IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


නොපෙනෙන ලොව ගැන කියන උපාංගයක්

(ගයාන් සූරියආරච්චි)

දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ට පොත්, පුවත්පත් කියැවීමට සහ තමා අවට පරිසරයේ ඇති උපකරණ පිළිබඳව විස්තර කරන උපාංගයක් තරුණ මෘදුකාංග ඉංජිනේරුවකු විසින් නිර්මාණය කරනු ලැබ තිබේ.

මෙම උපාංගය ‘ඔරාසි 2.0’ නමින් හැඳින්වෙන අතර ඇන්ඩ්‍රොයිඞ් ජංගම දුරකතනයක් හා සම්බන්ධ කළ යුතුය. එමගින් දුරකතන ඇමතුම්, එස්.එම්.එස්. කියවීම, ඊමේල්, එස්.එම්.එස් යැවීම, භාෂා පරිවර්තනය කිරීම ඇතුළු ක‍්‍රියාකාරකම් රැසක් සිදුකළ හැකිය.

මෙය ඇන්ඩ්‍රොයිඞ් දුරකතනය හා සම්බන්ධ කළ පසුව පරිශීලකයා විසින් කිසිඳු කාර්යයක් සිදුකිරීමට අවශ්‍ය නොවන අතර එහි යෙදුම් (සෙටිංග්ස්) ස්වංයක‍්‍රීයව මෙම උපාංගය මගින් පිහිටුවීම මෙහි ඇති විශේෂත්වයකි.

මහරගම, හබරකඩ පදිංචි ඔහු ඉසුරු සම්පත් ය. ඔහු නිර්මාණය පිළිබඳව අදහස් දැක්වූයේ මේ අයුරිනි.

‘‘ දෘෂ්‍යාබාධිත පුද්ගලයන් පත්තරයක, පොතක තිබෙන දෙයක් කියවන්නේ බ්‍රේල් ක‍්‍රමයට අනුවයි. එහෙත් හදිසි අනතුරුවලින් දෘෂ්‍යාබාධිත වන පුද්ගලයන්ට එය ඉගැනීමට කිසියම් කාලයක් ගතවීම නිසා ඔවුන් සමහරවිට කලකිරීමට ලක් වෙනවා.. මා මේ නිර්මාණය කරන්න හිතුවේ මගේ නෑදෑ වෙන කෙනකු හදිසි අනතුරකට ලක්වීම නිසා ඔහුගේ ඇස් පෙනීම නැතිවුණා. එතැනදී මා ඔහු මුහුණ දෙන ගැටළු සියල්ල දුටුවා. ඒ වෙනුවෙන් යම්තාක් දුරට හෝ විසඳුමක් ලබාදෙන්න පුළුවන්ද කියලා බලන්න තමයි මා මේ ව්‍යාපෘතිය ආරම්භ කළේ.’’

‘‘මේ උපාංගය පරිශීලනය කරන්න හරිම පහසුයි. දෘෂ්‍යාබාධිත අයකු මෙම ‘‘ඔරාසි’’ උපාංගය ඇන්ඩ්‍රොයිඞ් ජංගම දුරකතනයට සම්බන්ධ කිරීම පමණයි කළ යුත්තේ ඉන්පසුව එය ස්යංක‍්‍රීයව ස්ථාපිත වෙනවා. එමගින් එස්.එම්.එස්. යැවීම, දුරකතන ඇමැතුම්, එස්.එම්.එස්. කියැවීම, පොත්පත් කියවීම, අප අවට තිබෙන දෑ පිළිබඳව මෙම උපාංගය විස්තර කරනවා. ඊට අමතරව මෙමගින් භාෂා පරිවර්ථනය (උදා: චීන භාෂාවෙන් ඇති ලිපියක් ඉංග‍්‍රීසි භාෂාවෙන් පරිවර්ථනය කිරීම) කළ හැකිය. අපට පොතක් කියැවීමට අවශ්‍ය නම් මෙම උපකරණය පොතට මදක් ඉහළින් තබාගෙන එක බොත්තමක් තද කිරීමෙන් පමණක් සිදුකළ යුතුවෙනවා. ඉන්පසුව තත්ත්පර 3 කට අඩු කාලයකදී පොතෙහි පිටුව කියවීම සිදුකරනවා. මෙහිදී උපකරණය නොපිට අතට තැබුවද ස්වංක‍්‍රීයව උපකරණය කරකැවී ලිපිය කියවනවා.’’

 

‘‘වාහන ස්වයංක‍්‍රීයකරණ පද්ධති, මෝටර කළමනාකරණ පද්ධති, අනතුරු හඳුනාගැනීමේ පද්ධති, පුස්තකාල කළමනාකරණ පද්ධති ඇතුළු නිර්මාණ රාශියක් කරලා තියෙනවා. දැනට නොයෙකුත් විශ්විවිද්‍යාලවල මෙවැනි ව්‍යාපෘති සිදුකරනවා. එහෙත් අවසන් සම්පූර්ණ නිමැවුමක් දකින්නට ලැබෙන්නේ නෑ. මට වුවමනා වුණේ අවසන් නිෂ්පාදනයක් දක්වා මෙය රැගෙන යාමයි. මා සිතන්නේ එය මා සිදුකළා. ඔරාසි උපකරණය වර්ග දෙකකින් නිෂ්පාදනය කර තිබෙනවා. ‘ඔරාසි 2.0 2017’ සහ ‘ඔරාසි මිනි’ උපාංගයත් නිෂ්පාදනය කර තිබෙනවා. ‘ඔරාසි මිනි’ උපාංගය පොත්පත් කියවීම, පත්තර කියැවීම, විවිධ ලිපි කියැවීම වැනි සංකීර්ණ කටයුතු සඳහා නිර්මාණය කර තිබෙනවා.’’
 
“මේවන විට ‘ඩි‍්‍රස්ටී‍්‍රස් 2.0 ෆියුචර් X තරගයේ අවසාන නිර්මාණ 12 අතරට සහ එස්.එස්.12 ඒෂියා 2016 තරගයේ අවසන් නිර්මාණ 5 අතරටත් තේරීමට හැකිවුණා. අයි.අයි.ටී. හැක් තරගයෙන් ප‍්‍රථම ස්ථානයත්, ගෝලීය ශිෂ්‍ය ව්‍යවසාය සම්මාන තරගයෙන් දෙවැනි ස්ථානයත් දිනාගත්තා. අයි.අයි.ටී. කටින් ඒජ් 2016 තරගයෙන් දෙවැනි ස්ථානයත්, ජනශක්ති ඇපකන් චැලෙන්ජ් තරගයෙන් අවසන් 20 දෙනා අතරටත් ඇතුළත්වීමට හැකිවුණා. ‘දූතයා’ නමින් විශේෂිත පද්ධතියක් මා විසින් නිපදවූවා. එමගින් යම් කිසි අයකු පදවන මෝටර් රථය අනතුරකට ලක්වූ විගස මෝටර් රථය තුළ සිටියේ කවුද?, අවසාන වේගය, අනතුර සිදුවූයේ කොතැනද ඇතුළු අනතුරු පිළිබඳව තොරතුරු අප විසින් කළින් ඇතුළත් කර තිබෙන පොලිසිය, රෝහල, ගිලන්රථ වැනි සේවාවන්ට ක්ෂණිකව දැනුම්දීමක් කරනවා.’’

‘‘මේ දිනවල ඔරාසි හා සම්බන්ධ උපකරණ කීපයක පර්යේෂණ සිදුකරමින් පවතිනවා. මා මේවන විට පෞද්ගලික ආයතනයක් පවත්වාගෙන යනවා. එමෙන්ම පාරිභෝගිකයන් වෙනුවෙන් මෘදුකාංග නිපදවීමද මා විසින් සිදුකරනවා. එහෙත් ප‍්‍රධාන වශයෙන් පර්යේෂණ සහ සංවර්ධන ව්‍යාපෘති අප ආයතනය මගින් කරනු ලබනවා. මෙම ‘ඔරාසි’ නිර්මාණවල ඇති විශේෂත්වය නම් මෙහි යාවත්කාලීන කිරීම ස්වංක‍්‍රියව  වීමයි. එම නිසා මෙය පරිශීලකයාට එය ඉතා පහසුවක් වෙනවා.’’

‘‘මෙම නිර්මාණයේදී මගේ මවුපියන්ගෙන් විශාල සහයෝගයක් ලැබුණා. එමෙන්ම ගුහතාතන් පොරවි, ප‍්‍රසත්න පත්මනාතන් යන ගුරුවරුන්ගේ මඟ පෙන්වීම ඉමහත් අත්වැලක් වුණා. මේවන විට මා සමඟ අත්වැල් බඳගෙන සිටින ජනක් අමරසේන, නිපුනි පාරිස් යන සහෝදර නිර්මාණකරුවන්ටද ස්තූතිය පළකිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා.’’



අදහස් (0)

නොපෙනෙන ලොව ගැන කියන උපාංගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site