(ගයාන් සූරියආරච්චි)
තවත් දශක කීපයකින් සඳ මත දරුවන් උපදිනු ඇතැයි අභ්‍යවකාශ පිළිබඳ දැවැන්ත විද්‍යාඥයකු සඳහන් කර තිබේ.
ඒ 2050 වසර වන විට සඳමත පිහිටුවන ගම්මානයට පවුල් පිටින් පදිංචිය යාමත් සමඟය. යුරෝපා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තානාපති සහ ‘සඳ ගම්මානය’ යෝජනා ක‍්‍රමය ක‍්‍රියාත්මක කරන මහාචාර්ය බර්නාඩ් ෆොයින්ග් ඒ බව සඳහන් කළේ පසුගියදා පැවැති සමුළුවකදීය.
2030 වසර වන විට සඳමත ගම්මානය ස්ථාපිත කිරීමට අවශ්‍ය පුරෝගාමී විද්‍යාඥයන්, ඉංජිනේරුවන් සහ තාක්‍ෂණික ශිල්පීන් 10 දෙනකු පමණ සම්බන්ධ කරගැනේ. 2040 පමණ වන විට ඔවුන් 100 ක් දක්වා වැඩිකිරීමටත් බලාපොරොත්තු වන බව ඔහු පැවැසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අය සඳත් කනවා ෂුවර්...
සඳ මත පය තබල දශක 4ක් ඉවරයි මේ යන්නේ 5ස් වෙනි දශකය. මෙච්චර කාලෙකට ඔය පණ්ඩිතයෝ හඳේ මොනවද කරලා තියෙන්නේ? තව දශක 5කින් හඳේ ගම්මාන හදල ළමයින් උපද්දවන කතාව මහා විහිළුවක්.
ළමයෙක් හැදුවොත් ඉතින් අපේ කෙනෙක් තමයි.. ඔයා ඔහේ... මම මෙහේ.. සිරිපාල හඳේ....
දශක කීපයකින් සඳ අඳුරු කිරීමට සැලසුමක් කියලා දැම්ම නම් වැඩිය හොඳයි.
අපරාදේ ලංකාවේ කට්ටිය ගියානම් මෙලහකට ජනාවාස හදල දියුණු කරලා තියේවි.......
සඳ මත තවමත් කව්රුත් ගිහින් නැහැ.
අයියෝ හඳේ ජනාවාස ඉදි කළොත් ලංකාවේ පාර්ලිමේන්තුව වගේ වේවි. කොයි වෙලාවෙත් බොරුමනේ කියන්නේ...