන්සාස් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පර්යේෂකයෝ පිරිසක් කියති.
ඔවුන් මේ බව තහවුරු කැරගෙන ඇත්තේ අදින් වසර 100ට පමණ පෙරාතුව කැණීමකින් හමුවූ උකුස්සන්ගේ අස්ථි හා නිය කොටස් කිහිපයක් විශ්ලේෂණය කරමිනි. සුදු වලිග උකුස්සා නමින් හැඳින්වෙන උකුස්සන් විශේෂයක අස්ථි කොටස් කිහිපයක් හා නිය කොටස් සොයා ගෙන ඇත්තේ වැවිලි කරුවකු විසිනි.
පර්යේෂණය සිදුකළ කණ්ඩායමේ ප්‍රධානී ඩේවිඩ් ෆ්‍රයර් පවසන්නේ මේ අවශේෂ අතර උකුස්සන්ගේ නිය කොටස් හතරක් හා අස්ථි කොටස් අටක් තිබූ බවයි. ඒවායේ පැහැදිලි කැපුම් සළකුණු දිස්වන බවත් වරින් වර ඔප දමා ඇති බවට ලක්ෂණ තිබෙන බවත් ඔහු පවසයි.
ඒ අනුව පර්යේෂකයන් පවසන්නේ මේ අතීත මානවයා විසින් ආභරණයක් ලෙස භාවිතා කළ අස්ථි කොටස කිහිපයක් බවයි. එය කර මාලයක් හෝ අතේ මැණික්කටුවට පැළඳි අත් පළඳනාවක් විය හැකියැයි ද ෆ්‍රයර් පවසයි.
මේ අස්ථි කොටස් කාල නිර්ණයේ දී පෙනී ගොස් ඇත්තේ ඒවා අදින් වසර 130,000ක් පමණ පැරණි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විලාසිතා මාලවළලු එදත් අදත් ඉස්තරම්... (නි)