IMG-LOGO

2024 මැයි මස 17 වන සිකුරාදා


දියවැඩියාව මර්දනයට පැලැස්තරයක් එයි

වේදනාකාරි ඉන්සියුලින් එන්නත වෙනුවට දියවැඩියා රෝගිනට වඩාත් හොඳින් ක්‍රියාත්මක වන ස්වයංක්‍රීය අලවනයක් හඳුන්වාදීමට ඇමෙරිකානු පර්යේෂණ කණ්ඩායමක් සමත්ව සිටියි.

එමගින් අවශ්‍ය අවස්ථාවේ දී පමණක් රුධිරයට ඉන්සියුලින් නිකුත් කරයි.

ඉතා කුඩා සහ සියුම්ව නිපදවා ඇති මේ උපකරණයට පුද්ගලයකුගේ රුධිරයේ ඇති සීනි ප්‍රමාණය හඳුනාගත හැකිවීම ද ඒ අනුව ස්වයංක්‍රීයව අවශ්‍ය මාත්‍රාව නිකුත් කිරීමට හැකිවීම ද විශේෂත්වයකි.

හතරැස් හැඩයක් ගන්නා මේ අලවනය හෙවත් පැලැස්තරය ඉදිකටු සියයකට වැඩි ප්‍රමාණයකින් සමන්විතය.

ලෝකය පුරා දියවැඩියා රෝගීන් ලක්ෂ 3870ක් මේ වනවිට හඳුනාගෙන සිටියි. 2035 වනවිට එම ප්‍රමාණය ලක්ෂ 5920ක් දක්වා වැඩිවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. පර්යේෂකයන් පවසන්නේ රුධිරයේ සීනි මට්ටම පාලනය කැරගැනීමට දිනපතා ඉන්සියුලින් එන්නත් කැර ගැනීම වේදනාකාරී මෙන් ම නිරවද්‍ය නොවූ ක්‍රමයක් බවයි.

නව සොයාගැනීමේ ඇති ඉතාමත් කුඩා ප්‍රමාණයේ ඉදිකටුවල අන්වීක්ෂීය ගබඩා ඒකක ලෙස ග්ලූකෝස් - සංවේදන එන්සයිම ඇත මේවා මගින් රුධිර ධාරාවේ ඇති සීනි ප්‍රමාණය ඉක්මවා ගිය විට වේගයෙන් ඉන්සියුලින් රුධිර ධාරාවට එක්කිරීම සිදුවෙයි. ඉන් සීනි මට්ටම පාලනය වෙයි.

මෙම පර්යේෂණ සම්බන්ධ තොරතුරු නැෂනල් ඇකඩමි ඔෆ් සයන්ස් හි පර්යේෂණ වාර්තා වල දක්වා ඇත. එම වාර්තාවේ දක්වා ඇත්තේ දැනට කරණ ලද පර්යේෂණ අනුව පැලැස්තරය සාර්ථක වී ඇතත් සෘජුව රෝගීන්ට හඳුන්වාදීමට පෙර එය තවදුරටත් සායනික පරීක්ෂණ සඳහා යොමුකළ යුතු බවයි.

මෙම පර්යේෂණයේ ප්‍රධානි ඇමරිකාවේ යූඑන්සි දියවැඩියා කාර්ය මධ්‍යස්ථානයේ ආචාර්ය ජෝන් බුස් පැවසුවේ වැරදි මාත්‍රාවක් ඉන්සියුලින් එන්නත් කිරීම මගින් අන්ධ බව ඇතිවීම, පාදවල දුර්වලතා ඇතිවීම වැනි සංකීර්ණ ගැටළු සහිත තත්වයන් හටගන්නා බවයි. සිනි මට්ටම පාලනය සඳහා සොයාගෙන ඇති නව පැලැස්තර දින කීපයක් භාවිතා කිරීමෙන් අනතුරුව ශරිරයෙන් මාරු කර යුතු බවද පර්යේෂණ කණ්ඩායම කියයි.



අදහස් (0)

දියවැඩියාව මර්දනයට පැලැස්තරයක් එයි

නන්දකුමාර Thursday, 12 May 2016 04:19 PM

ලංකාවේ තිබෙන පැණි බීම බොන්න එපා (කොකා කෝලා , ෆැන්ට ,මිරින්ඩා ස්ප්‍රයිට් ) 1977 පසුව තමා ඔය ලෙඩ ආවේ (බ)

:       0       0

සරත් Thursday, 25 June 2015 10:54 AM

ලංකාදීපයට තුති. මෙවැනි ලිපි පලකරනවට. මමත් දියවැඩියා රෝගියෙක්. අලුත් සොයාගැනීම් තියෙනවා නම් නැවත ලිපියකින් දන්වන්න. ස්තුතියි. (ර)

:       0       0

වාසුන්දර Monday, 27 July 2015 06:34 AM

මොනවා උනත් හොඳ ක්‍රමයක් මම දැකල තියෙනවා මම ඉන්න රටේ කුඩා ළමුන් වුනත් තනියම එන්නත් කර ගන්නවා. පුරුදු වෙලාමද කොහේදෝ ගානකුත් නැහැ. (බ)

:       0       0

මගලී ෆොන්සේකා Sunday, 26 July 2015 01:40 PM

ලංකාවේ අහිංසක අයට ඔය පැලැස්තරයක් ගන්න සල්ලි තියේද අනේ. පව්, දියවැඩියාවට ඉන්සියුලින් එක ගන්න බෙහෙත් පෙත්ත ගහගන්න සල්ලි නැහැ. කට ප්‍රවේසම් කර ගත්තොත් දියවැඩියාව සනීප කරගන්න පුළුවන් කෑමෙන් .අපේ අය කනවා හොදට බොනවා දොස්තරට බනිනවා දොස්තර පලි නැහැ. (නදී)

:       0       0

රූපවතී Thursday, 23 July 2015 04:06 PM

දිවග අලවන දෙයක් තියනවනම් කොපමණ හොඳද (බ)

:       0       0

ජගත් Monday, 27 July 2015 01:54 AM

මගලි ඔය කතාකරන්නේ කරුණු දන්නේ නැතුව දියවැඩියාව හැදෙන්නේ කට පරිස්සම් කර නොගැනීම නිසා නෙමි .හැදුනට පස්සේ නම් ඉතින් කට පරිස්සම් කරගන්න වෙනවා තමයි !(ම)

:       0       0

නිවන්තක Friday, 10 July 2015 11:48 PM

ඉතා හොඳ සොයාගැනීමක් (නි)

:       0       0

සනත් Friday, 10 July 2015 07:26 AM

නිමාෂා මමත් අනුරාධපුර. නමුත් ඔය කියන විදිහේ පාරම්පරික වෙදදුරන් අනුරාධපුරයේ නැහැ. පරිස්සමට හොයල බලන්න පාරම්පරික වෙදදුරන් කියල බොරුවට ප්‍රචාරය කරලා සල්ලි ගරන වෙදදුරන් ඉන්න රට මේක. (ස)

:       0       0

නිමාෂා Saturday, 27 June 2015 05:58 AM

බටහිර වෙදකමට අනුව හදවත් සැත්කම් වලට නිර්දේශකරනු ලැබ, නමුත් පසුව දේශීය වෙදකමට අනුව පැලැස්තර ක්‍රමයකින් හදවත් රෝග සාර්ථකව සුවකරන පාරම්පරික වෙදදුරන් අනුරාධපුරයේ, පොළොන්නරුවේ, ගම්පහ සහ ඔවුන්ගේ උපදෙස් මත නාවින්නේත් ඉන්නවා කියල දන්නවා. සොයා බැලුව නම් වටිනවා.(නදී)

:       0       0

පහන් Friday, 26 June 2015 05:50 AM

මෙය ඉතා සාර්ථක වැඩක් අධි රුධිර පීඩනට සහ අව රුධිර පීඩනයන්ටත් බෙහෙත් දෙන්නේ නැතුව පිටින් මොකක් හරි ගැජට් එකක් හදනවා නම් හොදයි .(ම)

:       0       0

තිලිණි Wednesday, 22 July 2015 04:02 AM

මම ගොඩක් සතුටු වෙනවා මේ ගැන. මම සුබ පතනවා. ඒ වගේම පාර්ථනා කරනවා ඉක්මනට සාර්තක වෙන්න කියලා. මොකද ඉන්සුලින් විදින එකට වඩා මේ ක්‍රමය විශිෂ්ටයි. (ර)

:       0       0

මගලී ෆොන්සේකා Tuesday, 28 July 2015 10:11 AM

ජගත් මම කියපු එක හොදට කියවන්න. මම කීවේ දියවැඩියාව සනීප කරනගන්න පුළුවන් කට පරිස්සම් කරගත්තොත් කියලා. ඒ කියන්නේ නිතරම කන්න හොද නැහැ තුන් වේල විතරයි. සීනි කන්නම හොඳ නැහැ බත් පාන් වගේ දේවල් අල, සීනි තියෙන දේවල්. බොන්න හොද නැහැ. කොච්චර බෙහෙත් බීවත් වැඩක් නැහැ ප්‍රවේසම් නැත්නම් (නදී)

:       0       0

ජේමිස් Monday, 29 February 2016 12:07 PM

සරත් සහ අනිකුත් අයට, මොන බෙහෙත් අලුතින් හැදුවත් තමන්ගේ බඩට දාන ආහාරවලින් පරිස්සන්වෙන්ට ඕනේ සහ ව්‍යායාම කරන්ට ඕන. (ර)

:       0       0

නිමාෂා Saturday, 11 July 2015 03:54 AM

සනත් ඔයා හොඳට බලන්න. නො.172 මාර්කට් පෙදෙස අනුරාධපුර. වෙදැදුරු ලියා පදිංචි අංකය 482. මම දන්නා විදිහට අනුරාධපුර මහාචාර්ය වෛද්‍යය රෝහල් ඒකකය සහ නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනය එකතුව කරන පර්යේෂණයක් තවමත් කෙරෙනවා. දැනට ඇති තොරතුරු අනුව සාර්ථක ක්‍රමවේදයක්. වේදමහතාගේ නම ගුනවර්දන. (නදී)

:       0       0

වසන්ජය Friday, 15 January 2016 09:53 PM

දියවැඩියාව සුවකළ නොහැක. කළහැක්කේ පාලනය කිරීම පමණි. මෙය ජාන මඟින් රැගෙන යන රෝගයක්. ඉහත කී සොයාගැනීම ගැන සතුටුවන අතර කණගාටුවක් දැනෙන්නේ දුප්පත් රටක් වන අපට මේවා නිතර මිලදී ගැනීමට හැකියාවක් තියේද යන්න ගැනයි. දියුණු රටවල දියවැඩියා රෝගීන්ට වෛද්‍ය හමුවීම්, බෙහෙත් ලේ බලන පටි, එම උපකරණය සහ එකෝ කොලෝර් ඊසීජී වැනි පරීක්ෂණ නොමිලයේ ලබා දෙනවා. (නි)

:       0       0

බමුණු Sunday, 02 August 2015 02:38 AM

මගලී ඔබේ කතාව හරියටම හරි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2275 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2157 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6061 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3523 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4213 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 740 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2277 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1955 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site