දියවැඩියාව රෝගීන් සංඛ්‍යාව වාර්තා ගත ලෙස ඉහළ යමින් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම ලොව ජනගහනයෙන් සෑම එකොලොස් දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියා රෝගය ඇති බවට නව සංඛ්‍යාලේකන තහවුරු කර තිබේ.

මෙම තත්ත්වය බහුලවම බලපා ඇත්තේ සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට ය . 1980 වසරේ වූ මිලියන 108 2014 වන මිලියන 422 දක්වා වැඩි වී ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. අධි රුධිර දියවැඩියාව වසරකට ජිවිත මිලියන 3.7ක් බිලි ගන්නා බව ද වාර්තා වෙයි. ඉන් 43%ක්ම වයස 70ට පෙර ජීවිතය අහිමි වුවන් බවට සදහන්ය.

එමෙන්ම මෙම තත්වය පාලනය කිරීමට පියවරක් නොගතහොත් ඉදිරියට මෙම තවත් බරපතල වනු ඇති බවට එම සංවිධානය පවසයි. එමෙන්ම දියවැඩියාව නිසා අන්ධ බව ඇති වෙයි. සෑම තුන් දෙනෙකුගෙන් එක් අයෙකු තරබාරු තත්ත්වයට පත්ව ඇති බව  කියැවේ. මෙම තත්ත්වයත් සමග දියවැඩියාවද වර්ධනය වෙන බවට කියති.

 දියවැඩියාව නිහඩ රෝගයක් බවත් එය අනුකම්පා විරහිත ගමනක් යන බවත් එම ගමන අප විසින් නැවැත්විය යුත් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත දොස්තර කෘග්  පවසයි.

ලොව අටවෙනි විශාලතම ඝාතකයා ලෙස දියවැඩියා රෝගය හදුන්වයි.