IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


තරු බිහිවන තිඹිරිගෙයක් සොයා ගනී

තාරකා විද්‍යාඥයන් විසින් දැවැන්ත තරු බිහිවන ප්‍රදේශයක් සොයාගෙන ඇතැයි වාර්තා වේ. ඉරාස් 16547-4247 ලෙස නම්කැර ඇති මේ ප්‍රදේශයේ ගෑස් උපදවමින් තරු බිහිවෙමින් පවතින බව නිරීක්ෂණය කළ හැකි වූ බව පර්යේෂකයෝ කියති. වේගයෙන් සංසරණය වන වායු වලා මෙතනෝල් අණුක මාර්ගයෙන් විමෝචනය වෙමින් තාරකා හා උප තාරකා බිහිවෙමින් පවතින බව ද පර්යේෂකයෝ පෙන්වාදෙති. මෙතනෝල් අණුක වායු විමෝචනයෙන් තරු බිහිවන ආකාරය නිරීක්ෂණය කළ හැකි වූ ප්‍රථම අවස්ථාව මෙය යැයි ද පැවසේ. කෙසේ වෙතත් මේ තත්ත්වය වැඩිදුර අධ්‍යයනය කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බව ද තාරකා විද්‍යාඥයෝ කියති.

පොකුරු වශයෙන් උපතලබමින් සිටින මේ තාරුකාවලට පෘථිවියේ සිට ආලෝක වර්ෂ 9500 ක දුරක් පවතින බව ද තහවුරු කැරගෙන ඇත. ඉබාරකි විශ්වවිද්‍යාලයේ ආචාර්ය අයා හිගුචි විසින් මෙහෙයවන ලද පර්යේෂණ කණ්ඩායම පවසන්නේ මෙහි අධි ඝනත්වයකින් යුතු තාරුකා උපත ලබමින් තිබෙන බවයි.



අදහස් (0)

තරු බිහිවන තිඹිරිගෙයක් සොයා ගනී

සුනිල් Wednesday, 01 April 2015 05:24 PM

විශිෂ්ට සොයාගැනීමක්. සාර්ථක වේවා! (නි)

:       0       0

අශෝක රළපනාව Thursday, 02 April 2015 08:27 AM

ඇත්තටම පුදුමයි. මට නම් අදහාගන්නත් බැහැ (නි)

:       0       0

ටෙනිසන් Saturday, 04 April 2015 07:03 PM

පුදුමාකාරයි! (නි)

:       0       0

කරුණාදාස Sunday, 05 April 2015 02:55 AM

ආශ්චර්යවත් පුවතක්

:       0       0

සොපී Thursday, 02 April 2015 09:36 AM

විශ්වයේ රහස් කෙතරම් විශ්මිතද ? (ම)

:       0       0

සරත් හෙට්ටි ආරච්චි Sunday, 05 April 2015 07:30 AM

අරවින්ද ගුණවර්ධනගේ අදහස් නිවරදියි (නදී)

:       0       0

සරත් හෙට්ටි ආරච්චි Sunday, 05 April 2015 07:30 AM

මම එකඟ අරවින්දගේ වසර 9500 කතාවට (නදී)

:       0       0

අරවින්ද ගුණවර්ධන Saturday, 04 April 2015 05:10 AM

ඒ කියන්නේ ඔය තරු බිහිවෙලා තියෙන්නේ මීට අවුරුදු 9500 කට කලින්? (නදී)

:       0       0

අරවින්ද ගුණවර්ධන Saturday, 04 April 2015 05:11 AM

එතකොට නිර්මාණ වාදයද ඉබේ ඇතිවීමද හරි? (නදී)

:       0       0

ඈන් Thursday, 02 April 2015 03:11 AM

විශ්වය අනන්තයි, විශ්මිතයි. එහි අවසානයක් දැකිය නොහැකිය. (ස)

:       0       0

ඉරා Saturday, 04 April 2015 06:25 AM

නිර්මාණ වාදයවත්, ඉබේ අැතීවීමවත් නෙවෙයි ඇත්ත, හැම දෙයක්ම සිද්දවෙන්නේ හේතු ඇතිව, හේතුව නැති කිරීමෙන් පලය නැතිවෙනවා. එකයි මේ විශ්ව සොබාවය. (ස)

:       0       0

හර්ෂ Sunday, 17 May 2015 03:38 AM

විශිෂ්ටයි (නි)

:       0       0

රොන් Friday, 03 April 2015 12:44 PM

තව ටිකක් කල්යනකොට එයාලා වෙන මොකක්හරි කියයිද දන්නෙ නැහැ (නි)

:       0       0

දුමින්ද Thursday, 02 April 2015 06:14 AM

අග්ගඤ්ඤ සුත්‍රයේ විශ්වය ගැන අද දකින ඇත්ත -දේශනා කර ඇත .(ම)

:       0       0

යසිරු Thursday, 02 April 2015 01:58 PM

අරුම පුදුම සොයාගැනීමක් (නි)

:       0       0

ප්‍රසන්න Friday, 03 April 2015 03:47 PM

ඔය වගේ දේවල් පෙනෙනවා දවලට නින්ද යනවිට .ඕව වැඩිය ගණන් ගන්න එපා. (ස)

:       0       0

මිතුන් නිලංජන Wednesday, 10 June 2015 06:17 PM

ඕවා ගැන දැන් කතාකළාට අප මහ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේවා වසර 2500කට එහා කාලයේදී (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 58 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site